One & Only මාස්ටර් - ප්‍රේමසිරි කේමදාස

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    One & Only මාස්ටර් - ප්‍රේමසිරි කේමදාස

    16969765effc5c1e38ece6a898f1bc5a6bf09dac.jpg


    විශිෂ්ටයන් අතර සුවිශිෂ්ටයෙක්, නාද රටා මවන්නන් අතර නිම්නාද සුමැවුම්කරුවෙක්, නොමිනිසුන් අතර මිනිසෙක්.........

    මේ සකලවිධ ගුණාංග එකමිටකට තුරුල් කරන් ජීවිත යාත්‍රාවේ උඩුගං බලා ගිය සුදක්ෂ ගාන්ධර්වයා වෙන කවුරුවත් නෙමෙයි, ඒ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයි.

    සිංහල අක්ෂර මාලාවෙ වර්ණයන් 60 ඇතුළෙ ප්‍රේමසිරි කේමදාස කියන සිරා බුලට් එකේ ගුණ වැනීම හරිම අසීරුයි. වෙලාවකදි හැකියාවෙ ඉස්මුදුනටම ගිහින් ‘ගොළු හදවතට’ තේමා නාද රටා එකතු කරන මොහු මොහොතකින් අපිව ගොළු කරනව. වචන ගළපාගන්න බැරි තරමටම අපි එහි ගිලෙනවා. ඒ තරම් කර්ණරසායන නාද රටාවක් තවත් කොහෙන්නම් හොයන්නද..?

    දේශීය සංගීතය වගේම විශ්ව සංගීතයෙන් නිවැරදි සප්ත ස්වර තුඬින් තුඬ පිරිමැද්ද කේමදාස ඉපදෙන්නෙ 1937 ජනවාරි 25 වැනිදා.

    ඒ වාද්දුවෙ තල්පිටියෙදි. නවදෙනෙක් හිටිය පවුලෙ බාල දරුව වුණ කේමදාස, ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නෙ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන්. නොවිඳිනා දුක් විඳලා සමාජ තක්සලාවෙන් දැනුම් මණ්ඩපය පුළුල් කරගත්ත අපේ සිරා බුලට් එක පුංචි කාලෙ ඉඳලම සංගීතයට විශේෂ ඇල්මක් දක්වනවා.

    කාලෙත් එක්ක සංගීතයෙ එක් එක් පැතිකඩ සියුම්ව ග්‍රහණය කරගන්න කේමදාස ‘ස්වයං අධ්‍යනයකින්’ කලාකෙත දිහාවට බැල්මක් යොමු කරනවා. මොහු ක්ෂෙත්‍රයට පිවිසෙන අවධියෙදි ලංකාවෙ මුල්බැසගෙන තිබුණෙ ‘ඉන්දියානු ආභාසය සපිරුණ’ සංගීතයයි. ඒ සම්ප්‍රදාය දේශිය අයුරින් නැවුම් විදියට වෙනස් කරන්නෙ කේමදාස මහතායි.

    සිනමා සංගීතය’ පුරාවට ජය කෙහෙළි නංවන තම ආධිපත්‍ය සනිටුහන් කරන මොහු සිරිසේන විමලවීරගේ ‘රොඩී කෙල්ල’ චිත්‍රපටයෙන් තමන්ගෙ ප්‍රතිභාව ඔප් නංවනවා. පසු කාලෙකදි ‘හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා’ හැටියට සම්මාන පිට සම්මාන දිනාගන්නත් කේමදාස මාස්ටර්ට හැකිවෙනවා.

    කියන දේ කරන - කියන දේ මුහුණටම කියන ගුණාංගයක් තිබුණ මොහුව අප හඳුනා ගන්නෙ මාස්ටර් කියන නමින්. පතුරු යන්න කාපු කටුක අත්දැකීමෙන් දන්න කේමදාසට එක් අවස්ථාවකදි ‘වකුගඩුවක් බද්ධ කරනව’. වෛද්‍ය උපදෙස් පවා තඹ සතේකට ගණන් නොගත්ත මේ මනුස්සයා, කලාවට ප්‍රමුඛස්ථානය දීලා තමන්ගෙ ජීවිතය පවා ස්විතීයව සලකනව.

