Can we transfer money online from a sampath account to a non-sampath account via sampath vishwa or sampath net?

ඔව් පුළුවන් යාළුවා. සම්පත් බැංකුවේ නොවෙන ගිණුමකට මුදල් යවනකොට බැංකු ගාස්තු විදිහට LKR 100 අයකරගන්නවා.
දෙකෙන්ම කරන්න පුළුවන්. එත් සම්පත් නෙට් එකෙන් නම් කරන එක ටිකක් ලේසි නැහැ. සම්පත් නෙට් එකෙන් කරනවා නම් මුලින්ම ඔයාට මුදල් යවන්න ඕනේ කෙනාගේ විස්තර සම්පත් බැංකුවට යවන්න ඕනේ. එක කරන්න පහසුකම් එකේ තියෙනවා. ඊට පස්සේ බැංකුවෙන් තමා ඒවා හරිද කියල තරහවුරු කරගෙන ඔයාගේ සම්පත් නෙට් ගිණුමට එම විස්තර ඇතුල් කරන්නේ. නැවත නැවත ඇතුල් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාට පුළුවන් එම කෙනාට මුදල් යවන්න. මම නම් සම්පත් නෙට් එකෙන් සම්පත් විශ්ව එකට මාරු උනා. සම්පත් නෙට් එකට වඩා සම්පත් විශ්ව එකේ ගොඩක් දේ පහසු කරලා තියෙනවා. මුදල් යවන්න ඕනේ කෙනාගේ විස්තර ඔයාටම ඇතුල් කරගන්න පුළුවන්. අපේ රටේ තියෙන හැම බැංකුවකටම වගේ මුදල් යවන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන්නේ සම්පත් නෙට් ද? සම්පත් විශ්ව ද? උදවුවක් ඕනේ නම් කියන්න යාළුවා.
1. යාළුවා මුලින්ම සම්පත් විශ්ව ගිණුමට ලොගින් වුණාම Main Menu එකෙන් Customize තෝරාගන්න. Red Color එකින් Select කරලා තියෙනවා.
![]()
2. ඊට පස්සේ Personal Payees and Other Credit Cards එක Tab එක කරන්න.
![]()
3. ලැබෙන Form එකේ Account Type එක Personal Payees ලෙස Select කරන්න. Blue Color එකින් Select කරලා තියෙනවා. මුදල් යවන්න ඕනේ කෙනාගේ ගිණුමේ නම, ගිණුම් අංකය, ශාඛාව හා ගිණුම හිමි බැංකුව ඇතුලත් කරන්න. තහවුරු කර ගැනීම සදහා සම්පත් විශ්ව ගිණුමේ Username හා Password ඇතලත් කර Account එක Add කරන්න.
![]()
4. යාළුවා දන්නවනේ Fund Transfer කරන්න. Transfer Type එක Personal Payees ලෙස Select කරන්න.
![]()
ගොඩක් හදිසියේ Reply එක දැම්මේ. Images පැහැදිලිද දන්නේ නැ.
ඔව් යාළුවා. ඒ වගේ කාලයක් යනවා හුවමාරු වෙන්න.