O/L පිළිතුරු පත‍්‍ර 5 ක් අතුරුදන්

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
O/L පිළිතුරු පත‍්‍ර 5 ක් අතුරුදන්

සාමාන්‍ය පෙළ පිළිතුරු පත‍්‍ර 5 ක් අතුරුදන්.

සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය විෂයෙහි ව්‍යුහගත රචනා උත්තර පත‍්‍ර 05 ක් අස්ථානගත වී ඇති බව ලංකා ගුරු සේවා සංගමය අද (04) අනාවරණය කළා. මෙලෙස අස්ථානගත වී ඇත්තේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානයක පිළිතුරු පත‍්‍ර 05ක්. අතුරුදන් වූ පිළිතුරු පත‍්‍ර අයත් සිසුන් ඔවුන්ගේ බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රවලට ඉහළ ලකුණු ලබාගෙන ඇති බවද ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

Voice:
Code:
http://www.hirunews.lk/Data/News_Audios/s24699_1.mp3



විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාරගෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය මේ පිළිබඳ විමසීමක් කළා. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට ද වාර්තා වී ඇති බවයි. ඒ පිළිබඳ සොයා බැලීමට විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් ශාඛාවට උපදෙස් දී ඇති බවද ඔහු කියා සිටියා.

මේ අතර, උසස් පෙළ ප‍්‍රතිඵල ගැටලූව පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක් වූ එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර, ප‍්‍රතිඵල සකස් කිරීමට යොදාගත් පරිගණක මෘදුකාංගය ගැටලූ සහගත එකක් බව කියා සිටියා.


voice :
Code:
http://www.hirunews.lk/Data/News_Audios/s24699_2.mp3


3idiots-sri-lanka-version-2011.jpg


 
Last edited: