Online Money සහ ආර්ථිකය ???

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම මේ අහන්න හදන්නෙ ප්‍රශ්න ටිකක්.. !!!
    මේ ප්‍රශ්න මම අහන විදිහෙ වැරද්දක් තිියෙනව නම් ඒ වැරැද්ද පෙන්වා දෙන්න.

    Online වැඩ කරල යම් කිසි කෙනෙක් freelancer හරි වෙනත් විදියකට හරි විදේශ මුදල් අපේ රටට ගෙන්න ගන්න ක්‍රම ගොඩක් තියෙනව නෙ...?

    අපි හිතමු.... freelancer වැඩකින් ලැබුණු යම් ආදායමක් PayPal ගිණුමකට හරි... නැත්නම් වෙනත් online ගිණුමකට අරගෙන එතනින් ලංකාවේ බැංකුවට යම් ක්‍රමයකට ගෙන්නනව කියල.
    එතකොට.... සාමාන්‍යයෙන් එහෙම වැඩ කරන කෙනෙක්ට online ක්‍රමයට කරපු වැඩකට ගෙවීම කෙරෙන්නෙ Dollar වලින්. එතකොට ඒ මුදල ලංකාවට එවද්දි (Transfer කරද්දි ) සහ මෙරට බැංකුවකට Deposite වෙනකොට ඒ dollar මුදල ලංකාවේ විනිමය අනුපාතය අනුව රුපියල් වලට මාරු වීමක් (convert වීමක්) සිද්ධ වෙනවනෙ.

    දැන් අපි අහල තියෙනව විදේශ රැකියා වලට ගිහිං එන අයට වටිනාකමක් තියෙනව එයාලා විදේශයකදි උපයපු මුදල් අපේ රටට අරගෙන එන නිසා කියල. මේ විදිහට බැලුවම online වැඩ කරල මුදල් ඉපයීමයි, විදේශ රැකියා වලට ගිහිං මුදල් ඉපයීමයි දෙකේ ලොකු වෙනසක් නැහැ නේද? ඒ දෙගොල්ලන්ගෙන්ම විදේශ මුදල් අපේ රටට එනව.

    1. නමුත් මේ විදිහට රටේ ආර්ථිකයට මේක කොයි තරම් බලපානවද?
    2. විනිමය අනුපාතයට බලපෑමක් වෙන්නෙ නැද්ද?
    3. ලංකාවේ බැංකුවකට මුදල් එවද්දි, ඒවා අපේ රටේ මුදල් වලට පරිවර්තනය (convert) වෙනව නම් එතනදි ඇත්තටම සිද්ධ වෙන්නෙ මොකද්ද?
    4. Online වැඩ කරල සල්ලි හොයන එකෙයි විදේශ රැකියා ගිහිං සල්ලි හොයන එකයි දෙක ම සමානයි ද වෙනසක් තියෙව ද?
    5. සමහර අයට විදේශ මුදල් ගිණුම් හදන්න පුලුවන්. ඒ කියන්නෙ Dollar වලින්ම ගිණුමක් ලංකාවේ බැංකුවකම. ඒකට කෙලින්ම Dollar එවන්න පුළුවන්. එතනදි මුදල් පරිවර්තනය (convert) වීමක් වෙන්නෙ නැහැ. ඒත් එහෙම ගිණුම් හැමෝටම නැහැ. එහෙම ගිණුමක් තියෙන එකේ ප්‍රයෝජනයක් තියෙනවද?

    ආර්ථික ක්‍රමවේද ගැන දන්න කාට හරි කියන්න පුලුවන්ද මේකට පොඩි පැහැදිලි කිරීමක්??
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    1. බලපානවා. නමුත් සුලු ප්‍රතිශතයක් ලෙස
    2. වෙනවා
    3. දන්න එකෙක් කියපල්ලා ??
    4. සමානයි
    5. ප්‍රයෝජනයක් තියෙනවා. Doller වලින්ම ගිණුමේ තියන්න පුලුවන් හන්දා විනිමය අනුපාත වැඩිවන විට රුපියල් ප්‍රමානය වැඩිවනවා.

    දන්න විදියට කිව්වේ.
     
