Operation Meegalewa - මීගලෑව මෙහෙයුම

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දරුවා අතුරු පාරක දමා ගිහින් ?
    2014 අගෝස්තු මස 01 22:54:59 | .

    fb.png
    මීගගෑවේ දිනුජ යශේන් දරුවා අද රාත්‍රී දහයට පමණ ගල් ගමුව ඇඹෝගමුව දහ අටේ කණුව අසළ අතුරු පාරක දමා ගොස් සිටියදී සොයාගත් බව ස්ථ්ර කොකළ වාර්තා කියයි

    http://www.lankadeepa.lk/index.php/top_story/253881
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මාද්ය වැඩේ චා කලාද මන්දා.....මුන්ට කප්පම් ඉල්ලන්න ලමය මග ගෙනියනකොටත වැඩේ චැනල් වල යනවා.....ටී.වී වලටත් අප්පා සුපිරි නිවුස් එක අර තාත්තා අඩන එක නියමෙට විකුනන්න පුලුවන්...අරුන්ට දැන් කප්පම් ඉල්ලන හම්බෙන්නෙ නෑ...උන් දැන් දහ අතේ කල්පනා කරනවා ඇති කොටි වලිගෙ අල්ල ගත්තනම් මීට හොදයි කියල...පොලිසිය වැඩේ ක්‍රමයට කරන්න කලින් මාදය මෙහෙයුම පටන් ගත්තනේ... දරුවට කරදරයක් නොකර ඔය බස්ස්ටෑන්ඩ් එකක වත් අතඇරල පලයල්ලා...

    කේස් එක ඉවර උන විදියට නම් මට හිතෙන්නෙ මේක දියරකුස්ගෙ සම්භන්දයක් තියෙනවා වගේ :rofl::rofl::rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාද්ය වැඩේ චා කලාද මන්දා.....මුන්ට කප්පම් ඉල්ලන්න ලමය මග ගෙනියනකොටත වැඩේ චැනල් වල යනවා.....ටී.වී වලටත් අප්පා සුපිරි නිවුස් එක අර තාත්තා අඩන එක නියමෙට විකුනන්න පුලුවන්...අරුන්ට දැන් කප්පම් ඉල්ලන හම්බෙන්නෙ නෑ...උන් දැන් දහ අතේ කල්පනා කරනවා ඇති කොටි වලිගෙ අල්ල ගත්තනම් මීට හොදයි කියල...පොලිසිය වැඩේ ක්‍රමයට කරන්න කලින් මාදය මෙහෙයුම පටන් ගත්තනේ... දරුවට කරදරයක් නොකර ඔය බස්ස්ටෑන්ඩ් එකක වත් අතඇරල පලයල්ලා...

    මට උඹේ මේ comment එක ගැන සැකයි බන්. ඒ නිසා මම 119 ට කිව්වා උඹ ගැන. සමාවෙයන්... :sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා දිනුඳු යශේන් දරුවා පැහැරගත් සිව් දෙනකු අත් අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
    අඹන්ගමුව හා ගල්ගමුව අතර ඇඹෝගමදී දරුවා සොයාගත් බව පොලිසිය තහවුරු කරයි.
    පැහැරගත් දරුවා බළලුවැව කැළැවේ සිටිතියි ලැබුණු ඔත්තවක් ඔස්සේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩාමක් ද කැළය බලා එහි යන්නට සූදානමින් සිටයදි මෙම දරුවා ඇඹෝගම ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇතැයි පොලිසිය කියයි.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මාද්ය වැඩේ චා කලාද මන්දා.....මුන්ට කප්පම් ඉල්ලන්න ලමය මග ගෙනියනකොටත වැඩේ චැනල් වල යනවා.....ටී.වී වලටත් අප්පා සුපිරි නිවුස් එක අර තාත්තා අඩන එක නියමෙට විකුනන්න පුලුවන්...අරුන්ට දැන් කප්පම් ඉල්ලන හම්බෙන්නෙ නෑ...උන් දැන් දහ අතේ කල්පනා කරනවා ඇති කොටි වලිගෙ අල්ල ගත්තනම් මීට හොදයි කියල...පොලිසිය වැඩේ ක්‍රමයට කරන්න කලින් මාදය මෙහෙයුම පටන් ගත්තනේ... දරුවට කරදරයක් නොකර ඔය බස්ස්ටෑන්ඩ් එකක වත් අතඇරල පලයල්ලා...

    menna mekata sambanda ekek... diyarakusa
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔව් උගේ username එකත් පොඩි ළමයි පැහැර ගැනීම්වලට සම්බන්ද එකක්.
    දියරකුස්...:oo:
    දොස්තර හොඳ හිත කාටුන් එකේ දියරකුස් පොඩි කාලෙදි අපිටත් පෙන්නෙ බෑ...:rolleyes::D:eek:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Hats off CID!!!!!!!!!!!!!!

