No level of ALCOHOL is safe for health

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Research
    https://www.thelancet.com/journals/...aEy8qIcPsaiKsljTNqDvIpfc7xJ1ekALZ-hX2AqU08KTM

    WHO
    https://www.who.int/europe/news/ite...Zmwi1QNxh2GVwC29tfFZW0Fc_bFB1kItuAfkjvBqJd4Xg

    “පොඩ්ඩක් බොන එක සෞඛ්‍යයට හොඳයි..”
    එහෙනම් පොඩ්ඩක් බිව්වට කමක් නැද්ද?
    මේක නිතර අපිට ඇහෙන කතාවක්. බොන්න පුරුදු වුණ අය නිතර කියන කතාවක්. බොන්නේ නැති අයවත් බීමට පොළඹවා ගන්න නිතර මේ කියමන භාවිතා වෙනවා. ඇත්තටම බොන එක සෞඛ්‍යයට හොඳයි ද? මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් පිරිසක් පර්යේෂණයක් කළා. ඔවුන් සිදු කළ මේ පර්යේෂණයේ වාර්තාව Lancet නම් ලෝ ප්‍රකට වෛද්‍ය සඟරාවේ පසුගිය දා ප්‍රකාශයට පත් වුණා.
    මේ පර්යේෂණය කළේ ලෝ ප්‍රකට විද්‍යාඥයන් 13 දෙනෙකු විසින්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ් අඩවියේ එය ‘No level of alcohol consumption is safe for our health’ මැයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එහි අරුත ‘ කිසිම මට්ටමක මධ්‍යසාර භාවිතයක් අපේ සෞඛ්‍යයට හිත කර නැත’ යන්නයි. මධ්‍යසාර ස්වල්පයක් බැගින් භාවිතා කිරීම පවා සෞඛ්‍යට ඉතා අනතුරු දායක බව දීර්ඝ කාලයක් පුරා රැස් කළ දත්ත මත පදනම්ව එම පර්යේෂකයින් කණ්ඩායම පෙන්වා දෙනවා.
    ....
    පිළිකා පර්යේෂණ පිලිබඳ අන්තර් ජාතික ඒජන්සිය විසින් මධ්‍යසාර ‘විෂක්’ ලෙස වර්ගීකරණය කර ඇති අතර අන්නස්‍රෝතය, අක්මාව, මහා බඩවැල ආදී ස්ථානයන්ගේ පිළිකා සහ පියයුරු පිළිකා ඇති කිරීමට ප්‍රධාන සාධකයක් ලෙස ක්‍රියා කරන බව දක්වා තිබෙනවා. මධ්‍යසාර භාවිතය නිසා පිළිකා වැළඳුනු නව රෝගීන් 740000 වැඩි පිරිසක් සෑම වසරක දී ම අළුතෙන් වාර්තා වෙනවා.
    ...
    ඒ අනුව ‘සුළු ප්‍රමාණ වලින් මධ්‍යසාර භාවිත කිරීම සෞඛ්‍යට හිතකර බව’ට සමාජය තුල පැතිරී ඇති මතය වෛද්‍ය විද්‍යාත්මකව ඛණ්ඩනය වී තිබේ. ඔබත් මධ්‍යසාර සුළුවෙන් හෝ භාවිතා කරන්නෙක් නම්, ඒ පිළිබඳ යලිත් වතාවක් සිතා බලන්න.
    මේ පර්යේෂණය පිළිබඳව අප දැනුම්වත් කළ විශේෂඥ වෛද්‍ය චාමර අතුකෝරල මහතා මෙත් සිතින් සිහිපත් කරමි.

    Copied:- අළුදෙණියේ සුබෝධි ස්වාමින් වහන්සේ පළකර තිබූ ලිපියකින්