Oba mee saNkeetaya dannavaada? - ඔබ මේ සංකේතය දන්නවාද?

vishva8kumara

Member
Feb 12, 2008
286
0
0
MEST Universe
Oba mee saNkeetaya dannavaada? - ඔබ මේ සංකේතය දන්නවාද?

Pentacle - පෙන්ටකල්

See: http://groups.google.com/group/magic-and-witchcraft-lk/web/Pentacle.pdf

එලකිරි වල කිහිප දෙනෙකුගේ avatar එකේ මේ සංකේතය දැකලා ඒ අයට PM කරලා මේකේ තේරුම දන්නවාද කියලා ඇහුවා. ඉන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම අනුව මේ සංකේතයේ අර්ථය සහ ඉතිහාසය ගැන ලිපියක් ලියන්න හිතුනා...
අර්ථය දැනගෙන හෝ නොදැන හෝ පාවිච්චි කලාට වරදක් නැහැ, කිසි තරහකුත් නැහැ, ඒත් තේරුම දන්න අයට ඔබ ගැන වැරදි වැටහීමක් ලැබෙනවා...


341px-Pentacle_on_white.svg.png


ස්වභාවධර්මය:
ඇපල් ගෙඩියක් හරස් අතට කපා බලන්න, එහි මැද ඇති ඇට පහ තරුවක ආකාරයට පිහිටා ඇත. සිකුරු ග්*රහයා පෘථිවියට සාපේක්ශව ගමන් කරන මාර්ගයේදී එක් වටයකදී පස් වතාවක් පෘථිවියට සමීප වේ. මෙසේ සමීප වන ස්ථාන පිලිවෙලින් යා කල විට පස් කොන් තරුවක් ලැබේ. (මගේ avatar එක සාදා ඇත්තේ සිකුරු ග්*රහයාගේ ගමන් මාර්ගය අනුවය.) පයිතගෝරියානු අනුගාමිකයන් මෙම පස් කොන් තරුවට වන්දනා කර ඇත.

20071005_a9fe7033_appl-cut-star.jpg

අර්ථය:
ඇපල් ගෙඩිය බුද්ධිය සහ රහස් දැනුම සංකේතවත් කරයි. තවද පස් කොන් තරුව දේවතාවියගේ සංකේතය වේ. වෘත්තයකින් වට කර ඇති පස් කොන් තරුව ආරක්ෂාව සඳහා භාවිතා කරන ශුද්ධ වූ සංකේතයකි. මෙම සංකේතයේ කොන් පහ පංච මහා භූතයන් වන පෘථිවිය, ජලය, වාතය, අග්නිය සහ ජීවය සංකේතවත් කරයි. මැද ඇති පංචාස්*රය ගර්භාශය සහ ආරක්ෂාව සංකේතවත් කරයි.

2828467168_4090223c2c_m.jpg

භාවිතය:
මෙය ආරක්ෂාව සඳහා භාවිතාවන සංකේතයක් ලෙසද, ආගම් කිහිපයකම සංකේතයක් ලෙසද භාවිතා වේ. අභිචාර විධි සඳහා පොලොවේ හුනු හෝ ලුනු වලින් ඇඳීම, කිනිස්සකින් හැඩය ඇඳීම, ලී, ඉටි, හෝ ලෝහ වලින් හැඩය සකසා ගැනීම, හෝ රිදී, රත්*රන් වලින් සාදා ආභරණයක් ලෙස පැලඳීම සිදු කරයි.

ඉතිහාසය:
පුරාණ එංගලන්තයේ සහ ඊජිප්තුවේ කෝර් හෝ කාරා යන නම් වලින් වන්දනා වූ දේවතාවියගේ සංකේතයද මෙයයි.

ඉන් බොහෝ කලකට පසුව පයිතගරස් සහ ඔහුගේ අනුගාමිකයන් අතර එකිනෙකා හඳුනා ගැනීමේ රහසිගත සංකේතයක් ලෙසද මෙය භාවිතා විය.

මුල් කාලීන කිතු දහමේ ක්*රිස්තූන්ගේ තුවාල පහ සංකේතවත් කිරීමට පස් කොන් තරුව භාවිතා විය. දෙහිවල සාන්ත මේරි දේවස්ථානයේද ඉදිරිපස වහලයේ කුරුසයට පහලින් පස් කොන් තරුවක් දක්නට ඇත. හොඳින් පරීක්ෂා කර බැලුවොත් පෙනේවි.

නමුත් මධ්*ය කාලීන යුගයේ (ක්*රි.ව. 1600 පමණ) යුරෝපයේ සිදුවූ Witch Hunt සිදු වීම් සමඟ මෙම සංකේතය යක්ශයාගේ සංකේතයක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේය.

අද භාවිතා වන කාඩ් කුට්ටමේ මූලාකෘතිය වූ Tarot කාඩ් වල Pentacles නමින් වංශයක් ඇත. කාඩ් කුට්ටමේ Diamonds වංශය ලෙස වෙනස් වූයේ Tarot කාඩ් වල Pentacles වංශයයි.

1950 දී පමණ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් විකා දහම ප්*රති සංස්කරණය කිරීමේදී විකා දහමේ සංකේතය ලෙස කාරා දේවතාවියගේ සංකේතය වන පස් කොන් තරුව (වෘත්තයක් තුල) යොදා ගන්නා ලදී.

1970 දී පමන ඇන්ටනී ල වේ විසින් Satanism ආගමක් ලෙස පිහිටුවීමේදී උඩු යටිකුරු කල පස් කොන් තරුව සහ එය තුල එළු හිස යොදාගන්නා ලදී. එලු හිස බැෆොමැට් නම් රාක්ශ ස්වරූපී සත්වයා ට අයත් වේ. බැෆොමැට් යනු බැෆේ සහ මෙටිස් නම් ග්*රීක වදන් දෙකෙන් සෑදුන වදනකි. මෙහි අර්ථය වන්නේ "දැනුම අවෂෝශනය කර ගැනීම"යි.

2007 වර්ශයේදී Pentacle සංකේතය "විකා අනුගාමික" ඇමරිකානු යුධ හමුදා සෙබල සොහොන් කොත් සඳහා "නිල ආගමික සංකේතය" ලෙස පිලි ගෙන ඇත.
 
Last edited:

vishva8kumara

Member
Feb 12, 2008
286
0
0
MEST Universe
ඊයේ රෑ නිදිමතේ පින්තූර එකක්වත් දාන්න බැරි වුනානේ! ඔන්න පින්තූර ටික දැම්මා.
koTU - koTU peenavaanam obee unicode naetiya. PDF eka baagena balanna puluvan.
 

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
vishva8kumara said:
Oh yes, but I couldn't find much info about that connection to write in Sinhala.

BTW... :lol: How can we call "Metal Rock" in Sinhala :lol:
:lol::lol::lol: I dunno! See n a Eng-Sin dic! hehehe
 

eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    A good thread bro ! never knew these information.... specially the origin of that sign of Antichrists. I'm not an antichrist but was little curious about it's history :)

    Thanks again :) wish to see more interesting articles from you :)