Parvo රෝගය යනු කුමක් ද?:

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Parvo රෝගය යනු කුමක් ද?:

    Parvo රෝගය යනු කුමක් ද?:

    cpv_canine_parvovirus.jpg


    සුනඛයන්ට මාරාන්තික විය හැකි දරුණුම රෝග අතරින් ඉදිරියෙන්ම පවතින්නේ Parvo රෝගයයි. මෙය වෛරස් රෝගයක්. රෝගය වැළඳුනු සුනඛයන්ගෙන් වෙනත් සුනඛයන් වෙත බොහොම පහසුවෙන් බෝ විය හැකි මෙය බොහෝ විට සුනඛයන්ට මරණය ලඟා කරනවා. නමුත් අවධානයෙන් සිටීම තුලින් මේ රෝගය පහසුවෙන් වළක්වාගන්න පුළුවන්.
    මෙහි රෝග ලක්ෂණ, මෙම රෝගය වැළඳීමේ අවදානම වැඩියෙන් ඇති සුනඛ වර්ග, රෝගය වලක්වාගැනීමේ ක්‍රම මෙන්ම රෝගය වැළඳුනු සුනඛයෙක් හමුවුනොත් කල යුතු දේ යන සියලුම කරුණු මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන්.

    ඔබ සුනඛයන් ඇති කරන අයෙක් නම් මෙය අනිවාර්යයෙන් අවසානය තෙක් කියවන්න. ඔබ දැනට දන්නා කරුණු සේම නොදන්නා කරුණු රැසක් ද මෙහි අන්තර්ගතයි.


    62_parvo-1.jpg


    Parvo රෝගය යනු කුමක් ද?:

    Canine parvovirus නමින් හඳුන්වන මෙම රෝගය ඉහත සඳහන් කල පරිදිම බොහොම දරුණු වයිරස් රෝගයක්. මෙම වයිරසය සුනඛයාගේ ශරීරයේ සෛල වලට විශාල බලපෑමක් ඇතිකරන අතර බොහෝ විට සුදු රුධිරාණු වලටද බලපෑම් ඇතිකරන බව සඳහන් වෙනවා. එසේම සුනඛයාගේ ආහාර ජීර්ණ පද්ධතියට ද මෙමගින් විශාල හානියක් වන බවයි වාර්තා වල සඳහන් වෙන්නේ. මීට අමතරව කුඩා පැටවුන්ට මෙය වැළඳුන විට හෘදයේ පේශි වලටද මෙයින් විශාල හානියක් සිදු වෙනවා. රෝගය වැළඳෙන සුනඛයන් අතරින් 91%ක් පමණ මිය යාමේ සම්භාවිතාවක් තිබෙන බවයි වාර්තා වෙන්නේ. (මෙම රෝගය මිනිසුන්ට ආසාදනය වන්නේ නැහැ).
    රෝග ලක්ෂණ:

    Parvo-bloody-diarrhea-stool-history-162.jpg


    සාමාන්‍යයෙන් වෛරසය ශරීරගත වීමෙන් දින 3-7 ඇතුලත පහත රෝග ලක්ෂණ පිලිවෙලින් ඇතිවනු දැකගත හැකියි.

    • ශරීරය බෙහෙවින් දුර්වල වීම
    • සුනඛයා ආහාර ප්‍රතික්ෂේප කිරීම
    • අධික වමනය
    • පමණට වඩා දුගඳක් සහිත පාචනය
    • පාචනය සමඟ රුධිරය පිට වීම
    • සුනඛයා අධිකව විජලනයට ලක්වීම
    ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන සුනඛයෙක් සිටී නම් වහාම පශුවෛද්‍යවරයෙක් වෙත රැගෙන යා යුතු බව මතකතබාගන්න!


