සිත නිවී පහන් වෙන නිමිත්තක් පදවැල්වල අමුණලා..හරිම ශාන්ත බවක් එහි ගැබ් වී තිබෙනවා...
ලබන්නාවූ මේ වෙසක් අසිරියේ මෙවන් උදාර පිංකම් කොතෙකුත් දෙමව්පියන් විසින් මේ පිං බිම තුල පෙර පතා ආ විලසට ඉෂ්ඨ සිද්ධ කරනවා ඇද්ද??
තම කුසින් වදාපු දරුවා සසුනට බාර කරලා නිවන් පුර දොර හැර දෙන එක එහෙම ලෙහෙසියෙන් සාමාන්‍ය අම්මා කෙනෙකුට හිත හදාගෙන කරන්න පුලුවන් පහසු කටයුත්තක් නෙවෙයි.
ඒ අම්මත් සසර පුරා පිං එක් රැස් කරගෙන ඇති ඒ තැනට හිත නිවා ආශාවන් නිහීන කොට ගන්නට..
තෙරුවන් සරණයි සහෝදරීට මෙවන් වැඩදායී නිමිත්තක් නිර්මානයක් තුලින් අප අතර මෙසේ බෙදා දුන්නට....