කෙල්ලෙකුගේ ඔහොම වීඩියෝ එකක් ප්රසිද්ධ කරලා ගන්න ආතල් වලට රිටන් එද්දි නම් අඬන්න කඳුලුත් මදි වෙයි මෙව්වා කරන උන්ට. ඕකට අපි මෙතන මොනවා කිව්වත් වැඩක් නෑ. කෙල්ලගේ අකුසල් සංස්කාර නිසා ඒකි මේ වගේ හෙලුව පෙන්නන තැනට වැඩ සිද්ධ වෙනවා. ඉන් පස්සේ ඒ අකුසල් වල ප්රබල බව කියන්නේ ඒක මුලු රටක් ලෝකයක් දකිනවා. අර කෙල්ල තවම ඉගෙනගන්න වයසේ ඉද්දි.
දෙමාපියො සහෝදර සහෝදරියො කොහොමද ආයෙ සමාජෙට මූණදෙන්නේ තමන්ගේ දුව මෙහෙම රටක් ලෝකයක් ඉදිරියේ හෙලුව පෙන්නද්දි. කෙල්ල කොහොමද පාරෙ බැහැලා යන්නේ. ඔය කෙල්ල කසාදයක් කරගන්නේ කොහොමද. කවද හරි අම්ම කෙනෙක් වුනාම තමන්ගේ දරුවා මේ වීඩියෝ දැක්කාම කොහොමද ඒවට උත්තර දෙන්නේ.
මෙව්වා වෙබ්සයිට් වල ශෙයා කරලා ගන්න ආතල් බොහොම සුළු මොහොතයි මචන්ල. විඳවන්න වෙද්දි උඹලට හිතාගන්න බැරි වෙයි මෙහෙමත් විඳෝනවද උපන් සත්වයෝ කියලා. එදාට උඹලව බේරගන්න මෙව්වා බලලා ආතල් ගන්න උන්වත් මෙව්වා ශෙයා කරලා වීරයෝ වෙන උන්වත් නැහැ.
කලිසමේ සිප් එක වහද්දි අහවල් එක අහු වුනාම දැනෙන වේදනාවවත් තප්පර කීපෙකට දරාගන්න අමාරු උන්ට ඔය කරගන්න අකුසල් වල විපාක විඳවන්න වෙද්දි නම් ඉතින්...![]()
මේ වගේ දෙයක් කියවල බලලත් හැදෙන්න බැරි එවුන් ඉන්නවනං එහෙම එවුන්ව හදන්නම බහ බ්රෝ. විශේෂයෙන්ම ඔය ලින්ක් දීපන් ලින්ක් දීපන් ගාන එවුන්.




මුන්ට කිව්වට නම් වැඩක් නැහැ තමයි මචෝ. වීඩියෝ කරලා මේක නෙට් එකට දාන එකා තමයි මේකේ ප්රධානම සක්කිලියා. ඌ නිසා ජීවිතයක් අන්ත දුකකට වැටිලා කී දෙනෙක් නම් අන්ත අසරණ වෙනවද. කාගෙහරි හෙලුවක් වීඩියෝ කෙරුවා කියන්නෙම 100% ම ඕක රටක් ලෝකයක් දකින තැනට වැඩේ වෙන්න පුළුවන් කියන එක. ඩිලිට් කලා නෙවෙයි මොනවා කලත් ඕවා කොහෙන් හරි ලීක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. 

