1.colombo—-> Awissawella —> ginigathhena —> hatton —> nuwara eliya
මේ පාර ශේප්.
කරවනැල්ලට එනකල් දෙකට බෙදපු කාපට් පාර තියෙන්නේ, ස්මූත් එකේ එන්න තියෙන්නේ.
කරවනැල්ල ඉදන් හැටන් එකට සාමාන්‍ය කාපට් එක තියෙන්නේ, සමහර වංගු වල අර කාපට් එක වාහන වල රෝද වලට ගැටි හදුන ඒවා තියෙනවා, සමහර වංගු නම් කපලා අලුතෙන් ගහලා තියෙනවා. කොහොමත් කරවනැල්ල ඉදන් හැටන් එකට යන්න පුළුවන් සේෆ් ස්පීඩ් එකක් තියෙනවා ඒ ගානට ගියාම අව්ලක් නෑ..
ආයේ හැටන් එකේ ඉදන් දෙකට බෙදපු ස්මූත් කාපට් පාර.
ඔය පාරේ මග දිගට බලන්න කරන්න දේවල් එහෙම තියෙනවා, ඒවත් කවර් කරගෙන යන්න ලස්සන පාරක් (මග දේවල් ඕන නම් අහපන් එක පාර ඔක්කොම දෙන්නේ නෑ

)
** ඩයගමට හැරෙන හන්දිය පහු උනාම නුවරඑළි යන්න පාරවල් දෙකක් තියෙනවා. රදැල්ල ශෝට්කට් එක සහ පරණ පාර
වාහනේ ඇදිල්ලේ/හීට් වෙන ප්‍රශ්න තියෙනවා නම්, 5 ක් වගේ දාගෙන බරට යනවා නම් රදැල්ල ශෝට්කට් නොයා අනිත් පාරෙන් යන්න.
රදැල්ල ශෝට්කට් එකේ තද නැග්මක් තියෙනවා ඒකයි.
පාරවල් දෙකේම වෙලාවේ ලොකු වෙනසක් නෑ.. ඕන නම් විනාඩි 10 15 එහෙ මෙහෙ වෙයි
ගෙදර යනකොට රම්බොඩ හරහා ගම්පොලට ගිහින්
1. ගම්පොලින් හෙම්මාතගම හරහා මාවනැල්ලට දාලා යන්න පුළුවන්
2. ගම්පොල නාවලපිටිය හරහා ගිනිගත්හේනට දාලා ආපු පාරේම යන්න පුළුවන්.