    • Like
    Reactions: manojdhrma

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    1. ඇමතිලට වාහන ගන්න පුළුවන්නෙ ඩොලර් වලින්
    2. ඩොලර් එකක් මොන ක්‍රමේට ආවත් විදේශ විනිමය අනුපාතයට බලපානවා
    3. ඩොලර් ප්‍රමාණයට සමාන රුපියල් ප්‍රමාණයක් බැංකුවෙන් නිකුත් කරන එකයි කරන්නෙ
    4. ඔන්ලයින් වැඩ කරන එක දැනට රස්සාවක් විදියට කවුරුවත් පිළිගන්නෙ නෑ. බැංකු ණයක්, ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ගියාම තේරෙයි. ඊට අමතරව නිවාඩු ප්‍රශ්ණ, ඉන්සුරන්ස්, රැකියා සුරක්ෂිතබාවය ඇරුනම දැන් හැමෝම කුණු කොල්ලෙට වැඩ කරන නිසා ලොකු අවදානමක් තියෙනව.
    5. NRFC/RFC එකවුන්ට් එකක් හැදුවත් සල්ලි ගනිද්දි රුපියල් වලට මාරු වෙලා තමයි එන්නෙ. හැබැයි ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාල තියන්න පුළුවන් ඩොලර් වලින්, එතකොට ඒක කල් පිරෙද්දි පොළියයි, එදාට තියෙන ඩොලර් රෙට් එකට රුපියල් කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: manojdhrma

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    1. බලපානවා. නමුත් සුලු ප්‍රතිශතයක් ලෙස
    2. වෙනවා
    3. දන්න එකෙක් කියපල්ලා ??
    4. සමානයි
    5. ප්‍රයෝජනයක් තියෙනවා. Doller වලින්ම ගිණුමේ තියන්න පුලුවන් හන්දා විනිමය අනුපාත වැඩිවන විට රුපියල් ප්‍රමානය වැඩිවනවා.

    දන්න විදියට කිව්වේ.

    A kiyanne apith ratata wedakata nette na neh ;)
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    1. ඇමතිලට වාහන ගන්න පුළුවන්නෙ ඩොලර් වලින්
    2. ඩොලර් එකක් මොන ක්‍රමේට ආවත් විදේශ විනිමය අනුපාතයට බලපානවා
    3. ඩොලර් ප්‍රමාණයට සමාන රුපියල් ප්‍රමාණයක් බැංකුවෙන් නිකුත් කරන එකයි කරන්නෙ
    4. ඔන්ලයින් වැඩ කරන එක දැනට රස්සාවක් විදියට කවුරුවත් පිළිගන්නෙ නෑ. බැංකු ණයක්, ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ගියාම තේරෙයි. ඊට අමතරව නිවාඩු ප්‍රශ්ණ, ඉන්සුරන්ස්, රැකියා සුරක්ෂිතබාවය ඇරුනම දැන් හැමෝම කුණු කොල්ලෙට වැඩ කරන නිසා ලොකු අවදානමක් තියෙනව.
    5. NRFC/RFC එකවුන්ට් එකක් හැදුවත් සල්ලි ගනිද්දි රුපියල් වලට මාරු වෙලා තමයි එන්නෙ. හැබැයි ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාල තියන්න පුළුවන් ඩොලර් වලින්, එතකොට ඒක කල් පිරෙද්දි පොළියයි, එදාට තියෙන ඩොලර් රෙට් එකට රුපියල් කරගන්න පුළුවන්

    ගොඩක් දුරට හොඳ පැහැදිලි කිරීමක් මචං. තෑන්ක්ස්... :):):)
    මට අහන්න පොඩි දේවල් ටිකක් තියෙනව....

    1 වෙනියට කියපු කාරණේ නම් වෙන්න පුළුවන් තමයි. කොහෙන් ගියත් නැහෙන්නෙ සල්ලි හොයන මිනිස්සු. සැප විඳින්නෙ උන්... මෙහෙම කරුම රටක්.!

    2 වෙනියට කියපු එකේ හැටියට මොන ක්‍රමේට ආවත් විදේශ විනිමය අනුපාතයට බලපානවා නම්.... වැඩියෙන් විදේශ මුදල් රටකට එනව නම් ඇයි මෙච්චර ඩොලරයේ අගය වැඩිවෙන්නෙ?

    4 වෙනි පොයින්ට් එකේදි කිව්ව විදිහට, ඒක රස්සාවක් විදිහට පිළිගන්නේ නැතත්.... සෑහෙන දෙනෙක් ලංකාවේ වෙනත් රස්සාවක් නැතුව ඕක කරනවනෙ. ඒත් ඇත්තටම කිව්ව වගේ... ණයක් ගන්න ගියාම, credit card එකක් ගන්න ගියාම කිසිම දෙයක් කරගන්න බැහැ. ඒක හරි. එතකොට කෙනෙක් online මෙහෙ ව්‍යාපාරයක් විදිහට කරනව නම් එතනදි සුරක්ෂිතබාවයක් තියේවිද? අඩුම තරමෙ ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි වෙලා හරි?

