Open Papers + Transfer Help

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala


    කරන්න තියෙන්නෙ මෙච්චරයි :cool:

    උඹට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ වැඩේ කරගන්න පුළුවන්
    දින දාලා නැති නිසා අවුලක් නැහැ.

    වැඩේට උඹේ පාස්පෝට් සයිස් කලර් පොටෝ දෙකක් ඕන
    එයින් එකක පිටිපස්සෙ උඹේ ID num එක මුල් අකුරු එක්ක නම හා ලිපිනය ලියලා
    අදාල ග්‍රාම නිලධාරිගෙන් හරි සාමදාන විනිසුරුකෙනෙක්ගෙන් හරි සීල් කරලා සහතික කරගන්න.

    ID Photocopy එකකුත් ග්‍රා.නි. ටම කියලා සහතික කරගන්න :yes:

    උඹ ගාව ඔය තියන Trancer form එක MTA - 06 & MTA - 08 හරියට පුරවන්න
    ඒකේ තියනව මෝටර් රථ ප්‍ර‍වාහන කොමසාරිස්ගේ පිටපත කියලා පිටපත් දෙකක්
    ඒක හැම තිස්සෙම දෙවෙනියට පුරවන්න. මොකද ඒ කොටස තමයි මෝටර් රථ දෙපාර්තමේන්තුවට යවන්නේ. මළාට මේ දෙක පුරවනකොට නම් වරද්ද ගන්න එපා. :no:

    අනිත් පිටපත් ටික උඹ ගාව තියාගන්න පුළුවන් ඒ නිසා ඒවා වැරදුනාට බය වෙන්න දෙයක් නැහැ. :P
    පිටපත් දෙකේම පුරවන්න තියෙන්නෙ එකම විස්තර. ඒසා උඹ ගාව තියාගන්න ඒවා ඉස්සරලා පුරවලා ඒක බලාගෙන අර මං කලින් කිවුව පිටපත් දෙක පුරවන්න. දින දානකොට උඹ
    ලියවිලි ටික ට්‍රාන්සර් කරන්න ඔෆිස් එකට භාර දෙන දිනේ දාන්න. :yes:

    වාහනේ ඔරිජිනල් පොත, වාහනේ ලයිසන් ඉන්ෂුවරන්ස් වල ඔරිජිනල් හා ෆොටෝකොපි දෙක
    අනිවාර්යෙන් ඕනි. ලයිසන් ඉන්ෂුවරන්ස් අඩුම තරමේ මාස 03ක් ඉදිරියට වලංගු වෙන්නත් ඕන. (නීතිය ඒක උනාට ඉන්න වැඩේට ඉන්න නිලධාරියා හොඳ නම් අවුලක් නැහැ.මාසයක් තිබ්බත් ඇති.)
    තව පරම අයිතිය (ෆිනැන්ස් කරලා හරි කොම්පැනියක වගේ එකකට හරි කලින් අයිතිය තබ්බා නම් විතරයි) අහෝසි කරන බවට අදාල ලිපියත් අවශ්‍ය වෙනවා.

    මේ සේරම ටික අරගෙන යන්න අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
    ඒකේ ආදායම් බලපත්‍ර‍ නිකුත් කරන තැනින් ගොඩක් වෙලාවට ට්‍රාන්සර් වැඩේ කරනවා
    නැත්තං කරන තැන අහගන්න.

    අදාල නිලධාරියාට ලියවිලි / ෆොටෝ භාර දෙන්න
    ලයිසන් ඉන්ෂුවරන්ස් චෙක් කරලා ෆොටෝකොපි තියාගෙන ඔරිජිනල් ආපහු උඹට ඒ වෙලාවෙ දෙයි.
    වාහනේ පොතේ කොපියක් උඹ ලඟ අනිවා තියාගන්න ඔරිජිනල් භාර දෙන්න කලින්
    ඊට පස්ස උඹ ගෙවන්න ඕන ගාස්තු ටික ලියලා දෙයි.
    ඒක ඒ කාර්යාලෙම සරප් (මුදල් අයකැමි) ට ගෙවලා රිසිට් එක ගෙනත් ට්‍රාන්සර් වැඩේ කරන කෙනාට භාර දෙන්න

    බයික් එකක් නිසා ට්‍රාන්සර් ගාස්තු නම් 500/= යි නම්බර් ප්ලේට් මාරු වෙනවා නම් ඒ ගාන (2400/=) හා පළාත් ගාස්තු (ලොකු ගානක් නෙමෙයි) ගෙවන්න වෙනවා
    තව පරම අයිතිය තිබිලා අහෝසි වෙනවා නම් තව 500ක් ඕන. :baffled::baffled::sorry:

    දැං වැඩේ හරි උඹෙන් ට්‍රාන්සර් ෆෝරම් භාර ගත්තා කියලා ලියවිල්ලක්
    අදාල රිසිට් අංක එහෙම දාලා උඹට ඒ වෙලාවෙම දෙනවා
    ඒක පරිස්සම් කරලා තියාගන්න
    වාහනේ පොත එනකල් හැම දේකටම ඔය කොල කෑල්ල ඕන.
    පොලිසියෙන් නැවැත්තුවත් මේ කොලේ තියනවා නම් බය වෙන්න ඕන නෑ. :D

    මේ දෙසැම්බර් 30ට කලින් වැඩේ කරගන්න. :shocked:

    විස්තරේ පැහැදිළි ඇති කියලා හිතනවා ;)





    පැහැදිලිවම තියෙනවා..
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචං ප්‍රාදේශීය ලේකම් එකෙන් ඔය වැඩේ කරන්න බැහැ නේද..නාරාහෙන්පිට යන්නම වෙනවා මං හිතන්නෙ

    එහෙම ඕනි නෑ මචං
    මගේ බයික් එකේ ට්‍රාන්සර් එකත් කරේ ප්‍රාදේශීය ලේකම් එකෙන්
    කිසිම අවුලක් නෑ
    මට මාස 02න් පොත ට්‍රාන්සර් වෙලා ආවා.
     
    එහෙම ඕනි නෑ මචං
    මගේ බයික් එකේ ට්‍රාන්සර් එකත් කරේ ප්‍රාදේශීය ලේකම් එකෙන්
    කිසිම අවුලක් නෑ
    මට මාස 02න් පොත ට්‍රාන්සර් වෙලා ආවා.

    මං ගම්පහින් ඇහුවම උන් කිවුවනේ කොළබ යන්න කියලා..උබ නුවරද??? උබලට දුර නිසා සමහරවිට ඔහෙන් පුලුවන් ඇති
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මං ගම්පහින් ඇහුවම උන් කිවුවනේ කොළබ යන්න කියලා..උබ නුවරද??? උබලට දුර නිසා සමහරවිට ඔහෙන් පුලුවන් ඇති

    මම නම් නුවර
    එහෙම දුර ලඟ කියලා එකක් නැහැ මචං
    ඔෆිස් එකේ උන්ට ලේසි නිසා එහෙම කියන්න ඇති. :angry:

    සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා බාරදිය හැකිය.

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=111&Itemid=115&lang=si
     
    Last edited: