Oral Sex භයානකයි..මෙන්න හේතුව!
යුවලක් අතර ලිංගික සම්බන්ධයකදී එහි ඇති ඒකාකාරී බව නැතිකරගන්නට වගේම ලිංගික තෘප්තිය වර්ධනය කරගන්නටත් Oral Sex (මුඛ ලිංගික ක්‍රියා) සිදුකිරීම බොහෝ දෙනෙක්ට පොදුයි. ඒක විවිධ ආකාරයෙන් සිදුකරන්න පුළුවන්.
විෂම ලිංගික යුවළ සම්බන්ධයකදි පුරුෂයෙක් විසින් කාන්තාවකගේ යෝනිය සිය මුඛය භාවිතයෙන් වින්දනයට පත්කිරීම හෝ කාන්තාවක් විසින් පුරුෂයාගේ ලිංගේන්ද්‍රය තමන්ගේ මුඛය භාවිතයෙන් වින්දනයට පත්කිරීම Oral Sex වල ප්‍රධානතම ක්‍රියාවන් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙය සමලිංගිකයන් අතරත් සිද්ධවෙන්න පුළුවන්. ඒත් මේ Oral Sex කොතරම් ලිංගික තෘප්තියක් ජනිත කරත් මෙහි ඇති අනතුරුදායක බව අමතක කරන්න බැහැ.
විශේෂයෙන් Sexually Transmitted Infections (ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග) ඇතිවෙන්න ප්‍රධානම හේතුවක් විදිහට මේ Oral Sex නම්කරන්න පුළුවන්. ගොනෝරියා, හර්ෆීස්, සිෆිලිස් වගේ රෝගයන් බොහොම පහසුවෙන් Oral Sex හරහා ආසාදිතයාගේ ලිංගික අවයවසේ සිට අනෙක් කෙනාගේ මුඛය හරහා ශරීරගත වෙන්න වැඩි අවදානමක් තිබෙනවා.ඒවගේම HIV, ලිංගික ඉන්නන්, ක්ලැමීඩියා, හෙපටයිටීස් A,B සහ C වගේ රෝගත් Oral Sex හරහා ශරීර ගතවීමේ යම්කිසි අවදානමක් තිබෙනවා.
මෙවැනි රෝගයක් තිබෙන බවට ඔබ හොඳින්ම දන්නා කෙනෙක් සමග හෝ එවැනි රෝගයක් තිබෙන බවට ලක්ෂණ පෙන්නුම් කරන කෙනෙක් සමග Oral Sex නොකර ඉන්න අනිවාර්යයෙන්ම මතක තබාගන්න. Oral Sex විතරක් නෙවෙයි සාමාන්‍ය ලිංගික සබඳතාවයකදි පවා ඒ රෝග සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.
එවැනි රෝග පවතින අයෙක් ඉන්නවනම් ලඟම තිබෙන ප්‍රධාන රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයට ගිහින් STI/RTI Screening එකක් කරලා රෝග නිර්ණය කරගෙන බෙහෙත් ගන්න එක ඉතාම වැදගත්.
ඒ නිසා ලිංගික සතුට වෙනුවෙන් එකිනෙකා එකතුවෙද්දි කට පාවිච්චි කරන්නේ බොහොම පරිස්සමෙන්. අර කතාවට කියනවා වගේ ඇතිවෙන්නත් නැතිවෙන්නත් දෙකටම හේතුව කටමනේ.
උපුටා ගැනීම - www.her.lk