OPPO F1s_ගැන_තොරතුරු leak වෙයි
Selfie කැමරා වල සඳහාම ප්රචලිත නමක් තමයි OPPO F1 කියන්නේ. ඉතින් මේ F1 ජංගම දුරකතනයේ අලුත්ම සංස්කරණය OPPO F1s අගෝස්තු මාසයේ දී එනම් තවත් දින කිහිපයකදී එළිදැක්වීමට නියමිතයි. ප්රභල ඉදිරිපස කැමරාවක් ඇති OPPO F1s ස්මාර්ට් ජංගම දුරකථනය මීට පෙර සංස්කරණය වූ F1 ජංගම දුරකථනයේ ගුණාංග හා තත්වය තවත් උසස් කරගනිමින් එළිදැක්වෙනු ඇති බවයි OPPO සමාගම පවසන්නේ.
පහතින් දැක්වෙන්නේ මේ නවතම OPPO F1s ජංගම දුරකථනය සඳහා නිකුත් වුණු ඉන්දුනීසියානු වෙළඳ දැන්වීමක්. දැනට කිසිදු OPPO නිල වෙබ් අඩවියක OPPO F1s පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර නැති වුවත් ඉන්දුනීසියානු OPPO වෙබ් අඩවියේ නව දුරකථනයේ පෙනුම හා කැමරාව පිළිබඳ හෝඩුවා කිහිපයක් දැක්වෙනවා. එම දැන්වීමේ දැක්වෙන පරිදි මනා නිමාවකින් යුතුව නිර්මාණය කර ඇති ජංගම දුරකථනයේ සුවිශේෂී 16MP ඉදිරිපස කැමරාව හැරුණුකොට වෙනත් තොරතුරක් මේ වන තෙක් අණාවරණය වී නැහැ. කෙසේ වෙතත් GSMArena හී වාර්තා වී ඇති අන්දමට මේ ජංගම දුරකථනයේ ස්පර්ශ සංවේදී ප්රධාන බටනයේ ඇඟිලි සලකුණු සංවේදකයක් ද සහිතයි.
අගෝස්තු 3 වනදා ලොව පුරා එළිදැක්වීමට නියමිත OPPO F1s ස්මාර්ට් ජංගම දුරකථනය පිළිබඳ දැනට තාක්ෂණ ලෝකයේ ලොකු අවධානයක් යොමුවී තිබෙනවා.
source:techguru.lk

aperture eka ehema sahena adu front cam ekak wage.

16k naa wage