Nuwara Eliye..

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    machanla Nuwara Eliye gihin balanna yanna hoda than tikak kiyapanko..
    ubalage experience than tikak..:yes:
    Haggala garden,Hortan Plains nathuwa..:sorry:
    tickets gannawanan ewa wala prices ehemath dapan..
    Nuwara Eliye podi jungle 1k :love::love: thiyanawa kiyala mn ahala thiyanawa eka gana danna unuth
    Galway's land national park eka hodada bn)
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hmm dark pool,strawberry farm,little england,thawa time tiyenawanan herritance tea factory hotel ekata yanna.eke pattama view ekak tiyenne.lunch eka aran enna puluwan.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,700
    12,737
    113
    සඳ තැන්න
    සීතා එළිය
    .. තව තියෙනව ..
    Bomburu ඇල්ල ..

    ආපහු බංගලාවට ඇවිල්ල ලෑස්ති වෙලා පිටත් උනා..අපේ ඊළඟ target එක උනේ අපේ හිතවත් අතුල අයියලාගේ ගෙදරට යන එක.ගෙවල් තියෙන්නෙ බොරලන්ද..ඒ නිසා අපි ඔහිය පාරෙන් එන්න පටන් ගත්ත..

    ඔහිය මහ එළිය පාර ලස්සනයි මම හිතන්නෙ පට්ටිපොළ පාරට වඩා.

    දිගටම මේ වගේ තමයි..


    කෙලින්ම අතුල අයියලාගේ ගෙදර..අපේ පොඩිම උන් ටික film එකක් බැලුව ,මම නං ටිකක් ඇල උනා.හවස් වෙලා නාන්න ගියා ගෙවල් ළඟ පීල්ලකට.වතුර පට්ට හීතලයි..!


    ඊට පස්සේ පිටත් උන town එක පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න.යන ගමන් අම්පිටිය පන්සලටත් ගොඩ උනා..


    අපේ set එක පන්සලේ..


    ඒ ළඟ තිබුන කන්දක නැග්ග තව හවස් වෙලා..ගොඩක් ඈත පේනව..මහ එළිය තැන්න වෙනකන්ම..


    ගොඩක් කට්ටිය මෙතනට ඇවිත් බාර හාර වෙනවලු..


    කොතන ගියත් මේක තමයි..ඔය ඈතින් පේන්නෙ රහන්ගල..


    එදා රෑ අපි ගියා අල වත්තක පැලක ටිකක් වෙලා ඉන්න.එකත් අපේ අතුල සහෝදරයගේම තමයි..පොඩි වෙලාවක් ඉඳල ඇවිල්ල නිදා ගත්ත කට්ටිය හොඳට.

    පැල් රකින අපේ set එක..


    ඊට පහුවදා උදේ පාන්දරම පිටත් උන lipton seat බලන්න..

    එළකිරියේ ගොඩක් යාළුවො දන්නවා ඇති lipton seat ගැන.ඒ නිසා එච්චර විස්තර කියන්න යන්නේ නෑ.හරි ලස්සන තැනක්..හපුතලේ ඉඳන් කිලෝමීටර් 12ක් විතර තියෙනව.ටිකක් විතර දුෂ්කර පාරක යන්න ඕන.

    දිගටම තේ වතු තමයි..


    lovely..!


    අපේ bike එකක් තමයි යන්නේ ...


    තේ වතු දිගේ...


    lipton seat එකට පහල පෙන හැටි..


    දඹේතැන්න වතු යාය..


    එතැනදී නියම රොටි ටිකකුයි වඩේ ටිකකුයි set උනා.අපේ set එකට එච්චර කන්න නං බෑ..


    උඹලම කියවපල්ල..


    welcome.!


    මම නං කැමති එහා පැත්තේ එක්කෙනාට..!


    අපි


    ටික වෙලාවකින් මීදුම ආව..වෙලාවට අපි කලින් ආවේ..


    ටික වෙලාවක් ඉඳල පිටත් උනා.එදාම ගෙවල් වලට එන්නත් තිබුන නිසා..


    good bye..!


    just click..


    The mist


    ඔය පාරේ උඩ හරියෙ තිත් දෙකක් වගේ පෙන්න අපේ අනික් bike දෙක.


    ආපහු කෙලින්ම අතුල අයියලාගේ ගෙදර ඇවිත් දවල්ට කෑම එක එහෙම ඔතාගෙන පිටත් උනා අපේ ගෙවල් වලට එන්න..

    අපි එන්න පිටත් උනේ ඔහියට ඇවිල්ල උඩවේරිය වත්ත හරහා තියෙන පාරෙ..ඇත්තටම ඒක ටිකක් විතර මෝඩ අදහසක් කියලත් හිතුන වෙලාවලුත් නැතුව නෙමෙයි..ඒත් අපි ලේසියෙන් අතාරින්නෙ නැති නිසා ගියා..පාරක් නං ඇත්තටම නෑ ගොඩක් තැන් වල.උඹලත් පලයල්ල..අනිවා යන්න ඕන පාරක් තමයි ඒ..ඒත් යනව නං ජීප් එකක් වගේ off road වාහනේක යනව නං හොඳයි..අනික මම හිතන්නෙ Honda DIO එකක් මුල් වතාවට වෙන්න ඇති මේ පාරෙ යන්න ඇත්තේ..

    හිතල ගත්ත එකක් නෙමෙයි..


    මෙතනින් තමයි හැරෙන්නෙ..


    ගොඩක් ඈතට පේනව..


    ඈතින් පේන්නෙ devil’s stair case..


    මෙතනින් එහාට තමයි සිරාම.!කියල වැඩක් නෑ.


