NPP ප්‍රතිපල සහ නව ආණ්ඩු සංයුතිය

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    presidential election eken kiyanna amarui bn general eka gana...wenas wenna puluwan...

    dan NPP winning party eka kiyala dannawa minissu...

    ethakota RW ta deepu un godak denawa munta (unless they fuck up the things)

    mun kiyapu widihata wada deka thunak chande kittu karala karapuwama kohomath ithuru tika enawa...2/3k ei kiyala hithanne naa..but they have the files :rofl:

    they can get the shit done even if SJB or SLPP or UNP buggers elected to parliament :lol:
    හේදිලා යයි කියලා හිතපු උන් අන්තිමට දිනුම පොඩ්ඩෙන් මිස් උනා කියලා දැක්කාම මුන්ට සෙට් වෙන්නෙ නෑ බන්. අනික ගමට වැඩ කරපු උන්ට කොහොමත් ඡන්දේ දීපන් කියන සීන් එකෙය්නෙ ඉන්නෙ. ඉතින්ක් හිතන තරම් ලෙසි වෙන්නෙ නෙ. සුලුතර ආන්ඩුවක් තමා හැදෙන්නේ.
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360

    මචන් මම ඔය දේශපාලනේ සම්බන්දවනම් වැඩිය නෙමෙයි මොකුත් දාලම නැද්ද මන්දා..
    හැබැයි උබ ඔය කියපු දේට පොඩි දෙයක් දාන්න හිතුනා..
    මේ තාක් මැතකදි තිබුන හැම election එකකම වගේ presidential election එකට කිට්ටු result එකක් තමයි parliament election එකට ආවෙත් ..
    ඒ කාලය ඇතුලත මිනිස්සුන්ට තමන්ට පුද්ගලිකව දැනෙන දෙයක් ලැබුනොත් හැර ඇත්තටම වෙන්නේ ඔය මාලිමවට ආපු % එක තව අඩු වෙන එක,,මොකද ඔය toxic බඩ බැදගත්ත ජෙප්පෝ හැර බහුතරයක් ජන්දේ දුන්නේ ගෝටගේ ජන්ද ඒවා දුන්නේ අනුර කියන මනුස්සයට....
    හැබැයි parliament election එකේදී උන් අයෙත් තමන්ට හුරු පුරුදු ගමේ මන්ත්‍රීට ජන්දේ දෙනවා. මොකද ඔය JVP එකේ ඉන්න කීයෙන් කී දෙනාද තමන්ගේ ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රීව දන්නේ..හුරු පුරුදු මුණකට තමයි ජන්දේ දෙන්නේ..
    ඒක තමයි යථාර්තය.
    නිකමට බලපංකො සජිත්ගේ ජන්ද ගොඩ.ඒක දැක්ක ගමන් පේනවනේ.

    anyway දැන් ඔය පකේ politics ඇති..මෙන්නේ මේ පැත්තට වරෙල්ලා ඔක්කොම..
    https://elakiri.com/forums/new-artist-or-actor.14/

    මේ පැත්ත පාලුවට ගිහින්
    :p :p :p
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    ජෙප්පො විතරක් නෙමෙයි සජිත් ඉගෙන ගෙනත් නෑ. Flexible නැත්නම් ආණ්ඩුවක් කරන්න බැහැ . කරන්න පුලුවන් හොදම දේ නෙමෙයි . වෙලාව අනුව ගන්න පුලුවන් හොදම තීරණය තමයි ගන්න වෙන්නෙ ආණ්ඩු කරද්දි. හැබැයි දැන් ඉතිං දීපූ බලාපොරොත්තු අනුව නොකරත් බෑ.