    ඒ වගේම...... අපි හිතමු විදේශ රැකියාවල උපරිම සේවය යම් කිසි කාලයක් (අවම අවුරුදු 15 ක් වත් කියමු) ගතවුනාට පස්සෙ ලංකාවේ නවතින්න වෙනවනෙ. හැමදාම යන්නෙ නැහැනෙ. ජීවත්වෙද්දි ප්‍රශ්න එනවනෙ...
    එහෙම කෙනෙක්ටත් තමන් උපයාගත්තු මුදල බැංකුවකට බැර කරල තියෙනව වෙන්න පුළුවන්. නමුත් අර කිව්ව රැකියා සුරක්ෂිතබාවය ගැන ප්‍රශ්නය තාම තියෙනව නේද? එතකොට ණයක් ගන්න ගියාම තත්වය කොහොමද එයාලට? ලොකු මුදලක් හොයල වුනත් ණය ගන්න ඕනෙ වෙන්න පුළුවන්නෙ.
    දැන් ආයෙම රට යන්නෙ නැති නිසා එතනින් එහාට එයාලට කරන්න දෙයක් නැතිවෙනව නේද? :confused::confused:

    5 වෙනි එකේ කිව්ව NRFC/RFC ෆික්ස් ඩිපොසිට් කතාව මම දැනගෙන හිටියෙ නැහැ. හැබැයි ඩොලර් රේට් එක අඩු කාලයක් වුනොත් අරගන්න එක පාඩුයි නේද? ආයෙ වැඩි වෙයි ද කියල එකපාර කියන්න බැරි නිසා සල්ලි ගන්න එක ගැන ප්‍රශ්න එන්නත් පුළුවන් නේද?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    1. බලපානවා. නමුත් සුලු ප්‍රතිශතයක් ලෙස
    2. වෙනවා
    3. දන්න එකෙක් කියපල්ලා ??
    4. සමානයි
    5. ප්‍රයෝජනයක් තියෙනවා. Doller වලින්ම ගිණුමේ තියන්න පුලුවන් හන්දා විනිමය අනුපාත වැඩිවන විට රුපියල් ප්‍රමානය වැඩිවනවා.

    දන්න විදියට කිව්වේ.

    තෑන්ක්ස් මචං... Rep දුන්නා....
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    2 වෙනියට කියපු එකේ හැටියට මොන ක්‍රමේට ආවත් විදේශ විනිමය අනුපාතයට බලපානවා නම්.... වැඩියෙන් විදේශ මුදල් රටකට එනව නම් ඇයි මෙච්චර ඩොලරයේ අගය වැඩිවෙන්නෙ?

    එනවට වැඩියෙන් යනවා මචන්‍ෙ

    4 වෙනි පොයින්ට් එකේදි කිව්ව විදිහට, ඒක රස්සාවක් විදිහට පිළිගන්නේ නැතත්.... සෑහෙන දෙනෙක් ලංකාවේ වෙනත් රස්සාවක් නැතුව ඕක කරනවනෙ. ඒත් ඇත්තටම කිව්ව වගේ... ණයක් ගන්න ගියාම, credit card එකක් ගන්න ගියාම කිසිම දෙයක් කරගන්න බැහැ. ඒක හරි. එතකොට කෙනෙක් online මෙහෙ ව්‍යාපාරයක් විදිහට කරනව නම් එතනදි සුරක්ෂිතබාවයක් තියේවිද? අඩුම තරමෙ ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි වෙලා හරි?

    කලින් ඔය තත්වය තිබිබා මචන්. නමුත් දැන් දැන් තත්වය වෙනස්. වැබේ ටිකක් පිලිවෙලට ලියාපදිංචි වෙලා කරාම හරි මචන්..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට තේරෙනවා උබට ප්‍රශ්න මතු කරමින්ද හොයන උත්තරය මොකක්ද කියල.....ටිකකින් එන්නම්....:yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම දන්න තරමින් උඹේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්නම්,

    ඕක වෙන්නෙ බං අපේ රටේම සල්ලි එකතු කරොත් සීමිත ප්‍රමාණයක් තියෙන්නෙ(සීමිත කිව්වට මේ ට්‍රිලියන ගණං :P) අපිට සාපේක්ෂව ගත්තම ඇමරිකාව, එංගලන්තයෙ රටේම සල්ලි එකතු කරොත් ඒව ගොඩක් වැඩියි, හිතාගන්නත් බැරි තරම්,

    රටේ සල්ලි මෙහේ ඉඳල වෙන රටකට යනව කියන්නෙ රටක් විදියට අපේ ධනය අඩු වෙන එක, එහේ සල්ලි මෙහාට එනව කියන්නෙ එහේ ධනය අඩුවෙලා ඒක අපිට එකතුවෙන එක,

