මචං මෙහෙම කිවුවට තරහ වෙන්න එපා, උඹ අවුල් වෙන්නත් එපා. ඕව ගොඩක් වෙලාවට ටික කාලෙකින් ස්කෑම් වෙනවා. බැරි වෙලාවත් ඕකත් එහෙම වුනොත්, ඒ වෙච්ච සිද්දියත් මේ ත්‍රෙඩ් එකේ දාපන්.(මම වෙනවට කියනවා නෙවෙයි, වුනොත්) එතකොට අඩු තරමේ නොදන්නා එකෙක් හරි තවත් ඔය වගේ දේවල් වලට අහුවෙලා තමන්ගේ කාලය නාස්ති කරගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. මීට කලිනුත් කීප දෙනෙක් ඔයවගේ දේවල් මේකේ පොස්ට් කරලා වැඩේ අවුල් ගියහම සද්ද නැතුව හිටිය හැටි මම දැකල තියෙනවා, කාලෙන් කාලෙට එක එක දේවල් එනවා. කාලයක් ඕව මේකේ නැගල ගියා. පිටරට වලත් ඉන්නවා අපේ වගේ ලෝකේ කාල වතුර බීපු එවුන්. උන් කරන්නේ ටිකක් වියදම් කරලා රෙවනියු ෂෙයාරින් සයිට් එකක් ඩිවලොප් කරගෙන, එකට මෙම්බර්ස්ලව ඇඩ් කරගෙන උන්ට සුරංගනා ලෝක මවල දීල, හොඳ ගානක් එකතු කරගෙන මාරුවෙලා යන එක. සමහර විට මේකෙදි මම වැරදියි කියල උඹ හිතයි. නමුත් පරිස්සමින්. මේ ලෝකේ මහන්සි නොවී සල්ලි හොයන්න බැහැ. ඒක වෙනකවුරුහරි කිවුවට කවුරුවත් තේරුම් ගන්නෙත් නැහැ, හැබැයි දවසක තමන්ටම තේරුම් යනවා. ගොඩක් පහුවෙලා තේරුම් යන්නේ නැතුව ඉකමනටම තේරුම් යනවනම් ගොඩක් හොඳයි. ජය වේවා.