මම ඔන්ලයින් ඉගැන්වීමෙ හොඳයි නරකයි දෙකම දකිනව.
හොඳ:
මගේ ලමයින්ට එකාට එක ගානෙ ලැප්ටොප් තියෙනව. ෆයිබර් ඉන්ටනෙට් තියෙනව. ඒ වගේම මයික්‍රොසොෆ්ට් ටීම්ස්, සූම් වගේ සොෆ්ට්වෙයාර් අවුලක් නැතුව ඉන්ස්ටෝල් කරල දෙන්න මට දැනුමක් තිබෙනව. ඒ නිසා ඔන්ලයින් ඉගැන්වීම හොඳයි.
නරක:
පන්තියෙ ලමයින්ගෙන් සමහරෙකුට කොම්පියුටර් නෙවෙයි ස්මාට්ෆෝන් එකක්වත් ගෙදර නෑ. තිබුනත් ඉන්ටනෙට් නෑ එහෙම නැත්නම් ඒ අවශ්‍ය ඩේටා ප්‍රමාණය ගන්න සල්ලි නෑ. සමහරුන්ට ඔය සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරගෙන ලොග් වෙලා පාඩම් වලට සම්බන්ධවෙන්න දැනුමක් නෑ. සමහර දොස්තරලගෙ ලමයි පවා මට කෝල් කරල අහගත්ත කොහොමද ලොග් වෙන්නෙ කියල. දැන් සති ගානක් වෙනව සමහර ලමයි එකවුන්ට් ලොක් කරගෙන / පාස්වර්ඩ් අමතක වෙලා, ප්‍රශ්න ගොඩයි.
ඒ වගේම ටීචර්ලටත් දැනුමක් නෑ මෙහෙම දෙයක් කරන එක ගැන. එයාලත් එකවුන්ට් ලොක් කරගන්නව, නැත්නම් වෙන විකාර කරගන්න වෙලාවල් තාමත් තිබෙනව.
Ow eth machan. hamotama sampath deela, diyunu karala issarahata yanna gaththoth eka karanna ba