පෙර දිනයක මා පෙම් කළ ලබැදිය
දුටු විට සිහි වෙයි ඒ බොළඳ විය
සෙනෙහෙන් මුකුළු පෑ සුරලිය
ඔබට මතකද ගස ඒ අරලිය
දෙඇසින් කියු කතා
සුන් කර සිතා මතා
ගියේ ඔබ පෙමක් පතා
නොහැඬුවෙමි නාරි ලතා
අද ඔබ සුසුම් සලයි
නලළත දහදියෙන් තෙමෙයි
දෙඅතින් අල්ලා ළමයි
මා දැක ඉවත බලයි ...
දුටු විට සිහි වෙයි ඒ බොළඳ විය
සෙනෙහෙන් මුකුළු පෑ සුරලිය
ඔබට මතකද ගස ඒ අරලිය
දෙඇසින් කියු කතා
සුන් කර සිතා මතා
ගියේ ඔබ පෙමක් පතා
නොහැඬුවෙමි නාරි ලතා
අද ඔබ සුසුම් සලයි
නලළත දහදියෙන් තෙමෙයි
දෙඅතින් අල්ලා ළමයි
මා දැක ඉවත බලයි ...
Last edited:
