මමත් ටික අවුරුදු එක හමාරකට විතර කලින් ඕකක් ගන්න කියලා හොයලා බැලුවා. ඉතිං ගොඩක් අය කියන්නේ ඔය වාහනේ එච්චර හොද නෑ කියලා. පෙට්‍රල් වැඩ කරනවාත් හරි නෑ. ඔයිට වඩා හොදයි අර විවා එලයිට් එක.
ඉතිං මගේ අතේ තිබ්බේ ලක්ෂ 18 යි. මට ඒ ගානට ගන්න බ්‍රෑන්ඩ්නිව් පොඩි කාර් තිබුනේ පැන්ඩා සහ එලයිට් එක විතරයි. ඒත් පස්සේ මම කලේ ලංකාවෙත් දුවපු ටොයෝටා විට්ස් එකක් ගන්න එක. එක මම අවුරුද්දක් විතර පාවිච්චි කරලා ලක්ෂ 19 ට දුන්නා. ඊට පස්සේ තව ගානක් දලා අලුත් ජපනෙක් ගත්තා.
මම මුල් පාරම පැන්ඩා එකක් අර තිබ්බා නං අතින් පාඩුනේ වෙන්නේ.