    ඇත්තටම ඕකයි කතන්දරේ, උඹ ඔතැන රටක් කියන එක අමතක කරල ගෙවල් දෙකක් විදියට හිතල බලපං එතකොට වැඩේ හරිම සරලයි,

    ලංකාවෙ වෙලා තියෙන ප්‍රශ්නෙ තමයි විවෘත ආර්ථිකට ඇති වුණ කාලෙ ඉඳල අපේ මිනිස්සු රටින් ගේන බඩු තමයි ගොඩක් පාවිච්චි කරන්නෙ, හිතල බලපං පැන්සලක් මකනයක්වත් හදනවද කියල මේ රටේ? රට වටේම මුහුද ඒත් සැමන් ටින් එකක් රට ඇතුලෙ නිෂ්පාදන කරන්නෙ නෑ, ලංකාවෙ ප්‍රධානම විනිමය මෙච්චර කල් රඳා පැවතුනේ තේ,පොල්,රබර් නිසා,

    දැන් මට පේන විදියට ලංකාවට සල්ලි එන්නෙ මේ ක්‍රම ටික නිසා ප්‍රධානවම,

    1. පිටරට සේවයට යන අපේ රටේ මිනිස්සු නිසා(අපේ රටේ තමන්ගෙ පවුලෙ උදවිය ජීවත් වෙන)
    2. ඇඳුම් හදල යවන කම්පැනි ටික.
    3. තේ, පොල්, රබර්.
    4. සොෆ්ට්වෙයාර් කම්පැනි ටික.
    5. Freelance කරන උදවිය.

    මේ අය නිසා තමයි දැන් රට ඉතුරුවෙලා තියෙන්නෙ,

    මෙච්චර ආදායම ලැබිලත් රුපියල බහින්නෙ එන ප්‍රමාණෙට වඩා යන ප්‍රමාණය වැඩි නිසා, ලංකාවෙ ඉඳල එළියට සල්ලි යනව හැම දේකටම ඒත් එළියෙ ඉඳන් එන්නෙ ඔන්න ඔය ක්ෂේත්‍රයන් නිසා විතරයි.

    අපේ රටේ මම දකින විදියට වත්කම් වර්ග දෙක්ක තියෙනව බං, නිශ්චලව තියෙන වත්කම්(ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ ගෙවල් දොරවල්, දේපල) ඒ ඇරුනම මිනිස්සුන්ගෙ අතේ තියෙන වත්කම(මේක තමයි එහා මෙහා යන්නෙ,)

    රටක සල්ලි එළියට යන එක නවත්තන එක රජයෙ ලොකුම ලොකු වගකීමක්(අපේ රටේ මේක ගැන කතා ඕන නෑ :D)
    උදාහරණයක් විදියට: ඇමරිකාවෙ වීසා සිස්ටම් එක, එයාල වීස ක්‍රම හඳුන්වල දෙන්නෙ එයාලට වාසි වෙන විදියට, ඒ රටේ සල්ලි පිටට යන එක අවම කරන්න.

    ඒකට අපේ මී හරක් ඉන්දියාවෙ උන්ට ජොබ් දෙන්න හැදුවෙ, එහෙම දෙයක් වුණානම් විනාසයි බං මුලු ආර්ථිකයම. අර තරම් සල්ලි තියෙන ඇමරිකාවෙ රජයවත් කරන්නෙ නැති වැඩ බං ඕව.

    දැන් ෆ්‍රී ලාන්ස් පැත්තට ඔලුව දැම්මොත්,

    ඒක ගොඩක් හොඳ රැකියාවක්, ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙනව නේ බං බොරු ප්‍රතිපත්ති වගයක් ඒකියන්නෙ උදේට වැඩට ගිහිල්ල හවස ගෙදර එන්න ඕන, ඒවගේ මත ටිකක්, ඒ මත මිනිස්සුන්ගෙ ඔලුවෙ තියෙන නිසා ෆ්‍රී ලාන්ස් කරන සුලු පිරිසට ගොඩක් වාසියි. ඇත්තටම කරන්න ඕන ඔයවගේ මත මිනිස්සුන්ගෙ ඔලුවෙන් අයින් කරල දාලා ඒ අයව මේකට නම්මගන්න එක,

    ලොකුම ප්‍රශ්නෙ තමයි බං මේකට ගොඩක් බහින්නෙ වැඩ මුකුත් දන්නෙ නැති සෙට්, ඒ වගේ අය බැස්සම කොහොමත් මේකෙ ඉස්සරහට යන්න බෑ, වැඩකාරයන්ට විතරමයි බං තැන තියෙන්නෙ, තමන් මොනවහරි පැත්තකින් ගොඩක් දක්ෂ වෙන්න ඕන,(Web Designing, Developing, Front-End, Mobile App developing, Extra දෙයක් වුණත් කමක් නෑ). සුපිරිම වැඩ්ඩෙක් නම් ඕන දුරක් යන්න පුලුවන් බං ඒ වගේම අවංකකම, Attitudes ඒදෙවල් හැම දෙයක්ම බලපානව.