    ඩොක්ටර්ස්ල කිව්වා දැන්ම වෙහෙසෙන්න එපා කියල.. ඒත් මම අවුරුදු ගාණක් එකට ජීවත් වුණ මේ සංගීතයෙන් ඈත් වෙන්නෙ කොහොමද..? සංගීතය දැන් මගේ ජීවිතේම කොටසක්.. විවේක සුවයෙන් ඇඳක් උඩට වෙලා ඔහේ නිකම්ම මැරිල යනවට වඩා නිර්මාණයක් කරමින් ඉ්නන අතරතුරේ මැරෙනව නම් මම කැමතියි.. මම ප්‍රාර්ථනා කරන්නෙත් එහෙම.....

    අපේ රටට අනන්‍ය දේශිය ලක්ෂණයන්ගෙන් පිරුණු සංගීතයක් හොයාගෙන ගියත්, ළිං මැඩියෙක් නොවුණ කේමදාස මාස්ටර් මුළු ලෝකය දිහාම ඇස් ඇරල බලනව. අලුත් අංග ගණනාවක්ම සංගීත ක්ෂේත්‍රයට එකතු කරන්න මොහුට තිබුණෙ පුදුමාකාර වුවමණාවක්. ඒ ගැන අජන්තා රණසිංහ දක්වන්නෙ මේ වගේ අදහසක්.

    ගමේ කෝපි කඩේ ගීතයට තනු නිර්මාණය කරන්න පැවරුණේ කේමසද මාස්ටර්ට. නමුත් මම හිතුවෙ නෑ මේ වගේ බජව් ශෛලීයකින් ඔහු මේ ගීතය නිර්මාණය කරාවිය කියලා. මම හිතන්නෙ ඒ ගීතය ඒ තරමටම ජනප්‍රිය වුණේ ඔහු එවැනි තනුවක් නිර්මාණය කරපු නිසා.

    ආදරවන්තයන්ව සිරාවටම නළවපු නුරාවට ගළපපු ‘ජෝති’ගෙ ජෝතිමත් හඬින් හරිම ප්‍රයෝජනය ගත්තෙ කේමදාස මාස්ටර්ම තමයි. පීඩිත පන්තියෙන් බිහිවුණ සුපිරි ගායකයෙකුගෙ නියම සාරය, ‘පීඩිත පන්තියෙම සංගීතඥයට’ දැනුණු එක පුදුමයක් නෙමෙයි.

    ජෝතිපාලගෙ හිතේ මාස්ටර් ගැන විශාල භක්තියක් තිබිල තියෙනව. සාමාන්‍යයෙන් මාස්ටර් එක්ක ගීතයක් පටිගත කරන්න තියෙද්දි ජෝති දවස් තුන - හතරකට කලින්ම මත්පැන් පානය නවත්තනවලු. අඩුගාණෙ සිගරට් එකක්වත් බොන්නෙ නෑල්ලු..

    ආදර මල් පවනේ, ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න, මා ප්‍රාර්ථනා ආශාවෝ... වගේ ගීත ජෝතිගෙ හඬින් ගැයෙද්දි, රටාවන් මැවුණෙ මාස්ටර්ගෙ නදින්.

    ඉතාම නැවුම් ශබ්ද තරංග සපිරුණ ‘හරූන් ලන්ත්‍රාගෙ’ සුළං කුරුල්ලෝ ගීතය නිමවෙන්නෙත් කේමදාසගෙ හැකියාවෙන්.

    ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න වගේම අජන්තා රණසිංහව සිනමාවට හඳන්වා දෙන්නෙත් මාස්ටර්! මොහුගේ හැකියා මාලාවන් ගැන ‘අජන්තාගේ අවංක කියවීම මේ ආකාරයයි.’

    කේමදාස මාස්ටර් ගීත ලිව්වෙ නැත්තෙ වෙලාවට. එහෙම වුණානම් අපට පාර වදිනවා. ඒ තරම් බස ගැන සංවේදී ඥානයක් ඔහුට තිබුණා..

    යෞවන හැගීම් පොපියන - ස්නේහය සපිරුණ ගීත, නිර්මාණයටත් කේමදාස උපන් හපනෙක්..

    විකසිත පෙම්, මගේ ලොවට ඔබ, මේ අයුරින් අපි, පොකුරු පොකුරු මල් සැණකෙලි වගේ ගීතවලත්, සංගීතය සපුරාම සුපැහිදිලි වෙනසකට භාජනය කෙරුව..

    කන්‍යාවි, උදුම්බරා හිනැහෙනවා, හඳුනාගත්තොත් ඔබ මා...... වැනි ගීත වලත් කේමදාසගෙ නාද රටා තැන්පත් වෙනවා. ඉතින්, අපි සපුරාම ඒ මියුරු නදින් මුසපත් වෙනවා.

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, ජයන්ත චන්ද්‍රසිරි වගේ පරම්පරා කිහිපයක අධ්‍යක්ෂකවරු එක්ක අත්වැල් බැඳගන්නත් කේමදාසට හැකිවෙනවා.

    මොහුගේ ගෙදරට ගිය කිසිම කෙනෙක්ට කෑමෙන් - බීමෙන් අඩුවක් වුණේ නෑ. සතුන්ටත් පණ වගේ ආදරය කෙරුව මාස්ටර් රෝහලේ ඉඳිද්දි පවා සත්තු ගැන හොයල බලන්න මහන්සි වුණා.

    ඔපෙරා, කැන්ටාටා, සිම්ෆනි, වර්ණ කාව්‍ය කියන සංගීතාංග ලංකාවට හඳුන්වල දුන්න මාස්ටර්, සුපිරි - දුර්ලභ ගාන්ධර්වයෙක්..!!!!

    එක මොහොතකදි ටී. එම් ජයරත්නගෙ කලාකාමී අනාගතය වෙනුවෙන් ඔහුව චිත්‍රපටයක ගී ගැයීමට ගැනීමට මාස්ටර් සියුම් උපක්‍රමයක් යොදවනව. බලන්න... මේ මිනිස්කම..!!

    උදේ වරුවෙ ටී.එම් ව ගෙනල්ලා ගීතය පුහුණු කරලා සවස් වරුවෙ නිෂ්පාදකයා ඉදිරිපිට ගීතය ගායනා කරන්න කිව්වා. ටී.එම් උදේ ගීතය පුහුණු වෙලා සිටි බව අර නිෂ්පාධකයා දැන හිටියෙ නෑ..

    නිවැරදි දේශපාලන දර්ශනයක්, චින්තනයක් තිබුණ කේමදාස සිනමාරූපී සංගීතය ඇතුළෙත් මහා වෙනසක් සිදුකරනවා.

    නිධානය, ගොළු හදවත, බඹරු ඇවිත්, හංස විලක්, සිරි මැඳුර කියන නිර්මාණ මොහුගේ මුද්‍රාව හොඳන්ම දිස්වෙන කලාකෘති හැටියට හඳුන්වන්න පුළුවන්!!

    හොඳම සංගීත අධ්‍යක්ෂ හැටියට බහු සම්මාන දිනාගන්න කේමදාස සම්මාන බලාගෙන නිර්මාණකරණයෙ යෙදුණෙ නෑ. ඒත් දක්ෂතාවය හින්දම සම්මාන මොහුව ලුහු බැඳගෙන පැමිණියා.

