ඕකෙ ස්පෙක් එක බලන්න. හොන්ඩ එකෙන්ම රෙකමන්ඩ් කරපු ඔයිල් ග්‍රේඩ් එකක් ඇති.
මිනරල් ද ? සින්තටික් ද කියලත් ඇති. බ්‍රෑන්ඩ් එක අදාල නෑ, ඒ ග්‍රේඩ් එකෙන් දාන්න.
ගොඩක් ෆිට්, වෙසෙල් වලට දාන්නෙ ටොයොටා කම්පැනි ඔයිල් එක, 0W/20 එක
ඕවට එනව ඇත්තෙ ටිකක් තුනී ඔයිල් එකක්. 5W/30 හෝ 10W/40 වගෙ එකක්, ස්පෙක් එකේ ඇති.
මෙහෙ ඉතින් පදම් උන වාහන වලට අදාල ග්‍රේඩ් එකට වඩා තික් ඔයිල් දානව.
තව එක්ස්ට්‍රීම් කන්ඩිශන් වල දුවන වාහන වලට්ත්( dirt track, heavy load) රෙකමන්ඩ් කරපු ඔයිල් ග්‍රේඩ් එකට වඩා ගනකම් ඔයිල් දාන්න කියල කියනව.
වැඩි උශ්නත්වෙට අදාල එකක්.
හැබැයි ස්පෙක් වල නන් එහෙම එකක් දැකල නෑ.
අනික 80K කියන්නෙ ගෙවිච්ච එන්ජිමක් නෙවෙයිනෙ.( වාහන වලට සපේශව )