මට නම් ඔය මගුල අප්පිරියයි. leave උනා group එකෙන්. පට්ට මෝඩ පොඩි එවුන් ටිකක් brainwash වෙලා විකාර කියවනව. නිකමට හිතල බලපන් facebook group එකෙම ලක්ශගානක් ඉන්නවා. ඔක්කොමල ඔන්ටපාලුවො කියල කියන්නෙ. ඒත් වාහන ගත්තෙ කීදෙනාද? වැඩිම උනොත් 20ක් ඇති. හැබයි හැම එකාම ඉන්නෙ I8 scene එකේ. බලපන්කො ඔය CHR වලට කරල තියන විනාසේ. උන්ගේ මානසික මට්ටම පේනව ඒකෙන්ම. මෙලෝ අද්යාපනයක් නැති සමාජ ආශ්රයක් නැති පොඩි කොල්ලොන්ට එක පාර සල්ලි ටිකක් හම්බ උන ගමන් උන් හිතන්නෙ ඔන්ටපනර් කියල. උන්ට තෙරෙන්නෙ නෑ stable නෑ කියල. ඉතින් lease දාල හරි ගන්නෙ Audi. බලපන්කො හද්ද පරන උනත් Audi BMW ම ඕන, නැත්තම් showoff බෑනේ. උන්ගේ මානසිකත්වය හදල තියෙන්නෙ එහෙම.
මන් මේක කිවුවේ වෙන මොකුත් නිසා නෙමෙයි. බොරු මතයක් හැදීගෙන යනවා දවසෙන් දෙකෙන් කෝටිපතියො වෙන්න පුලුවන්. ඉගන ගන්න ඕන නෑ, අපේ ඩ්රොප්සිපින් කෝස් එක කරන්න කියල.
ඕකේ ඇත්තටම හම්බ කරපු දහ දෙනෙක් විතර ඉන්නව, උන්ට ඒක අදාල නෑ.