    අතෑරලා දාපු tea factory එකක්..


    nice...


    ඇතින් පටියක් වගේ පේන්නෙ බදුල්ල කොළඹ ප්‍රධාන පාර..


    Devil’s stair case


    ටික දුරක් ඇවිල්ල වතුර පාරක් බලල නැවතුනා දවල්ට කන්න..


    අපි කාපු තැන.


    ගොනා සහ ගොනා..


    ඈතින් පේන්නෙ අපි ආපු පාර තමයි..


    අපිට තුන් පාරක් පාර වැරදුනා..


    Devil’s stair case


    WOW..!!


    මේ වෙනකොට හොඳ ගණන්..


    අන්තිම හරියේදී තමයි අපිට හොඳම ආතල් එක set උනේ.එක bike එකක patch එකක්..හොඳටම හවස් වෙලා..කොහොමහරි දහදුක් විඳලා අනික් bike වල ගිහිල්ල හල්දුම්මුල්ල town එකෙන් patch එකත් දාගෙන ගෙදර ආව දෙයියන්ගේ පිහිටෙන්..

    මෙතනින් පස්සේ ගොඩක් කළුවර වැටුන නිසා බඹරකන්ද දිය ඇල්ලේ photo එකක් ගන්නවත් පුළුවන් උනේ නෑ..

    අන්තිම photo එක..


    ඕක තමයි ඉතින් සිද්දිය..ඉතින් මේ ගමනට ආපු සජාන්.,මාධව(RP),අතුල අයිය,දිලීප(HK) සහ ලක්ෂාන්(Mr.B) ට ගොඩක් ස්තුතිවන්ත වෙනව..විශේෂයෙන් සජාන්ට සහ මාධවට.ඒ වගේම තමයි අපිට ගොඩක් සැලකුව අතුල අයියලාගේ අම්මටයි තාත්තටයි අතුල අයියගේ මල්ලිටයි ගොඩක් ස්තුති වන්ත වෙනව..අනික් අය තමයි අපිව මෙච්චර දුර අරන් ගිහින් පරිස්සමින් එක්කන් ආපු bike 3.උඹලටත් ගොඩක් ස්තුතියි...!

    මේවට කතා කරන්න පුළුවන් නං කියයි විඳපු දුක..


    මේක මෙච්චර වෙලා කියවපු උඹල හැමෝටමත් ස්තුතියි.මම මේක එච්චර විස්තර කරන්න ගියේ නෑ.නිකන් දිග්ගැස්සෙන නිසා..අනික ලොකු සීන් එකක් නැති නිසා.මොනව හරි දෙයක් මේකෙන් දැනගත්ත නං මට එච්චරයි.අඩුම ගානේ photo ටික හරි බැලුව නං..

    photo ටික එච්චර හොඳට වැදිලා නැතුව ඇති.එකට සමාවෙයල්ල..මම මේ ගමනේදී ඉගෙන ගත්ත දෙයක් තමයි kit lens එකෙන් හොඳ quality ගන්න බෑ කියන එක.ඒ නිසා මම හිතාගෙන ඉන්නෙ sigma 17-50mm f2.8 ex dc os hsm lens එකක් ගන්න.දන්න එකෙක් කියපල්ල එක ගන්නද එපාද කියල..මගේ තියෙන්නෙ nikon d5100 body එකක්. අනික් එක තමයි circular polarizer එකක් පාවිච්චි කරනව නං හොඳ එකක් ගන්න.නැත්තන් ගොඩක් soft වෙනව..මම පාවිච්චි කලේ hoya එකක්.



    හැමෝටම බුදු සරණයි..!දෙවි පිහිටයි..!
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සඳ තැන්න හෙවත් මූන් ප්ලේන්ස්. නුවර එලියේ ලේටස්ට්ම ඇට්‍රෑක්ශන් එක. ජීප් එකේ යන්න තියෙන්නේ. රු.2000යි ජීප් එක. 7කට යන්න පුළුවන්. ඇතුල් වීම රු.50යි.

    පිදුරුතලාගල. වාහනේ යතෑකී. බස් වලට යන්න බෑ. පොඩී කෝස්ටර් හෝ රෝසා නම් අවුලක් නෑ. බයික් වලට ත්‍රීවීල් වලට යන්නත් බෑ. වෙන ඕන වාහනේක උඩටම ගියතෑකී.

    සීතා කෝවිල. බදුල්ල පාරේ අයිනෙමයි තියෙන්නේ.

    ලවර්ස් ලිප්

    Aitken Spence ලාගේ හුලන් ටර්බයින්.

    අඹේවෙල ෆාර්ම් දෙකම බලන්න පුළුවන්.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    සඳ තැන්න හෙවත් මූන් ප්ලේන්ස්. නුවර එලියේ ලේටස්ට්ම ඇට්‍රෑක්ශන් එක. ජීප් එකේ යන්න තියෙන්නේ. රු.2000යි ජීප් එක. 7කට යන්න පුළුවන්. ඇතුල් වීම රු.50යි.

    පිදුරුතලාගල. වාහනේ යතෑකී. බස් වලට යන්න බෑ. පොඩී කෝස්ටර් හෝ රෝසා නම් අවුලක් නෑ. බයික් වලට ත්‍රීවීල් වලට යන්නත් බෑ. වෙන ඕන වාහනේක උඩටම ගියතෑකී.

    සීතා කෝවිල. බදුල්ල පාරේ අයිනෙමයි තියෙන්නේ.

    ලවර්ස් ලිප්

    Aitken Spence ලාගේ හුලන් ටර්බයින්.

    අඹේවෙල ෆාර්ම් දෙකම බලන්න පුළුවන්.
    sanda thanne camping puluwanda machan?