Nokia X10 හා X20මෙහි විශේෂත්වයක් වන්නේ Nokia (HMD Global) විසින් ප්රථම වරට වසර 3 ක් OS Upgrade ලබාදීම සිදුකරන්නේ මෙම දුරකථන ද්විත්වය සඳහා වීමයි. මේවා Android 11 සමග පැමිණෙන අතර Android 12, 13 හා 14 දක්වා Upgrade වීමට නියමිතයි. තවත් විශේෂ සිදුවීමක් වන්නේ පසුගිය වසරේ Apple සමාගම සිදුකළා මෙන් මෙම දුරකථන සමගද චාජර් ලබා නොදීමට තීරණය කර තිබීමයි. (සමහරවිට මෙම චාජර් ලබා නොදීමේ තීරණය යුරෝපය සඳහා පමණක් විය හැක)
මෙම දුරකථන දෙකම බොහෝ සෙයින් එකිනෙකට සමානය. Qualcomm Snapdragon 480 5G (8nm) SoC මගින් බලගැන්වේ. (400 series වුණාට Low end chipset එකක් නොවේ ලු). GPU එක Adreno 619 බව සඳහන්. අඟල් 6.67 IPS LCD තිර මෙම මාදිලි දෙකෙහිම අන්තර්ගත වේ (Full HD+ punch hole).
බැටරි ධාරිතාවය 4500 mAh වන අතර 18W fast charging පහසුකම ලබාදී ඇත.
මාදිලි දෙකෙහි ප්රධානම වෙනස්කම ඇත්තේ කැමරා වල ය. X10 හි ප්රධාන කැමරාව 48MP හා ඉදිරිපස කැමරාව 8MP වන අතර X20 හි ප්රධාන කැමරාව 64MP හා ඉදිරිපස කැමරාව 32MP වේ (Carl Zeiss optics). මීට අමතරව මාදිලි ද්විත්වයෙහිම 5MP Ultra wide lense, 2MP Depth sensor හා 2MP Macro lense අන්තර්ගත වේ.
X10 මාදිලිය 64GB/6GB RAM, 128GB/4GB RAM, 128GB/6GB RAM වශයෙන් ලබන ජුනි මාසයේ සිට ද,
X20 මාදිලිය 128GB/6GB RAM සහ 128GB/8GB RAM වශයෙන් මැයි මාසයේ සිට ද මිලදී ගත හැකි වනු ඇති බව කියවේ.