    7296823155-L.jpg

    මොනවා වුනත් මේ කොල්ලා ලක් කාරයෙක්.

    රටම කම්පාවට පත්කරමින් මීගලෑවේදී පැහැරගැනීමට ලක්‌ වූ සිව් හැවිරිදි දිනිඳු ඒකනායක දරුවා ගල්ගමුව ප්‍රදේශයේ නිවසක සිරකර සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ නිලධාරීන් විසින් ඊයේ (01) රාත්‍රි 10.00 ට පමණ බේරාගන්නා ලදී.

    සිඟිති දරුවා සිරකරගෙන සිටි සැකකරුවන් සිව්දෙනා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    පරීක්‍ෂණවලින් හෙළිවී ඇත්තේ රුපියල් කෝටියක කප්පම් මුදලක්‌ ලබාගැනීම සඳහා සන්නද්ධ කණ්‌ඩායම මෙම දරුවා පැහැරගෙන ගොස්‌ සිරකරගෙන සිට ඇති බවයි.

    සැකකරුවන් දින හතරක්‌ තිස්‌සේ ගල්ගමුව පිහිටි නිවසක ඉතාම රහසිගත ආකාරයට දරුවා සිරකර තබාගෙන ඔහුගේ පියාට වරින්වර කතා කර අදාළ කප්පම් මුදල ලබාදෙන ලෙස තර්ජනය කර තිබේ.

    පැහැර ගැනීමට ලක්‌වූ දිනිඳු ඒකනායක දරුවා ඊයේ රාත්‍රියේදීම වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබිණි.

    දරුවා සොයාගන්නා අවස්‌ථාව වන විට ඔහු දැඩි භීතියටත් කම්පනයටත් පත්ව සිටි බව පරීක්‍ෂණය මෙහෙයවූ නිලධාරියෙක්‌ පැවසීය.

    මෙම දරුවා දින හතරක්‌ තිස්‌සේම හඬා වැළපෙමින් තම මව්පියන් ඉල්ලා ඇති බව සිදුකරන ලද පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

    දිනිඳුගේ සීයා (දිනුඳුගේ මවගේ පියා) විසින් තම බාල දියණියගේ විවාහය සඳහා රුපියල් කෝටියක මුදලක්‌ ලබාදීමට පොරොන්දු වී ඇත. ඒ පිළිබඳව කප්පම්කරුවන් වෙත තොරතුරු ලැබී තිබූ අතර එම මුදල ලබාගැනීමට ඔවුන් දිනිඳු දරුවා පැහැරගෙන තිබේ.

    වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සහ තවත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ දරුවා සොයාගැනීම පිළිබඳව පරීක්‍ෂණ මෙහෙයවූහ.

    Source : divaina

    මීගලෑවේ දරුවා පැහැරගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සැකකරුවන් කප්පම් ඉල්ලූ දුරකතනයට කාන්තාවක් ලබාදුන් ඇමතුම ඉවහල් වූ බව මෙහෙයුමට එක් වූ රහස් පොලිසියේ උසස් නිලධාරියෙකු ප‍්‍රකාශ කළා. දිනිදු යෂේන් ඒකනායක නැමැති සිව් හැවිරිදි මෙම දරුවා ඊයේ (01) රාති‍්‍රයේ රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබුවේ ගල්ගමුව - ඇබෝගම ප‍්‍රදේශයේදීයි. දරුවා පැහැරගත් සැකකරුවන් 4 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන් දරුවා ලබාදීම සඳහා ඔහුගේ පියාගෙන් සහ සියාගෙන් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා තිබෙනවා. දරුවා සොයා ගැනීමේ මෙහෙයුමට එක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුව සැකකරුවන් සමග සබදතා ගොඩනගාගෙන එම මුදල රුපියල් ලක්ෂ 35 දක්වා අඩුකරගත් බව රහස් පොලිසියේ උසස් නිලධාරියා හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළා. අදාළ මුදල ලබාදීමට නම් දරුවා සුරක්ෂිතව සිටින බවට තහවුරු කරන ලෙසයි සැකකරුවන්ට ඔවුන් දුරකථන මගින් දැනුම් දී ඇත්තේ. ඒ අනුව පැහැරගත් දිනිදු ඒකනායකගේ සුරය ඇහැටුවැව ප‍්‍රදේශයේ දේවරූපයක් අසල තැබූ සැකකරුවන් එම ස්ථානයට පැමිණෙන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම සුරය දැක ඇති නිලධාරීන් එය දිනිදුගේ ම බවට කරුණු තහවුරු කරගත් පසු දරුවා සුරක්ෂිතව සිටින බවට හෙළිකර ගත්තා.