    අනෙක රනිල්ට කිව්වෙත් හොරු එක්ක ඩීල් කියලනේ. ඒකයි හොරු අල්ලෙ නැත්තෙ කියලා . පොරට 2/3ක් හිටියේ නෑනේ . එතකොට අනුරට රෙද්දක් ඇදන් බහුතරයක් නැතිව හොරු අල්ලන්න බෑ කියලා කියන්න බැහැ
    Menna meka wennama one.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    අනුරට හිතන තරම් චන්ද එන්නේ නැත්තේ උගේ පාක්ෂිකයෝ ටොක්සික් නිසා.
    මේක නම් ඇත්ත. අනුර දිනන්නේ රටේ මිනිස්සු ගොඩක් ඌට ඡන්දෙ දෙන නිසා. ඒක තේරුම් ගන්න බැරි ගෝතයො සෙට් එකක් ඉන්නවා. එක සෙට් එකක් තමයි 2019 ගෝටට කඩේ ගිහින් දැන් මාලිමාවට කඩේ යන උන් ටික. උන් හිතන්නෙ උන් නිසා අනුර දිනනව, උන් හෙන බුද්ධිමත් මිනිස්සු නිසයි අනුරට ඡන්දෙ දෙන්නෙ කියලා . අනිත් සෙට් එක තමයි එදා ඉඳන් ජේවීපී සෙට් එක. උන් හිතන් ඉන්නේ අනුර උන්ට අයිතියි, අනුර කියන්නෙ උන්ගෙ දේපළක් කියලා. හරියටම ගත්තොත් එක වසරේ ඉඳන් ඉස්කෝලෙ ගියපු නිසා ඉස්කෝලෙ උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියල හිතන් රඟන OBA වල ඉන්න ගෝතයො වගේ.

    ඔය දෙගොල්ලොම හැසිරෙන විදිය දැක්කම ඡන්දෙ දෙන්න හිතන සමහර උන්ට කලකිරෙනවා. මොකද ඒ වගේ සෙට් එකක් වට කරන් ඉන්න තැනක වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි. ඒකත් එක්ක ගොඩක් මිනිස්සු, නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි කියල හිතන්න ගන්නවා. මේ පාර රනිල්ට ඡන්දෙ දුන්න ගොඩක් මිනිස්සු ඡන්දෙ දුන්නෙ ඕකුන් සෙට් එක ඇවිත් කරන වෙනස කොහොම එකක් වෙයිද කියල හිතාගන්න බැරි බය නිසා මොනව උනත් මේ යන විදියට ගියොත් ඒකත් ඇති කියල හිතලා. එහෙම නැතිව රනිල් සුද්දවන්තයා කියන අදහසින් නෙවෙයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හේදිලා යයි කියලා හිතපු උන් අන්තිමට දිනුම පොඩ්ඩෙන් මිස් උනා කියලා දැක්කාම මුන්ට සෙට් වෙන්නෙ නෑ බන්. අනික ගමට වැඩ කරපු උන්ට කොහොමත් ඡන්දේ දීපන් කියන සීන් එකෙය්නෙ ඉන්නෙ. ඉතින්ක් හිතන තරම් ලෙසි වෙන්නෙ නෙ. සුලුතර ආන්ඩුවක් තමා හැදෙන්නේ.

    api balamu
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    Wesakolla english class ekakatawat gihin grammar igena gena wara
    ලොල් ඔතට වැරැද්ද මුලින් පෙන්නපන්කො ජොබ්ලස් පොන්නයා. නැත්ත මුල්ලකට වෙලා හිට්පන්. 🤭 🤭
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    අනුරට හිතන තරම් චන්ද එන්නේ නැත්තේ උගේ පාක්ෂිකයෝ ටොක්සික් නිසා.
    මේකනං මං සැරටම දැක්ක.

