Operation Pawan
ඉන්දීය හමුදාව ශ්රීලංකාවට පැමිනියේ සාම සාධක හමුදාවක් ලෙසය. ඒ 1987 ජූලි 30 වන දාය. ඒ වනවිට ඔවුන් අත්දැකීම් ලබා තිබුනේ එල්.ටී.ටී.ඊ යට සාපේක්ශව, උපක්රම සහ සංග්රාමික හැකියාව අතින් සාපේක්ශ වශයෙන් දුර්වල බෙදුම්වාදී කැරලි වලටය. පන්ජාබයේ ෂික් වරුන්ගේ ඛාලිස්ථාන් සටන හැරුනු විට සෙසු සියළු අරගල හැරුනු විට ඉන්දීය හමුදාව මුහුනදී සිටි සෙසු බෙදුම්වාදී සටන් වලදී ඔවුන් අත්දැකීම් ලබා තිබුනේ සාපේක්ශ වශයෙන් දුර්වල ගරිල්ලා කන්ඩායම් සමග සටන් කරය. ඔවුන් හමුදාව ප්රහාරාත්මකව ඉදිරියට පැමිනෙන විට ඊට 'ස්ථාවරව හුන්තැනම සිට' Stand & Fight මුහුනදුන් අය නොවේ. ඔවුන් ශ්රීලංකාවට පැමිනියේ එල්.ටී.ටී.ඊ ය එවැනි කණ්ඩායමක්ය යන ආකල්පය සහිතවය. ඉන්දීය හමුදාව සතුව පැවති දැවැන්ත සංග්රාමික ශක්තිය හමුවේ එල්.ටී.ටී.ඊ ය පිලිබඳව බරපතල අවතක්සේරුවකිනුයි ඔවුන් මෙහි පැමින තිබුනේ.
එල්.ටී.ටී.ඊ ය ඒක පාර්ශ්විකව සාම ගිවිසුම කඩ කරමින් ශ්රීලංකා සහ ඉන්දියානු හමුදාවන්ට එරෙහිව ප්රහාර දියත් කිරීම ආරම්බ කලවිට ඔක්තෝබර් 9/10 වන දින මධ්යම රාත්රියේදී, ඉන්දියානු සාම සාධක හමුදාව විසින් එල්ටීටීඊ බලකොටු නිශ්ක්රීය කර දැමීමට සහ යාපනය නගරය අල්ලා ගැනීම අරමුණු කරගත් ප්රධාන ඒකාබද්ධ මෙහෙයුමක් වන ඔපරේෂන් පවන් 1987 ඔක්තෝබර් 11 වනදා පමණ Jaffna University Helidrop (Operation Pawan) දියත් කරන ලදී.
'පවන්' මෙහෙයුමේ භූමි ක්රියාන්විත වල සැබෑ ආරම්භය : යාපනය විශ්වවිද්යාලයේ එල්.ටී.ටී. ඊ මූලස්ථානය වෙත හෙලිකොප්ටර් මගින් සිදුකල ඇතුළුවීම - ඔක්තෝබර් 12 මධ්යම රාත්රිය.
මේ අවධිය වනවිට යාපනය විශ්ව විද්යාල භූමිය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් තම මෙහෙයුම් මූලස්ථානයක් ලෙස යොදාගනිමින් තිබුනා. මෙම සැලැස්මට හෙලිකොප්ටර මගින් ඉන්දියානු හමුදා ඒකක විශ්ව විද්යාල භූමියට ඇතුළු කිරීම ඇතුලත් වුනා.සැළැස්මේ පළමුවන අදියරේදී හෙලිකොප්ටර් පථයක් Heli Pad ලෙස යොදා ගැනීමට විශ්ව විද්යාලයේ පාපන්දු පිටිය අත්පත් කර ගැනීම සඳහා, පැරෂුට් රෙජිමේන්තුවේ 10 වැනි බලඇණියට අයත් කොමාන්ඩෝ භටයන් 17 දෙනෙකු ගොඩබස්වීමට සැලසුම් කර තිබුනා. ඉන් අනතුරුව සික් සැහැල්ළු පාබල රෙජිමේන්තුවේ Sihk Light Infantry 13 වැනි බලඇණියට අයත් ප්ලැටූනයක් (භටයන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්) පැමිණීමට නියමිතව තිබුනා. මෙලෙස ගුවන් මගින් ලඟාවන භට පිරිස් ගොඩබිම ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටි '5 වන ගුරුකා රයිෆල්ස්' (5 Gorkha Rifles) රෙජිමේන්තුවේ 4 වැනි බලඇණිය සමඟ එක්වීමටයි සැළසුම් කර තිබුනේ.
