ස්වර්ණමහල්, වෝග්, රාජා ජුවලර්ස්, තව අර මුතුකරුප්පන් චෙට්ටියාර් වගේ නමක් තියෙන්නෙ. මම හිතන්නෙ ඒ වගේ ඒවා වල හොද රත්තරන් තියෙන්නෙ. මට මතකයි එක පාරක් අම්මයි මමයි රත්තරන් බඩු වගයක් ගන්න ගියා. යන්න කලින් වෙන අදුරන තැනකින් වටිනාකම බලන් ගියේ ඒවා දීලා වෙන ඒවා හදා ගන්න. එතනින් ස්වර්ණමහල් එකෙන් ගනිපු ඒවා වල හරියටම බර තියෙනවා කියුවා. ගාල්ලෙ කිත්තන් ගෙය කියලා තියෙන එකෙන් අම්මා ඉස්සර හදාගනිපු මාලයක් තිබුනා. ඒකෙ නම් බාල රත්තරන් කියුවා.. කියුවා වගේම ස්වර්ණමහල් එකෙන් ගනිපු එකට හරිම වටිනාකම ලැබුනා.. හැබැයි ඉතින් 100%ක්ම හරියටම තියෙද කියන්න දන්නෙ නෑ. ඒත් අනිත් තැන් වලට වඩා ඒ වගේ තැනකින් ගන්න එක හොදයි මන් හිතන්නෙ.