    උන්ට ඡන්දෙ නොදීපු උන් මෝඩයොලු, හරි අධ්‍යාපනයක් නැති උන්ලු :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    මේක නම් ඇත්ත. අනුර දිනන්නේ රටේ මිනිස්සු ගොඩක් ඌට ඡන්දෙ දෙන නිසා. ඒක තේරුම් ගන්න බැරි ගෝතයො සෙට් එකක් ඉන්නවා. එක සෙට් එකක් තමයි 2019 ගෝටට කඩේ ගිහින් දැන් මාලිමාවට කඩේ යන උන් ටික. උන් හිතන්නෙ උන් නිසා අනුර දිනනව, උන් හෙන බුද්ධිමත් මිනිස්සු නිසයි අනුරට ඡන්දෙ දෙන්නෙ කියලා . අනිත් සෙට් එක තමයි එදා ඉඳන් ජේවීපී සෙට් එක. උන් හිතන් ඉන්නේ අනුර උන්ට අයිතියි, අනුර කියන්නෙ උන්ගෙ දේපළක් කියලා. හරියටම ගත්තොත් එක වසරේ ඉඳන් ඉස්කෝලෙ ගියපු නිසා ඉස්කෝලෙ උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියල හිතන් රඟන OBA වල ඉන්න ගෝතයො වගේ.

    ඔය දෙගොල්ලොම හැසිරෙන විදිය දැක්කම ඡන්දෙ දෙන්න හිතන සමහර උන්ට කලකිරෙනවා. මොකද ඒ වගේ සෙට් එකක් වට කරන් ඉන්න තැනක වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි. ඒකත් එක්ක ගොඩක් මිනිස්සු, නොදන්න දෙයියට වඩා දන්න යකා හොඳයි කියල හිතන්න ගන්නවා. මේ පාර රනිල්ට ඡන්දෙ දුන්න ගොඩක් මිනිස්සු ඡන්දෙ දුන්නෙ ඕකුන් සෙට් එක ඇවිත් කරන වෙනස කොහොම එකක් වෙයිද කියල හිතාගන්න බැරි බය නිසා මොනව උනත් මේ යන විදියට ගියොත් ඒකත් ඇති කියල හිතලා. එහෙම නැතිව රනිල් සුද්දවන්තයා කියන අදහසින් නෙවෙයි.
    රටේ මිනිස්සු එකතු කරන්න තරම් maturity එකක් තාම ජෙප්පන්ට නෑ. උන්ගෙ පොඩි උන් හෙන මොරාල් එකේ ඉන්නෙ. උන්ට රිටර්න් එක හම්බෙන්නෙ මහ මැතිවරනෙන්. ඕක හරියට උඹට කොච්චර උඹලගෙ ගෙදර උන් ගැන මල තිබ්බත් පිට එකෙක්ට වචනයක් කියන්න දෙන්නෙ නෑනේ. අන්න ඒ වගේ තමා.

    ලපයා පොඩ්ඩක් තේරුම් අරන් හැම එකාටම හොරා හොරා ගන්නෙ නැතුව පොඩ්ඩක් ශේප් එකේ ගේම ගහන් ගියොත් හරි, නැත්තන් ඉතින් මම කිව්වා වගේ සුලුතර ආන්ඩුවක් හරි, පක්ශ 2ක මැල්ලුමක් හරි සෙට් වෙයි.

    ඔය මොකෙන් උනත් අන්තිමට කෙල වෙන්නෙ රටට.

    මේකනං මං සැරටම දැක්ක.

    උන්ට ඡන්දෙ නොදීපු උන් මෝඩයොලු, හරි අධ්‍යාපනයක් නැති උන්ලු :lol:
    අඩෝ ඔව් බන්, උතුරේ/වතුකරේ උන්ට කියලා තිබ්බ ඔක්කොටම කලින් හොඳ education එකක් දෙන්න ඕනලු. ඕකත් හරියට 2019 ගෝටට නොදීපු උන් ඔක්කොම කොටි කිව්වා වගේ තමා.

    මේ හුත්තලාට ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නෑ. මිනිස්සු ඡන්දේ දෙන්නේ උන්ට අඩු දේවල් ගන්න මිසක් එක එකාගෙ හිතලු ඉටු කරන්න නෙවී.