    බැංකුවකින් ක්‍රෙඩිට් කාඩ් එකක් ලෝන් එකක් ගන්න බැරි කතා නම් බොරු බං, මම ෆ්‍රී ලාන්ස් කරන්නෙ මට ගිය මාසෙට උඩින් මාසෙ BOC එකෙන් ක්‍රෙඩිට් කාඩ් එක හදල දුන්න මම අහපු ගමන්ම, නිකං නෙමෙයි 1Lak limit එකක් තියෙන කාඩ් එකක්, ඒවට නම් ක්‍රම තියෙනව බං, අපිට සල්ලි තියේ කියල බැංකුවට පෙන්නන්න ඕන, ලෝන් එකක් ගන්න නම් අපිට ලෝන් එකක් ගන්න අහේනියක් නෑ කියන එක බැංකුවට පෙන්නන්න ඕන(සිරාමයි මේ කියන්නෙ), උංට ඕන බං සල්ලි, සල්ලි තියේ නම්, සල්ලි එනව කියල පේනව නම්, උං ඒ කස්ටමර් තියාගන්න නොකරන දෙයක් නෑ.

    තව දෙයක් ෆ්‍රීලාන්සින් කියන්නෙ සුන්දර දෙයක් නෙමෙයි බං, මම දැක්ක මේවල ත්‍රෙඩ් යනව ලක්ෂ, කෝටි ගණං අවුරුද්දෙන් හෙව්ව අනං මනං කියල,ඕවල ඇත්ත නැත්ත නම් මම දන්නෙ නෑ, ඒත් ඕව බලලා ඔලුව කුරුවල් කරගන්න එපා, කතාවත් තියෙනව නේ බං සිංහලේ "කියන්න කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව අසනු" කියල, අන්න ඒකයි මම නම් කියන්නෙ, මහන්සි වෙලා කරනව නම්(විශේෂයෙන් මුලි ටිකේ මැරෙන්න ඕන) ගොඩක් සුරක්ෂිත රැකියාවක් තමයි මේක, හැබැයි හම්බවෙන සල්ලි කාලා බීල විනාස කරන්නෙ නැතුව, අවුරුදු 50වෙද්දි කිසිම ආදායමක් නැතිවෙයි කියන දේ හිතාගෙන හොඳ දේකට ඉන්වෙස්ට් කරන්නත් මොළේ තියෙන්න ඕන.

    තව ප්‍රශ්න තියේ නම් අහපං මම දන්න තරමින් උත්තර දුන්නෙ,

    එල!
     
    මේ යාලු මටත් පොඩි පස්නයක් ටියනවා
    මේකයි දැන් ෆ්‍රී ලාන්ස් කරන අයත් ටැක්ස් ගෙවන්න ඕනෙමද ?
    ෆ්‍රී ලාන්ස් ම නෙමේ පිටරටින් සල්ලි ගේන අය.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ යාලු මටත් පොඩි පස්නයක් ටියනවා
    මේකයි දැන් ෆ්‍රී ලාන්ස් කරන අයත් ටැක්ස් ගෙවන්න ඕනෙමද ?
    ෆ්‍රී ලාන්ස් ම නෙමේ පිටරටින් සල්ලි ගේන අය.
    අලුත් ක්‍රමේ විදියට ටැක්ස් ගහනවලු නේද බං,

    මම බෑන්ක් එකෙන් ඕක අහල බැලුව එහේ අයත් දන්නෙ නෑ, කොහොම හරි ඔය සීන් එක නිසා මාත් බොහොම පරිස්සමෙන් සල්ලි ගෙන්නන්නෙ බං, මාසෙට පොඩි ලිමිට් එකක් තියාගෙන, මුංට දැන් ආදායම නැති නිසා කොහොම හරි බදු වලින් ගෙනියන්න හදන්නෙ බං,

