මොනවද මචන්, බණ කියලා උබ නිර්වචනය කරන්නේ.. වෙසක් දවසේ මිනිස්සුන්ට හාමුදුරුවෝ බන කියන්නම ඕනද? මිනිස්සු බබ්බුද හාමුදුරුවෝ නොකිව්වොත් හරිවරැද්ද නොතේරෙන්න.. පිස්සු කතානේ බන්.. පන්සලට මිනිස්සු ගෙන්න ගන්න අරාබි නීති හදුන්වල දෙන එක බෞද්දකමද? පෝය දවසේ මම නම් කියන්නේ මිනිස්සු කැමතිනම් බොන්න කන්න ,නොයන්න, කැමති වැඩ කරන්න නිදහස තියෙන්න ඕනා.
මම කියන ඒව නෙවෙයි මචන් මේ. බුදුදහමේ කියල දෙන ඒවා. මම කියන ඒව කවුරුත් කරන්න ඕන නෑ. තමන්ට ඕන දේ කරනව නම් ඒකත් තමන්ටම තමා. කාටවත් ඒකෙන් ප්‍රශ්ණෙකුත් නෑ. නමුත් වක්‍රාකාරව හරි මිනිස්සු පන්සල් යන එක වැඩි වෙනව
වෙසක් පෝය දවසට පමණක් මේ දේවල් (දන්සැල්, තොරණ, බොදු ගීත වගේ ඒවා) නතර කලාම. නිති පන්සිල් පොහොය අටසිල් කියල කෙටියෙන් කියල තියෙන බවක් මම නම් දන්නෙ. පෝයටම බණ අහන්න අවශ්‍ය නෑ ඕන වෙලාවක අහන්න පුළුවන් තමන්ට. නමුත් පෝය දවස ඒකට වෙන් කරගෙන ඉන්න එක වටිනව. මොකද වෙන දවස් වලට ඕක කෙරෙනවට වඩා නොකෙරෙන්නයි සම්භාවිතාව වැඩි.
පෝය දවස විතරක් නෙවෙයි දවස් 365ම ජීවිත කාලෙම කාලා ඇඳලා ජොලි කරලා ඉන්න පුළුවන්. පින පව කියන දේ අනුව තමන්ගෙ සන්සාර ගමන තීරණය වෙනව. සැප දුක් තීරණය වෙනව. ඉතින් සැපට කැමති අය පින කරගනී. මේකෙන් නිදහස් වෙන්න කැමති අය සිල් ගුණදම් පුරයි. ගිහිගෙදර අයට ධර්මයේ හැසිරෙන්න මේකෙන් පොඩි හරි උදව්වක් වෙන බව මට නම් විශ්වාසයි. ඒ නිසා මේ වෙසක් පෝය දවසට විතරක් තොරණ පෙන්වන එක නතර කරන එකේ වැරැද්දට වඩා හොඳ දේ වැඩියි මම දකින ආකාරයට නම්. මේ එක්කම මිනිස්සු පන්සලට එකතු කරගන්නත් පිනක් කරගන්න දෙයක් කරන්න පුළුවන් නම් රට පුරාම, හරිම වටිනව. වෙසක් දවසට පහුවදා දන්සැල් තොරණ භක්තිගීත එහෙම අනිවාර්යෙන් තියෙන්නම ඕන.
