Out of box හිතන සාමාන්‍ය උනුයි introvert උනුයි ඇතුලට වරෙල්ලා.
.
.
.
.
ලංකාවෙ ඉන්න ගොඩක් අයගෙ වගේ මටත් ආසාව තිබුණෙ හොදට ඉගනගෙන වෙන රටකට ගිහින් හරි ලංකාවෙ ඉදන් හරි ලොකු වාහනයක් අරන් ලොකු ගෙයක් හදලා සැප පහසුවට ඉන්න.
මම සාමාන්‍ය පවුලක කොල්ලෙක්. ලොකුවට සල්ලි නැහැ.
මගෙ මුලින් තිබ්බ අර හිනෙ පොඩ්ඩ පොඩ්ඩ කාලෙක ඉදල වෙනස් වීගෙන එන ගමන් තිබුණෙ.
අද GTගෙ චැට් එකක් දැක්කා ලංකාවෙ ඉන්න එක හොදයි කියල අනිත් රටවල් වල වියදම එක්ක බලද්දි. තවත් ඒ හීනෙ වෙනස් උණා.
එයා තව කියල තිබුණ ඩ්‍රයිවර් කෙනෙක් ගන්න කතාවක්. ඊට පහලින් තිබුණ Heshan Daminda ගෙ කමෙන්ට් එකේ තිබුණ ඩ්‍රයිවර් කෙනෙක් ඕනත් නෑ වාහන ඕනත් නෑ ඌබර් දාගත්ත නම් තවත් ලේසියි කියල.
ඇත්තට ම ඒ දේවල් වලින් මගේ හීනෙ තව තව වෙනස්කම් ගොඩක් උණා.
කෝටි ගාණක් වියදම් කරන් අගනුවරවල්වලින් ඉඩම් අරන් ගෙවල් හදලා ලොකු වාහන ගන්නවාට වඩා සතුටින් සරලව ඉන්න බැරි ද බං අපට?
මගේ මාමා ලොකු ආයතනයක ප්‍රධානියා. හවස 6 වෙද්දි ගෙදර ආවට රෑ වෙනකම් ෆර්ම් එකේ වැඩ. සතියෙ දවස් පහම රස්සාව කරන්නත් ඕන.මට හිතෙනවා කිසිම නිදහසක් නෑනෙ කියල.
මං කියන්නෙ ජීවත් වෙලා ඉන්න ටික කාලෙට වැඩි හරියක් දුක් විදල මහන්සි වෙලා සල්ලි හොයල මහ මන්දිර හදලා මැරිල යද්දි උකුණු පුකක තරම් දෙයක්වත් ගෙනියන්නෙ නෑනෙ. ඉතිං ඇයි බං ජීවිතේ වැඩි කාලයක් දුකම අනුභව කරන්නෙ මෙහෙම?
දුක් කදුළු ගිලලා අනිත් පැත්තට මාලිගා යාන වාහන රීලා යනවා ජීවත් වෙන උන්ට.
යනකොටත් ඒ ගොඩ නගපු දේවල් දාලා යන්න බැරුව දුක් විදිනව ඇති නේද එහෙම මිනිස්සු?
එහෙම ජීවත් වෙනවට වඩා මෙහෙම හොද නැද්ද?
අගනුවර දූෂිත වාතයට වඩා ග්‍රාමීය පැත්තකින් ගන්නවා ඉඩමක් හදනවා ගෙයක්. මාලිගාවක් නැතුව සරල ගෙයක්. සාමාන්‍ය සැප පහසුව තියෙන වාහනයක්. ජීවිත කාලය තමයි මට මදි ම දේ.
ඒ නිසා කාලය ඉතිරි කරගන්න සල්ලි වියදම් කරනවා. අර කිව්ව වගේ සැප පහසු ඇදක් ගන්නවා. ගාෆීල්ඩ් වගේ තඩි පුරුවෙක් තඩි හස්කියෙකුයි තුවක්කුවකුයි ඕන.
මම ම හිටවපු වගාවකින් එලවළු පලතුරු කන්න කැමතියි.
ෆිසික්ස් සම්බන්ධ දේවල් ගැන පරීක්ෂණ කරන්න කැමතියි.
කාල තරණය බ්ලැක් හෝල් වගේ දේවල් ගැන හිත හිත ඉන්න ආසයි.
ඒත් ප්‍රශ්න ටිකක් තියෙනවා මේ රටේ ජීවත් වෙද්දි. නීතිය සම්බන්ධයෙන් මහා එපා කරපු විදියට වැඩ කරන රටක් මේක. කැලෑ නීතිය හැමතැනම. එතකොට හදිස්සියේ පාරෙ දි දේශපාලන හෙංචයියෙක්ගෙ වාහනයක් ඉස්සර කරොත් ඒකට ගේම ඉල්ලන්න පුලුවන්. සමහරවිට අර යක්කලමුල්ලේ ඕ අයි සී වගේ පිස්සෙක් සෙට් උනොත් ඒත් එහෙම වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලට මුහුණ දෙන්නෙ කොහොමද මේ රටේ?
එතකොට අනිත් ප්‍රශ්නය මං කරන්නෙ මොන වගේ රැකියාවක් ද කියන එක.
මගේ එක ම කැමැත්ත ෆිසික්ස් පැත්තට විතරයි. ඒකට අදාල රැකියාවක් ගමක ඉදන් කරන්න පුළුවන් කමකුත් නෑනෙ. ලෙචෙක් උනොත් විශ්ව විද්‍යාල වට පිටාව සාමාන්‍යයෙන් නාගරිකයි. මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකකට ජොයින් උණත් එහෙමයි.
ලංකාවෙන් දුරට යන්න හිතුණත් ටැක්ස් අතින් ලංකාවෙ ඉන්න එක හොදයි කියන කතාව නිසා ටිකක් ඒ ගැන හිතල බලන්න වෙනවා.
උබල මොනවා ද හිතන්නෙ මේකට සිමිලර් ප්ලෑන්ස් උබලටත් තියෙනවා ද?
තියෙන අඩූපාඩු වැරදි මොනව ද මේ ප්ලෑන් එකේ?

Last edited:
ඉන්නකන් හොදට කාල බීලා, ඉතුරුවක් කරන්නේ ළමයෙක්ට වගේනේ. එකට ඉතින් තණ්හාවක් තියාගන්නේ නැතුව හිටියාම හරි.