    හරිම විදියට ගත්තොත් විදේශ විනිමය සම්පූර්ණයෙන්ම ටැක්ස් වලින් නිදහස් කරන්න ඕන, ඒ විතරක් නෙමෙයි එයාලට ගොඩක් රජයෙන් සලකන්න ඕන, වාහනයක් ගෙන්නද්දි හරි නම් බදු සහන දෙන්න ඕන(මොකද රට ඉඳන් ගෙනාපු සල්ලි වලින් වාහනයක් ගන්නව කියන්නෙ ඒක රටට කිසිම පාඩුවක් නෑ- ඇත්තටම බදු ගහන්න ඕන නැති දෙයක්), එයාල ගැන රජයෙන් ලොකු සැලකිල්ලක් දක්වන්න ඕන මොකද රටේ ආර්ථිකය තියෙන්නෙ විදේශ විනිමය නිසා හින්ද, තව Remittance ගේන කම්පැනි වලට සහන දෙන්න ඕන, ඒව ආරම්භ කරන්න ණය දෙන්න ඕන. මේ දෙවල් රජයෙන් වෙන්නෙ නැති නිසා තමයි බං Freelance කරන්න වැඩිය කට්ටිය නැඹුරු වෙන්නෙ නැත්තෙ
     
    අහ් එල මචං . මේවට ටැක්ස් කලොත් නම් ගෙවන්නම වෙනවා කස්ටියට චෙක්කරන්න පුලුවන්නෙ.:(:(
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK

    1. නමුත් මේ විදිහට රටේ ආර්ථිකයට මේක කොයි තරම් බලපානවද?

      ආර්ථිකයට ධනාත්මක බලපෑමක් තියෙනවා. අපේ රටේ වෙළඳ ශේෂය කොහොමත් රින අගයක් තමයි තියෙන්නේ.

    2. විනිමය අනුපාතයට බලපෑමක් වෙන්නෙ නැද්ද?

      අනිවාර්යයෙන්ම තියෙනවා. අපි dollar උපයනකොට dollar සැපයුම වැඩි වෙනවා. එක විනිමය අනුපාත අඩුවෙන්න හේතු වෙනවා (වෙනත් විදියකින් කියනවනම් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව වැඩි වෙනවා).

    3. ලංකාවේ බැංකුවකට මුදල් එවද්දි, ඒවා අපේ රටේ මුදල් වලට පරිවර්තනය (convert) වෙනව නම් එතනදි ඇත්තටම සිද්ධ වෙන්නෙ මොකද්ද?

      වෙන රටක කෙනෙකුටත් dollar දීල රුපියල් ගන්න පුළුවන්. ඔය දෙවිදියෙන් මොකක් වුනත්, ඒක රුපියල් වලට ඇති ඉල්ලුම ඉහල යන්න හේතු වෙනවා සහ ඉහත කි පරිදි විනිමය අනුපාත අඩුවෙන්න හේතු වෙනවා.

    4. Online වැඩ කරල සල්ලි හොයන එකෙයි විදේශ රැකියා ගිහිං සල්ලි හොයන එකයි දෙක ම සමානයි ද වෙනසක් තියෙව ද?

      ආර්ථිකයට වන බලපෑම ගත්තොත් දෙකම බොහෝ දුරට එක සමානයි. දෙගොල්ලොම විදේශ මුදල් උපයනවා.

    5. සමහර අයට විදේශ මුදල් ගිණුම් හදන්න පුලුවන්. ඒ කියන්නෙ Dollar වලින්ම ගිණුමක් ලංකාවේ බැංකුවකම. ඒකට කෙලින්ම Dollar එවන්න පුළුවන්. එතනදි මුදල් පරිවර්තනය (convert) වීමක් වෙන්නෙ නැහැ. ඒත් එහෙම ගිණුම් හැමෝටම නැහැ. එහෙම ගිණුමක් තියෙන එකේ ප්‍රයෝජනයක් තියෙනවද?

      ඔව් තියෙනවා. මේකේ ලොකුම වාසිය තමයි විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා අදායම් බද්දෙන් නිදහස් වීමක් ලැබෙනවා (අලුත් දේශීය අදායම් පනත අනුව-කලින් නම් සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස්). හැබැයි ප්‍රයෝගිකව මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත්. හැබැයි ගොඩක් e-money කරන අය ලංකාවට මුදල් ගෙන්වන්නේ රුපියල් වලින්. මෙතැනදී බදු සහන ලබා ගැනීමේදී ටිකක් ගැටලුකාරී සහ සංකීර්ණ වෙන්න පුළුවන්. එනිසා පුළුවන් හැම විටම විදේශ මුදල් වලින්ම ගෙන්න ගන්න එක හොඳයි. මේකට RFC account එකක් අවශ්‍ය වෙනවා.

    ..
     