එහෙත් එම මෙහෙයුම් බිහිසුනු ව්යසනයකින් අවසන් විය. IPKF ගුවන් විදුලි සම්ප්රේෂණ හරහා කලින් දැනගත් තොරතුරු මත පදනම්ව LTTE සංවිධානය සැඟවී සිට එල්ල කල පහරදීමක් ආරම්භ කළ බැවින් මෙහෙයුම ව්යසනයකින් අවසන් විය.
MI-8 හෙලිකොප්ටර් යානා අතරමග නතර කිරීමට සිදු විය. මුළු රාත්රිය පුරාම පැවති සටනේදී, සික් සැහැල්ලු පාබල හමුදාවේ භටයින් 30 දෙනාගෙන් 29 දෙනෙකු සහ කමාන්ඩෝ භටයින් 17 දෙනාගෙන් 6 දෙනෙකු මිය ගියහ. යුද සිරකරුවෙකු ලෙස දිවි ගලවා ගත්තේ සෙපෝයි ගෝරා සිං පමණි.
පයින් සම්බන්ධ වීමට උත්සාහ කළ ගොර්කාවරුන් වෙතද එල්.ටී.ටී.ඊ ත්රස්ථවාදීන් නවන්තුරෙයිහිදී සැඟවී සිට පහර එල්ල කරනු ලැබුවා. එම ප්රහාරයෙන් ගුර්කා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ඇතුළුව 35 දෙනෙකු මිය ගියා
IAF MI-8 ප්රවාහන හෙලිකොප්ටර් යානා දරුණු ප්රහාරවලට ලක් විය. පාලක කේබල් කැඩී ගොස් ඉන්ධන මාර්ග සහ හයිඩ්රොලික් පද්ධති වලට වෙඩි වැදී හානිවී තිබුනි. ගොඩබෑමේදී ටයර් පුපුරුවා හරින ලදී. මෙම තත්වය යටතේ හෙලිකොප්ටර් ගොඩබෑම් සහ අපිලිවෙලකට විසිරී ගිය හමුදා මෙහෙයුම අතරමග නතර කරන්නට සිදුවිය. යාපනය විශ්වවිද්යාලයේ මෙහෙයුම අසාර්ථකවීම හේතුවෙන් ශ්රීලංකාව තුළ ඉන්දියානු හමුදාවේ උපාය මාර්ග සම්පූර්ණයෙන්ම වෙනසකට පරිවර්තනය කිරීමට සිදුවූ අතර එමඟින් ඉන්දීය හමුදා මෙහෙයුම් බිහිසුනු පූර්ණ පරිමාණ නාගරික යුද්ධයකට A Full scale urban combat ඇද වැටුණි.
මෙහෙයුම යුධමය වශයෙන් ඉන්දියාව ලැබූ ජයග්රහණයක් ලෙස පෙන්නුවද උපායමාර්ගික සහ දේශපාලනික වශයෙන් එය විශාල පරාජයක් ඉන්දීය හමුදාවට මෙතෙක් විදේශීය මෙහෙයුමකදී සිදුවූ දරුණුතම ජීවිත හානිය මෙය වන අතර, එහිදී ඉන්දීය සෙබළුන් 1,100 කට අධික පිරිසක් මියගොස් 3,000 කට වඩා තුවාල ලැබූහ. මේ නිසා මෙම යුද්ධය ඉන්දියාවේ "වියට්නාම යුද්ධය" (India's Vietnam) ලෙසද හඳුන්වති
මෙහෙයුම පසු යාපනය අර්ධද්වීපයෙන් පසුබැස ගියද, ප්රභාකරන් ඇතුළු LTTE නායකත්වය වන්නි වනාන්තර දෙසට පලාගොස් තම ගරිල්ලා සටන් උපක්රම අඛණ්ඩව කරගෙන ගියේය මෙම මෙහෙයුමේ අවසාන ඛේදවාචකය වූයේ 1991 මැයි මාසයේදී හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා LTTE මරාගෙන මැරෙන බෝම්බකාරියක අතින් ඉන්දියාවේදී ඝාතනයට ලක්වීමයි