දැන් ඉන්න රාජ්‍ය සේවයේ ඇතැම් දූෂිත නිලධාරී වළලු තමන් ගැතිකම් කරන දේශපාලකයින්ගේ සම්බන්ධතාවයන් මත පරිපාලන කටයුතු කරයි, එසේ නම් එවැනි යාන්ත්‍රණයක් යටතේ NPP රජයක් පැමිණිය හොත් එකී නිලධාරීන් වයස 60 වන තෙක් විශ්‍රාම යාමකින් තොරව මෙම පරිපාලනයේ කුමන හෝ ස්ථානයක ස්ථානගතව සිටී, මෙලෙස ඇතැම් දූෂිත කඩාකප්පල්කාරී නිලධාරීන් සිටින විට NPP රජයක් බලාපොරොත්තු වන "යහපත මහජන සේවයක් රාජ්‍ය සේවකයාගෙන්" ලබා දිය හැකිද? තවද රාජ්‍ය සේවයේ සමස්ථය NPP දර්ශණයට පක්‍ෂ නොවන ඇතැම් නිලධාරීන්ද සිටින තත්වයක, මෙකී නිලධාරීන් අදටද පවතින, ආයතන අතර බෝලෙ පාස් කරමින් කරන කඹ ඇදීම් තීව්ර වෙනු ඇද්ද? මෙලෙස අක්‍රමිකතාවයන් වල යෙදෙන නිලධාරීනට vehicle permit වැනි මහජන මුදලින් වරප්‍රසාද ලබාදීම්, පනින රිළවුන්ට ඉනිමං බැඳීමක් නොවේද?