    • Like
    Reactions: manojdhrma

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම දන්න තරමින් උඹේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්නම්,......
    ...........
    තව ප්‍රශ්න තියේ නම් අහපං මම දන්න තරමින් උත්තර දුන්නෙ,

    මචං... උඹේ විස්තරේ නම් සෑහෙන්න පැහැදිලියි. මම හිතුවටත් වඩා කරුණු උඹ කියල තියෙනව. ගොඩක් පිං... :):):)

    ඩොලරයේ අනුපාතයේ ප්‍රශ්නය හොඳට පැහැදිලි වුනා. :yes:
    උඹ කියපු හැටියට Freelancing අය ලංකාවට සල්ලි ගෙන්නන අයගේ කොටසට වැටෙන නිසා එයාලගෙන් රටට වැඩක් වෙනව පැහැදිලිවම. ඒ නිසා ඒක අහක දාන්න බැහැ කාටවත් දැන්. ඉන්දියාවෙ උන්ට ජොබ් දෙන කතාවට නම් සෑහෙන අප්සෙට් ගිහිං හිටියෙ. සිරාවට ඒක වුනා නම් ඉවරම තමා. :(

    ඇත්තටම ෆ්‍රී ලාන්සිං පැත්ත ගැන උඹ කියපු විස්තරේ නිසා මට සෑහෙන confidence එකක් ආව මචං. ඒකට නම් ගොඩක් තෑන්ක්ස් මචෝ... :):)

    උඹ කිව්ව වගේ මේ අපේ රටේ අර උදේ ගිහිං හවස එන frame එකේ මතය තමා, තාම ගොඩක් අයගෙ ඔලුවල තියෙන්නෙ. ඒක කොච්චර බරපතලද කියනව නම් වෙනස් විදිහට යන්න හදන කෙනෙක්ට පුදුම මානසික පීඩනයක් ඇතිවෙනව.

    වැඩියම දන්නෙ නැති සෙට් වලින් තමා අවුල එන්නෙ. මට මතකයි ෆ්‍රී ලාන්සිං ගැන කියද්දි ඩොක්ට කෙනෙක් කියල තිබුණ ඕව පිරමීඩ ක්‍රම. තඹ සතේකට විශ්වාස කරන්න බැහැ කියල. ඩොක්ට කෙනෙක් වෙලා එහෙම කිව්ව එක ගැන මම පුදුම වුනා. ඒ අය උනත් අර නොදන්න කට්ටිය වැඩ අනාගත්ත අයගෙන් දැනගත්ත දේවල් නිසා ස්ථිරවම හිතාගෙන ඉන්නෙ මේවා ප්‍රෝඩාකාරී දේවල් කියල. ඒගොල්ලො උනත් හිතන හැටි ඒකෙන් පේනව.

    උඹ කිව්ව විදිහට ක්‍රෙඩිට් කාඩ් එකක් අච්චර Limit එකකට ගන්න පුළුවන් වුනා කිව්ව එක ගැන නම් මාරම හැපි. :) තවත් Confidence මචං ඒකට නම්. මේ ගැන විස්තර අහපු හැම කෙනෙක්ම මට කියල තිබුණෙ ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඒක අමතක කරල දාන්න. ෆ්‍රී ලාන්ස් කරන අයට කවදාවත් ක්‍රෙඩිට් කාඩ් කවුරුත් දෙන් නෑ කියල.:shocked:

    අනිවා. බැහැල වැඩ කරනව නම් සෑහෙන්න ගමනක් යන්න පුළුවන් තමයි. තමන්ගෙ අතේ වැඩේ තියෙන්නෙ.

    මචං මට තව ප්‍රශ්න ටිකක් තියෙනව.....

    ඉන්වෙස්ට් කරන එක ගැන කිව්ව ගමන් වැඩි දෙනෙක්ගෙ ඔලුවට එන්නෙ බැංකුවක ස්ථාවර තැන්පතු දාන එකනෙ. වෙන ඉන්වෙස්ට්මන්ට් සැලසුමක් නැත්නම් ඒක දාන එක පාඩුවක් නැතිවෙන්න පුලුවන්.
    ***

