මියන්මාර - තායිලන්ත දේශසීමාව ආසන්නයේ මුහුදේ ප‍්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මෙම භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර්මාපකයේ ඒකක 7 ක් ලෙස සටහන්ව ඇති බවයි.
කිලෝමීටර් 10 ක් මුහුදු පතුලේ ඇතිවූ මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් විසිපස් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම භූ කම්පනයේ ප‍්‍රබලත්වය තායිලන්ත දේශසීමාවේ සිට කිලෝමීටර් 800 ක් දුරින් පිහිටි බැංකොක් නගරයටත්, වියට්නාමයේ - හැනෝයි සහ චීනයේ ඇතැම් ප‍්‍රදේශවලටත් දැනී ඇති බව සදහන් වෙනවා.
කෙසේවෙතත් මියන්මාර භූ විද්‍යාඥයින් ප‍්‍රකාශ කළේ මෙම භූ කම්පනයේ ප‍්‍රබලත්වය මේ වනවිට රික්ටර් මාපකයේ ඒකක හයයි දශම අට දක්වා පහත බැස ඇති බවයි.
මෙම භූ කම්පනයෙන් පසුව ඒකක පහයි දශම හතරක පසු කම්පනයක්ද සිදුව තිබෙනවා.