    ------ Post added on Sep 23, 2024 at 11:36 AM
     
    • Love
    • Like
    Reactions: Thiefx and Identity

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඕක හරියට උඹට කොච්චර උඹලගෙ ගෙදර උන් ගැන මල තිබ්බත් පිට එකෙක්ට වචනයක් කියන්න දෙන්නෙ නෑනේ. අන්න ඒ වගේ තමා.
    ඔය කේස් එක දැනටත් පත්තු වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මුන් තවමත් වම අතාරින්නෙ නැති එක. ලඟදි ජපුරෙ කැම්පස් එකේ ගියපු වළියත් ඔහොමම තමයි. එක අතකට උන්ගෙ ලොජික් පට්ටම ලාමකයි. 88/ 89 කාලේ වධකාගාර වල ගියපු උන්, ආණ්ඩුවෙන් ටයර් සෑයේ පුච්චපු එකාගේ පුතා වගේ එකෙක් නම් ඌ හිතන්නේ ඌට ජේවීපී එකේ මුල පුටුවක් ඕන කියලා. එහෙම නැති උන් මොලේ නිසා උඩට එද්දී පරන කටු කාපු උන්ට මල පනිනවා. ඕවට වලිත් තියනවා. ඒ අස්සේ සමාජවාදේ හරි කියන උන් මොඩර්න් සෙට් එකත් එක්ක දාගෙන තියන වලිය. ඔය ඔක්කොම හන්ගගෙන හිටියේ සහ දැනටත් ඉන්නේ ඡන්දේ නිසා. බලය අරගෙන ඕක පත්තු වුනොත් සජබෙ උන් නෙවෙයි ජේවීපී එකට වැඩ කරන්න නොදෙන්නේ උන්ගෙම උන්. අනුරට මොලේ තියනව නම් දැන් කරන්න තියන හොඳම දේ තමයි ජේවීපී එක ජේවීපී කියල පැත්තකට කරලා මාලිමාව වෙනම පක්ෂයක් හැටියට ගෙනියන එක. ඕක එක පාරක් කරන්නත් හැදුව, වැඩේ අවුල් ගියා.

    ලපයා පොඩ්ඩක් තේරුම් අරන් හැම එකාටම හොරා හොරා ගන්නෙ නැතුව පොඩ්ඩක් ශේප් එකේ ගේම ගහන් ගියොත් හරි
    ඕවා ඔක්කොම popular පොලිටික්ස්. හැම එකාටම හොරා හොරා කිව්ව වගේ නෙවෙයි කරන්න ගියාම. කොහොමත් ඔය ඇමතිල සෙට් එක විතරක් නෙවෙයි හොරකම් කරන්නේ. රජයේ ආයතන හැම තැනකම පොඩි එකාගෙ ඉඳන් හොරකම තියෙන්නේ. එක දවසෙන් අළුත් ස්ටාෆ් එකක් රෙකෲට් කරන්න බෑ නේ බන්. කොහොමත් පරන විදියටම තමා යන්නේ. හැබැයි මිනිස්සුන්ට ඒකෙන් මූව එපා වෙන එක නම් වෙයි. මොකද දීපු බලාපොරොත්තුවයි යථාර්තයයි දෙකක් නිසා.

    වැඩිය ඕන නෑ මම ලඟදි UDA එකෙන් ඉඩමක වැඩකට ගියපු වෙලේ කෙලින්ම ඔෆිස් එකේ ඉඳපු ගෑණියෙක් කිව්වේ ඇපෲවල් එක ඉක්මනට ගන්න නම් ටිකක් වියදම් කරන්න වෙයි, මහත්තයා එලියෙ තියන ATM එකෙන් 25000ක් ගෙනත් දෙන්න වැඩේ අදම කරලා දෙන්නම් කියලා. පස්සේ තව ඇපෲවල් එකක් ඕන වෙලා මාසෙකට කලින් ඔෆිස් එකට ගියපු වෙලේ මේ ගෑණි හිටියේ නෑ. වෙන එකෙක් හිටියේ, ඌත් සල්ලි ගත්තා. ගන්න ගමන් කිව්වා මේ දවස් වල මේවා පොඩ්ඩක් පරිස්සමින් කරන්න වෙනව හරියට කම්ප්ලේන් කලින් ඉඳපු ගෑණිටත් පනිශ්මන්ට් ට්‍රාන්ස්ෆර් එකක් හම්බුනා කියලා. පනිශ්මන්ට් ට්‍රාන්ස්ෆර් තියෙන්නෙ ලන්කාවේ රජයේ සේවයේ විතරයි වෙන්නැති.

