PARLIMENT POKURA STARTING

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා නව සැසිවාරය විවෘත කළ අද (18) දිනයේදී පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කරනු ලැබූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදී පුද්ගලයන් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගෙන ඇත.


    ජනපතිවරයා පැමිණීමට පෙර පරිශ්‍රයට පුද්ගලයින් ඇතුළත් කිරීමේදී මෙම ධනාත්මක වීම් හඳුනාගෙන ඇති අතර වහාම ඒ අය නිරෝධායන නීති අනුව කටයුතු කිරීම සඳහා පිටත් කරවා ඇත.
    හමුවූ අය කවුරුදැයි ප්‍රසිද්ධ කර නැත. රාජාසන කතාව වෙනුවෙන් අද දින පාර්ලිමේන්තුවේ වෙනදා සිදුවන චාරිත්‍රානුකූල කටයුතුද සීමා කර තිබුනේ කොරෝනා වෛරස වසංගතය නිසාය.


    සාම්ප්‍රදායිකව සිදු කෙරෙන කටයුතු වලට පමණක් ප්‍රමුඛතාවය දෙමින් පාර්ලිමේන්තු නව සැසි වාරය ආරම්භ කෙරුණු අතර ආචාර පෙළපාලි, රථ වාහන හෝ අශ්වාරෝහක සංදර්ශන කිසිවක් ඊට ඇතුළත් නොවීය.
    අද දින මහජන ගැලරි තුළ විශේෂ අමුත්තන්ට අවසර හිමිවූ අතර ස්වාමින් වහන්සේලා,විදෙස් නියෝජිතයින් මෙන්ම මාධ්‍ය කණ්ඩායම් වලට පහසුකම් සලසා තිබුණි. ඒ සියල්ලන්ද ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කර ඇතුළු කර තිබුණි. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පූර්ණ සහභාගීත්වයක් පැවති අතර ඒ අයටද ඇන්ටිජන් පරීක්ෂා සිදු කරන ලදි.