අපේ ස්ලාවොයි ජිජැක් නිතර කියන කතාවක් තියෙනව. මේක ෆ්‍රොයිඩ් තමන්ගෙ රෝගියෙක් දැකපු හීනයක් ගැන ලියපු ක්ලිනිකල් සටහනකින් එන්නෙ.
අදාළ රෝගියා මැදිවියෙ පියෙක්. මිනිහගෙ ලාබාල පුතා ලෙඩින් ඉඳලා මැරෙනවා. පුතා ලෙඩින් ඉන්නතාක් එයා ළඟ තනි රැකපු පියා පුතා මලාට පස්සෙ කාමරේ දොර අඩවල් කරලා මිනියට එහා කාමරේ නිදාගන්නවා.
නින්දේදී මිනිහා හීනයක් දකිනවා—තමන්ගේ පුතා ඇවිත් අතින් ඇදලා මෙහෙම කියනව "තාත්තේ මම ගිනිගන්නවා පේන්නේ නැද්ද?". මේ හීනෙ නිසා මිනිහා ඇහැරෙනවා. ඇහැරිලා බලනකොට එයා දකිනවා තමන්ගේ පුතාගේ දේහය ළඟ තිබුණු ඉටිපන්දමක් වැටිලා මිනියේ ඇඳුම් ගිනිගන්නවා.
දැන් ඔය කේස් එක ගැන පොප් සයිකොලොජි පැහැදිලි කිරීම මේකයි:
නිදි අතරෙදි එහා කාමරයෙන් පිළිස්සෙන ගඳ දැනුනම පියා කරන්නේ මේ ගඳ ඇතුලත් කරලා සිහිනයක් හදාගන්නවා නින්ද දික්කරගන්න. මේක අපිටත් ඕනෙ තරම් වෙලා තියෙන දෙයක් නේ. මේ සම්මත තේරුම් ගැනීමට අනුව පියා ඇහැරෙන්නෙ පිළිස්සෙන ගඳ යම් මට්ටමකට වඩා තීව්‍ර උනහම.
ස්ලාවොයි ඔය විග්‍රහය සාහිත්‍යමය විදිහට අනිත් පැත්ත ගහනව:
එයා යෝජනා කරන්නෙ ඔතන වෙන්නේ ඕකම නෙමෙයි කියල. වෙන්නේ, නින්ද දිගටම පවත්වාගන්න යන්න අර පිළිස්සෙන ගඳ අන්තර්ගත කරල මොළයෙන් සපයල හදාගන්න සිහිනය තුල හැදෙන "දෙවනි යතාර්ථය" "එළියෙ යතාර්ථයට" වඩා භයානක වෙන එක. සිහිනය තුල දකින පුතා මඟින් පියා අත්විඳින වරදකාරී හැඟීම (දරුවෙක් තරුණ වයසෙන් මැරුණම ඒක තමන්ගේ අතපසුවීමක් විදිහට පියෙක්ට එන ගිල්ට් එක) එළියේ පිච්චෙන ගඳකට වඩා භයානකයි. ඒ නිසා පියා ඇහැරෙන්නේ එලියෙ යථාර්ථයෙ යම් ස්ටිමියුලස් එකකට නෙමේ, ඒකෙන් පලායන්න මනසින් හදාගත්ත ඉමෝෂනල් යථාර්ථය එලියෙ එකට වඩා ෆුල් සීරියස් උන නිසා (දරාගන්න බැරි පශ්චාත්තාපය).
බංකොලොත් වුනාම එයින් මිදෙන්න ටික දවසක් ක්‍රිකට් බලලා සිහින දකින්න පුළුවන්. නමුත් ක්‍රිකට් ඇතුලේ අපිට හම්බෙන්නෙත් ඒ මැසේජ් එකම සමහරවිට ඊට වඩා දරුණු විදිහට. අපි ක්‍රිකට් වලින් ඇහැරෙන්නෙත් "ඒක අරූගේ වරද, මුගේ වරද" වගේ ඩිනයල් ක්‍රම එක්ක. අපි යතාර්ථය හෝ සිහිනය දෙකෙන් එකක්වත් එක්ක සාර්ථකව ඩීල් කරන්නේ නෑ.
එකකින් පැනල ගිහින් තව හීනයක් හෝ යතාර්ථයක් හොයාගන්නවා. බංකොලොත් උනෙත් මීට වෙනස් විදිහකට නෙමේනෙ.