    තව දෙයක් තමයි 75 වසරක සාපය. මුන් කියනව වගේ අවුරුදු 75ක් තිස්සේ ඉඳපු හැම දේශපාලකයම මුකුත් කළේ නෑ කියනව නම් ඒක වැරදියි. අනික අවුරුදු 75කට කලින් අපේ රට හොඳට තිබ්බෙත් නෑ. සුද්ද හප කරලා, කොටවල ගියපු රටේ තමයි අපි තවමත් ජීවත් වෙන්නේ. සරලම උදාහරණේ ප්‍රේමදාස.කොයි තරම් ජරා මිනිහෙක් වුනත් ලන්කාවේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකක් තියෙන්නේ ඌ හදපු FTZ නිසා.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේ මාසෙ 30 වෙනකං පඩි ගෙවනවා නේ, තව සතියක් නාහෙන් අඬ අඬ හිටපන්ුන්ගෙ ආණ්ඩුව උන් බලාගනියි විපක්ෂෙකුත් ඉන්නවනේ
    හාමුගෙ තෙල් ගගා ඉඳපන් 30න් පස්සෙ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පාර්ලිමේන්තු මැතිවරණෙදි අණිවාර්යෙන් සන්ධානෙකට යන්න වෙයි. ගොඩක් දුරට රනිල් එක්ක යන ආණ්ඩුවක් ආවොත් පුදුම වෙන්න දේකුත් නෑ. ඒක මේ වෙලාවෙ ජේවීපී එකටත් වාසි වෙයි. මොකද ඉස්සර වගේ කෙල වෙන්න එද්දි සන්න්ධානෙ පිට දාලා ඇඟ බේරගන්නත් පුළුවන්.

    කොහොම වුනත් NPP එකට ඉස්සරහට යනව නම් පරණ මෝල් ජෙප්පො ටික හලන්නම වෙනවා. උන් ඇවිල්ල පුනරුත්තාපනය කරලවත් ගොඩ ගන්න පුළුවන් උන් නෙවෙයි. මමත් කාලයක් SYU එකේ ඉඳපු නිසා දන්න දේ තමයි, ඔය ගෝතයො ටික හැලුවෙ නැත්තන් ඉස්සරහට ලොකු clash එකක් වෙනවා. සරලම උදාහරණය තමයි යූනියන් ගේම ඉල්ලුවම දැන් උන් එක්ක පිකට් කරන කාලේ නෙවෙයි උන්ට වතුර ගහන කාලේ. මේ උදාහරණෙට අමතරව මතවාදීව තියන ගැටළු මීට වඩා වැඩියි. ඒ නිසා වැඩේ කරගත්තට පස්සේ උන්ට හිමින් සැරේ උන්ව හලලා අනාත කරන්න වෙනවා. හැලෙන ජෙප්පො ටික පෙරෙට්ටොන්ට එකතු කරගනින් කියලා උන්ට වම නියෝජනය කරන්න දීලා පාඩුවෙ ආණ්ඩුව නොකළොත් වෙන්නේ ලොකු විනාසයක්.
    ඔවු. පරණ ජෙප්පෝ එක්ක ආණ්ඩු කරන්න ගියොත් සෑහෙන්න ප්‍රශ්ණ එනවා. මිනිස්සු දෑන ගන්න ඕනේ චන්දෙන් මාලිමා එවුන් වෑඩිපුර යවන්න
     
    • Like
    Reactions: Thiefx