ODEL Mall

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    මෙරට ඇඟලුම් හා විලාසිතාකරණයේ පුරෝගාමියෙකු වන ඔඩෙල්, දැවැන්ත මුලපිරීමකට අත ගසා තිබේ. ඒ වර්ග අඩි 645,000 ක වපසරියකින් යුතු ODEL Mall සංකීරණයයි.

    මෙය හුදෙක් ඇඟලුම් විලාසිතාගාරයකට පමණක් සීමා වන්නක් නොවේ. අවන්හල්, සිනමා ශාලා, Food Court, අතිසුඛෝපභෝගී නේවාසික මහල් නිවාස (Premium Apartments) යනාදියගෙන් මෙම සංකීර්ණය සන්නද්ධ වන බව ඔඩෙල් විසින් එළිදක්වන ලද නවතම වීඩියෝවකින් අනාවරණය කර සිටී.

    2019 වසරේ දී මෙම සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.

    මෙරට ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික්, ඔඩෙල් හි හිමිකාරීත්වය දරනු ලබන ප්‍රධාන කොටස් හිමියා වේ.

    2019 දී එළිදැක්වීමට නියමිත ODEL Mall සංකීරණයේ සැලසුම ඇතුළත් වීඩියෝව පහතින් නැරඹිය හැකිය.


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    එල නියමයි.. මේ වගේ මාල් හැදෙන්න ඕන විදේශිකයෝ රටට ගෙන්න ගන්න නම්.. :)