OnePlus One සඳහා දැඩි ඉල්ලුමක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,511
    16,264
    113
    OnePlus One සඳහා දැඩි ඉල්ලුමක්

    OnePlus One දුරකථන සඳහා දැඩි ඉල්ලුමක් – මිලදී ගැනීමට තවත් අවස්ථාවක් !


    composition-main.jpg


    අපි මීට කලින් OnePlus කියන සමාගමේ පළමු දුරකථනය වන OnePlus One ගැන බොහෝමයක් දේවල් කතාකලා. උසස්ම තත්වයේ පහසුකම් සහිත මේ ස්මාර්ට් ෆෝන් එකේ මිල බොහෝම අඩුයි. ඒත් මේ ස්මාර්ට් ෆෝන් එක කොයිතරම් මිලෙන් අඩු වුනත් ඔබට පහසුවෙන් මිලදී ගන්නට හැකියාවක් නම් නැහැ. ඔබට ඒ සඳහා මිලදී ගත් කෙනෙකුගෙන් invite එකක් ලබාගන්නට වෙනවා. මේ හින්දාම OnePlus One දුරකථනයක් ලබාගන්නට අති විශාල තරඟයක් තිබුනා. හැබැයි මේ වෙනතෙක් කොයිතරම් OnePlus One දුරකථන අලෙවි වෙලා තියෙනවාද කියන එක ගැන හෝඩුවාවක් දැනගන්නට ලැබුනේ නැහැ. කෙසේ නමුත් පසුගියදා OnePlus සමාගමේ ආරම්භක සාමාජිකයෙක් වන Carl Pei පැවසූ තොරතුරු වලින් හෙලිවුනේ මේ දක්වා කාලය තුල දුරකථන ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් අලෙවි වී ඇති බවයි. ඒ වගේම ඒ අතරින් බහුතරය චීනයෙන් බවත් පැවසෙනවා.


    ඒ වගේම පසුගිය දවසක OnePlus One Pre Order කර මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදුන්නත් අධික ඉල්ලුම හා වැඩි පිරිසක් එක්වර උත්සාහ කිරීම නිසා එම වෙබ් අඩවියේ නොයෙක් ගැටළු පැණනැගි අතර ඒ හේතුවෙන් වැඩි දෙනෙකුට එම අවස්ථාව ගිලිහී ගියා. ඒ නිසා නොවැම්බර් 17 වනදා තවත් අවස්ථාවක් ලබාදෙන්නට සමාගම තීරණය කර ඇති බවත් ඒ දිනයේදී $299 කට Pre Order කිරීමට හැකියාව තිබෙනවා. නමුත් අවාසනාවකට තවමත් ලංකාවට OnePlus One දුරකථන ගෙන්වාගැනීමට හැකියාවක් නැහැ. යම් හෙයකින් ඔබට Invite එකක් හෝ PreOrder කර මිලදී ගැනීමේ අවස්ථාවක් ලැබුනොත් ඒ දුරකථනය ලංකාවට ගෙන්වා ගැනීමට පිටරට වෙසෙන කෙනෙකුගේ සහාය ලබාගන්නට ඔබට සිදුවේවි. ( නමුත් eBay වැනි වෙබ් අඩවි හරහා නම් ඔබට තරමක් වැඩි මිලකට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. )




    source: (techguru.lk)​
     
    • Like
    Reactions: Wild-EYE