    1966 දි සැනසුම කොතැනද චිත්‍රපටයෙ හොඳම සංගීත අධ්‍යක්ෂණයටත්,

    විචාරක සම්මාන හැටියට
    මොකද වුණේ - 1969
    නිධානය - 1972
    අහස් ගව්ව - 1974
    චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණයටත්,


    O.C.I.C සම්මාන හැටියට
    වසන්තයේ දවසක් - 1979
    වසන්දත්තිල් ඔරු වානවිල් - 1983
    තුන්වැනි යාමය - 1983
    යුගාන්තය - 1985
    මල්දෙනියෙ සිමියොන් - 1986
    සිරි මැඳුර - 1989
    මධු සමය - 1991
    ජුලියට්ගෙ භූමිකාව - 1998
    අග්නිදාහය - 2002
    චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණයටත්,


    ස්වර්ණ සංඛ සම්මාන හැටියට
    සිරි මැදුර - 1989
    මධු සමය - 1991
    සුරබිදෙන - 1993
    මී හරකා - 1994
    මාරුතය - 1995
    චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණයටත් මොහු සම්මාන ලබනවා.


    1981 දි ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු ජනාධිපති සම්මානය මාස්ටර් ප්‍රතික්ෂේප කරනවා. ඒ කොන්දක් තිබුණ සෘජු කලාකරුවෙක් හැටියටයි.

    මීට අමතරව.......
    සුමති ටෙලි සම්මාන ලෙස,
    ගොළු හදවත - 1968 සඳහාත්,
    රාජ්‍ය සම්මාන ලෙස,
    සිරිත් විරිත් - 1983
    මකරාක්ෂයා - 1986
    සඳහාත් මොහුට සම්මාන හිමිවෙනවා. සරසවි සම්මාන රැසකටත් හිමිකම් කියන්න මාස්ටර්ට පුළුවන්කම ලැබෙන්නෙ නිසඟයෙන්....


    ලාංකේය සංගීත වංසකතාව ඇතුළෙ නොමැකෙන සලකුණක් සලකුණු කෙරුව ගාන්ධර්වයා 2008 ඔක්තෝබර් 24 වැනිදා’ තමන්ගෙ ජීවිත ඔපෙරා සුගායනය නිමා කරනවා.

    උදුම්බරා හිනැහෙනවා පෙරුම්පුරා දුටු කේමදාස අපේ ජීවිත වන්දනාවෙ අවසන් මොහොත වෙනකල්ම උණුසුම් මතකය ඇතුළෙ One & Only මාස්ටර්’ම තමයි!!!!!!!!!

    -කසුන් මහේන්ද්‍ර හීනටිගල-
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අපේ dilrasan සහෝ මාස්ටර් කේමදාස ගැන නූලක් දාලා තිබ්බ මතකයි

    අමතක නොකළ යුතු මිනිසෙක් :)
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    One & Only :yes::yes: Good thread,thanks for sharing...
    Thanks Dear..!!

    අපේ dilrasan සහෝ මාස්ටර් කේමදාස ගැන නූලක් දාලා තිබ්බ මතකයි

    අමතක නොකළ යුතු මිනිසෙක් :)
    අනිවාර්යෙන්ම මචෝ..:yes:
    dilrasan දාලා තිබුණ ලිපියක් මම කියෙව්වා..

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොද පෝස්ට් එකක් මචන් , රෙප් එවරයි.......බොහෝම ස්තූතියි


    පලි : තියන එකෙක් මන් වෙනුවෙන් රෙප් දෙන්න
     
    Last edited:
    • Like
    Reactions: maxxaa

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    අතේ තියන සල්ලි වලින් හිඟන මිනිස්සුන්ට කන්න අරන් දීලා බස් එකේ යන්නෙ නැතුව පයින් ගෙදර යන්න තරම් හිතක් තිබ්බ සංවේදී මිනිහෙක්...