    ඒ අතරතුර රහස් පොලිස් නිලධාරීන් දිනිදුගේ ඥාතීන්ට සැකකරුවන් ඇමතුම් ලබාදුන් දුරකථන අංකයට ලැබෙන ඇමතුම් පිළිබඳව විමර්ශනය කර තිබෙනවා. ඒ අනුව පැමිණි එක්තරා දුරකතන අංකයක් පිළිබඳව විමර්ශන සිදුකළ නිලධාරීන්ට අනාවරණ කරගත හැකි වූයේ එය කිසියම් කාන්තාවක් විසින් ලබාදුන් ඇමතුමක් බවයි. එම කාන්තාව සැකකරුවෙකුගේ පෙම්වතියකගේ බවට හෙළි වූ පසු ඇය පොලිස් භාරයට ගෙන ප‍්‍රශ්න කර තිබෙනවා.

    ඒ අනුව රහස් පොලිසියට මෙම සැකකරුවන් පිළිබඳව තොරතුරු අනාවරණ කර ගැනීමට හැකිවූ බවයි හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ රහස් පොලිසියේ උසස් නිලධාරියා කියා සිටියේ. මේ වනවිට අදාළ දරුවා සහ ඇගේ දෙමාපියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ඇති අතර, මෙම දරුවා සොයා ගත් ආකාරය පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් අද (02) දහවල් මාධ්‍ය සාකච්ඡාවක් ද කැඳවා තිබෙනවා.

    Source : Hiru News
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අදාළ මුදල ලබාදීමට නම් දරුවා සුරක්ෂිතව සිටින බවට තහවුරු කරන ලෙසයි සැකකරුවන්ට ඔවුන් දුරකථන මගින් දැනුම් දී ඇත්තේ. ඒ අනුව පැහැරගත් දිනිදු ඒකනායකගේ සුරය ඇහැටුවැව ප‍්‍රදේශයේ දේවරූපයක් අසල තැබූ සැකකරුවන් එම ස්ථානයට පැමිණෙන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම සුරය දැක ඇති නිලධාරීන් එය දිනිදුගේ ම බවට කරුණු තහවුරු කරගත් පසු දරුවා සුරක්ෂිතව සිටින බවට හෙළිකර ගත්තා.

    මේකෙන් කොහොමද බන් ළමයා සුරක්ෂිතයි කියල තහවුරු කර ගන්නේ?
     
    අනේ මන්දා බන්. පත්තර වලට ලියන අයගේ වැරැද්දද නැත්නම් පත්තර වලට අදහස් ප්‍රකාශ කරන අයගේ වැරැද්දක්ද කියල. සිංහල නිව්ස් හැම එකකම වගේ ඔය වගේ නොගැලපෙන දේවල් තියෙනවා. මට නම් හිතෙන්නේ ලමයා පැහැර ගත්තේ උන්ම කියල තහවුරු කරන්න සුරය ගෙනත් තියන්න ඇතියි කියලා.
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    අදාළ මුදල ලබාදීමට නම් දරුවා සුරක්ෂිතව සිටින බවට තහවුරු කරන ලෙසයි සැකකරුවන්ට ඔවුන් දුරකථන මගින් දැනුම් දී ඇත්තේ. ඒ අනුව පැහැරගත් දිනිදු ඒකනායකගේ සුරය ඇහැටුවැව ප‍්‍රදේශයේ දේවරූපයක් අසල තැබූ සැකකරුවන් එම ස්ථානයට පැමිණෙන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම සුරය දැක ඇති නිලධාරීන් එය දිනිදුගේ ම බවට කරුණු තහවුරු කරගත් පසු දරුවා සුරක්ෂිතව සිටින බවට හෙළිකර ගත්තා.

    මේකෙන් කොහොමද බන් ළමයා සුරක්ෂිතයි කියල තහවුරු කර ගන්නේ?

    එකනේ බන් ඒක මාර තහවුරු කරගැනීම :D