    1. ඒත් හරියට බැලුවොත් ඇත්තටම බැංකුවක ස්ථාවර තැන්පතු දාන එක ඵලදායී ආයෝජනයක් ද?
    2. අපි උපයන ඩොලරය රට තුළ පාවිච්චි කරන්න නම් රුපියල් කරගන්නම වෙනවනෙ. නමුත් ඩොලරය ආයෝජනයක් විදිහට අපිට පාවිච්චි කරන්න ක්‍රමවේද නැද්ද?
    3. කෙනෙක් මේ ත්‍රෙඩ් එකේම අහල තිබුණ.... ටැක්ස් සම්බන්ධ ප්‍රශ්නය. ආදායම් බදු තත්වය ෆ්‍රී ලාන්සිං කරන කෙනෙක්ට කොයි තරමකින් බලපාවිද?
    4. සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට වඩා ෆ්‍රී ලාන්සිං කරන කෙනෙක්ට opportunities ගොඩක් තියෙනවනෙ.... එතකොට තමන්ගේම නිර්මාණයක් කරල ඒක මාකට් කරන්න වගේ දෙයක් උනත් කරන්න බැරි නෑනේද?
    5. ඒ වගේම කෙනෙක්ට තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරල මේ වැඩේ කරගෙන ගියොත් ප්‍රතිලාභයක් තියේවිද?
    6. නැත්නම් ඊට වඩා ඉහල ව්‍යාපාර ක්‍රමවේදයකට ටිකක් වැඩි වියදමක් කරල යන එක හොඳ ආයෝජනයක් වේවිද?

    මම මේ පහල ප්‍රශ්න අද කාලෝචිත තත්වය ගැන හිතලයි අහන්නෙ මචං.... ෆ්‍රී ලාන්සිං වගේම විදේශ රැකියා කරන අය දෙගොල්ලොන්ටම පොදුවේ ප්‍රශ්න ටිකක් මචං.

    ඇත්තටම ෆ්‍රී ලාන්සිං බැහැල හරියට දැනගෙන කරනව නම් සුරක්ෂිතයි. නමුත් මේ රටේ අර කිව්ව වගේ බොරු ප්‍රතිපත්ති, යල් පැන ගිය මත තියෙන අය එක්ක වැඩ කරන්න ගියාම සමහර වෙලාවට එපා වෙනව.

    ###

    1. එහෙම අය වැඩියෙන් ඉන්නකොට මේක පිළිගන්නැති බවක් තාමත් තියෙනව නේද? (ගොඩක් අය කියන්නෙ උඹට ඔහොම වැඩි කල් යන්න වෙන්නෙ නෑ. උඹට ණයක්වත් ගන්න පුළුවන් ද ඔහොම කරල? මැරි කරන්නවත් පුළුවන්ද රස්සාව පැහැදිලි කරල දෙන්නෙ කොහොමද? කියල.)
      ඇත්තටම කිව්වොත්, මම ටිකක් දන්න කෙනෙක් ඉන්නව එයා ජොබ් එකක් කරන්නෙ නැහැ ගෙදර ඉඳන් තමයි වැඩ කරනව කිව්වෙ. බැඳල ලමයිනුත් ඉන්නව. පොඩි වාහනයකුත් තියෙනව. ගෙදරත් හොඳට තියෙනව. එයා කිව්වෙ නම් "අනිත් මිනිස්සු මේ ෆ්‍රී ලාන්සිං කරන එක පිළිගන් නැහැ කියන කතා අහන්න යන්න එපා කියල. ලෝකෙ ගොඩක් දියුණුයි. හරි විදිහට සල්ලි හොයන්න කරන රස්සා විදි දැන් ඕනෙ තරම් තියෙනව මිනිස්සු දන් නැතිව කියන කතා ඕව" කියල.
      එයාගෙ ඒ කතාව හරිද? අපිට මේ විදිහට අනිත් මිනිස්සු කියන කතා වැඩිය ගණන් නොගෙන වැඩ කරගෙන යන්න පුළුවන් ද?

    2. උඹ කිව්වනෙ ණය ගන්න උනත් බැරි නෑ කියල. නමුත් අපි හිතමු ගෙදර රෙපෙයාර් එකක් කරගන්න වැඩිපුර මුදලක් ඕනෙ ණයක් හරි ගන්න. එතකොට ණයක් ගන්නම වෙනව නම් ඒවාට විකල්ප ක්‍රමවේද තියෙනවද?
    3. අපි හිතමු මැරි කලා කියල. ළමයි ඉන්න කාලෙකදි, ළමයින් ඉස්කෝලෙකට දාන්න ගියොත්, රැකියාවේ ස්වභාවය යන කරුණු වලදි ගැටළු ඒවිද?
    4. වාහනයක් Finance කරල ගන්න ගියාම සෑහෙන්න ආදායම ගැන ප්‍රශ්න එනවනෙ. එ්වගේ තත්වයකදි කොහොම බලපෑමක් තියේවිද?
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    5. ona kenekuta $ account ekak danna puluwan. bank ekata gihin kiyanna RFC account ekak danna kiyala commercial bank eke nag initinal deposit eka $ 100 eka one week athulatha online trasfer kalama hari
     
    • Like
    Reactions: manojdhrma