Open LL.B Entrance & Law Entrance කරන අය එන්ඩලා

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    ඉදිරියේදී පැවැත්වීමට නියමිත Open LL.B Entrance හා Law Entrance විභාග වලට අවශ්‍ය කරන ප්‍රශ්න සාකච්ජා කරන්න වගේම දැනුම බෙදා ගන්න කැමති අයට හොද ආරංචියක්.

    අපි දන්නවා පවතින තත්වය යටතේ අමාරුවෙන් උනත් ගොඩක් දෙනෙක් Law Entrance විභාග වලට සූදානම් වන බව. ඒකට උදව්වක් විදිහට පවත්වන අනුමාන සහ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ජා කරන
    online seminar series
    එකක් ගැනයි මේ ඔත්තුව.


    මෙතනදී,

    General Knowledge
    සාමාන්‍ය දැනීම කාලීන තොරතුරු, ඉතිහාසය, දේශපාලනය, විද්‍යාව හා තාක්ශණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ලෝකය සහ රටවල් වගේ මාතෘකා ගනනාවක් යටතේ කතා කරනවා. ඒ වගේම ප්‍රශ්න අසන රටාව හදුනා ගැනීම වගේ දේවලුත්.

    Intelligence Quotients
    බුද්ධි පරීක්ශනය විශයෙදී ප්‍රශ්න විසදීමේ කෙටි ක්‍රම, වේගවත්ව පිළිතුරු ලබාගැනීම වගේ දේවලුත් කතා කරනවා.

    Language
    ඉංග්‍රීසි විශයට රජයේ පුහුණුව ලත් උ/පෙළ ගුරුවරයෙක්ගේ සහය ලබාගන්න නියමිතයි.

    ඉතින් කොහොමද මේකට සෙට් වෙන්නේ ?

    පහතින් තියෙන facebook group එකෙන් වගේම whatsapp group එකක් තියෙනවා එතනින් ජොයින් වෙන්න.


    ක්‍රමවේදය මොකක්ද ?
    හැම දවසකම විශයට අදාලව PDF නිබන්ධනයක් එක්ක ප්‍රශ්න සාකච්ජා කරන එක තමයි වෙන්නේ.

    මේ වගේ එකක් පවත්වන්න හේතුව මොකක්ද ?
    අපි දන්නවා මේ වෙලාවේ රටේ පවතින වාතාවරනයත් එක්ක තමන්ගේ ඉගෙනීම් කටයුතු අතරමග නතර වෙච්ච විවිද වෘතීන් වල නියැලෙන පිරිස විශාලයි. අන්න ඒ අය වෙනුවෙන්ම තමයි මේ වැඩේ වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ උ/පෙළ ඉවර කරලා ඉන්න නංගිලා මල්ලිලාට මේක අදාල නෑ කියලා. එයාලටත් සම්භන්ද වෙන්න පුලුවන්. රස්සාවත් කරගෙන තව මොනා හරි අලුතින් ඉගෙනගෙන තමන්ගේ තත්වය උසස් කරගන්න බලාපොරොත්තු වෙන ඒ වගේම නීතිඥ වෘතිය සිහිනයක් වෙච්ච අයගේ හීනවලට උදව්වක් වෙන්නයි මේ උත්සහය.

    එහෙනම් අදාල සමූහයන්ට සම්භන්ද වෙලා තමන්ට මැසීජ් එකක් එනකන් බලාපොරොත්තුවෙන් ඉන්න.
    ජය වේවා !!!


    facebook group : LLB & Law Entrance - Paper Discussion

    whatsapp group :
    Law Entrance Help
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    හොරුන්ට , මිනීමරුවන්ටන් සේවය කරන්න සුපිරිම ජොබක් තමයි. ගොඩක් බඩු ගහන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: sakuntha1996

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මටත් හිතෙනව ඕක කරන්න. වයස බලපානවද?
    no age limit

    සම්මන්ත්‍රණ ගාස්තු කොහොමද?
    free
    ------ Post added on Feb 19, 2022 at 4:36 AM

    හොරුන්ට , මිනීමරුවන්ටන් සේවය කරන්න සුපිරිම ජොබක් තමයි. ගොඩක් බඩු ගහන්නත් පුලුවන්.
    ඇයි අනික් ජොබ් කරන අය මිනී මරන්නෙ හොරකම් කරනේ බඩු ගහන්නේ හෙම නැත්ද ?
    ------ Post added on Feb 23, 2022 at 7:09 AM
     
    • Like
    Reactions: sakuntha1996

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    ඇයි අනික් ජොබ් කරන අය මිනී මරන්නෙ හොරකම් කරනේ බඩු ගහන්නේ හෙම නැත්ද ?
    ------ Post added on Feb 23, 2022 at 7:09 AM
    අඩුයි සාපේක්ශව.
     
    • Like
    Reactions: sakuntha1996