    Parvo රෝගය බෝ වෙන්නේ කෙසේද?:

    ප්‍රධාන වශයෙන් මෙම රෝගය පැතිරී යන්නේ ආසාදිත සුනඛයන්ගේ මලපහ මගිනි. රෝගී සුනඛයෙකුගේ මලපහ අංශුවක් වුවද දුහුවිල්ල ආකාරයෙන් හෝ වෙනත් සුනඛයෙකු වෙත ළඟා වුවහොත් එම සුනඛයාට පහසුවෙන් රෝගය වැළඳීමේ ඉඩකඩ තිබෙනවා. මේ නිසා වෛරසය ඔබේ සපත්තු, වාහනයේ රෝද ආදියේ තැවරී හෝ ඔබ නොදැනුවත්වම නිවසට පැමිණීමේ ඉඩකඩ බහුලයි. එසේම වෛරසයට ස්වභාවික පරිසරය තුල මාස ගණනක් විනාශ නොවී පැවතීමේ හැකියාව ඇති බැවින් මෙය බෙහෙවින් භයානක තත්වයක් ලෙස සැලකෙනවා.
    පාවෝ රෝගය වළක්වාගන්නේ කෙසේද?:

    ඇත්තටම මෙම රෝගය සුව කරගැනීමට වඩා කල් තබා වලක්වාගැනීම පහසුයි. මේ සඳහා සරලම විසඳුම නම් කුඩා කල සිටම නියමිත පරිදි "Parvo එන්නත" ලබා දීමයි. මෙම එන්නත සති 6-8 පමණ වයසේදී කුඩා පැටවුන්ට පළමු වරට ලබා දෙන අතර ඉන් පසුව නැවත වරක් වයස සති 12න් පමණ එම එන්නත ලබා දෙනවා. මෙමගින් සුනඛ පැටවාගේ සිරුරේ මෙම රෝගයට එරෙහි ප්‍රතිශක්තිය ස්ථාපනය කරවීම අරමුණු කරගන්නවා. එයින් පසුව සෑම වසරකටම වරක් පාවෝ එන්නත සුනඛයන් ට ලබා දිය යුතුයි. (අද වන විට වසර 3කට වරක් ලබා දිය හැකි විශේෂ එන්නතක් ද මෙම රෝගය සඳහා තිබෙන බව අපට දැනගන්න ලැබෙනවා). එය ඔබේ පශුවෛද්‍යවරයාගේ උපදෙස් මත ලබා දිය හැකියි.

    පාවෝ රෝගකාරක වෛරසය සමහර කාල වලදී විවිධ වෙනස්වීම් වලට භාජනය වෙමින් තම ස්වරූපය වෙනස් කරගැනීමට ද සමත් විය හැකි බව නවතම සොයාගැනීම් වලින් දැක්වෙනවා. එවැනි අවස්ථා වලදී අන්තර්ජාතික පරීක්ෂණ අනුව වෛරසයේ නව ස්වරූප වලට ගැලපෙන පරිදි නව එන්නත් නිකුත් කරනු ලබනවා. දිවයින පුරා පශුවෛද්‍යවරුන් වෙත ඒ තොරතුරු ක්ෂණිකව ලැබෙන බැවින් එවැනි අවස්තාවක් වෙතොත් ඔබේ පශුවෛද්‍යවරයා ඔබව දැනුවත් කරනු ඇති.




    රෝගය වැළඳීමේ වැඩිම අවධානමක් ඇත්තේ කවර සුනඛයන්ට ද?:

    මේ රෝගය කුඩා සුනඛ පැටවුන්ට සහ නව යොවුන් වියේ සුනඛයන්ට වැළඳීමේ අවධානම වැඩි බව වාර්තා වෙනවා. සමස්තයක් ලෙස ගත් කල සාමාන්‍ය සුනඛයන්ට සේම සුනඛ කුලයේ වෙනත් සත්ව වර්ග වන නරින්, වෘකයන් වැනි සතුන්ටත් මෙම රෝගය වැළඳිය හැකියි.
    සාමාන්‍යයෙන් සුනඛ වර්ග සැලකූ විට Rottweiler, German Shepherd, Doberman, Labrador, American Staffordshire terrier, යන වර්ග වල සුනඛ වර්ග වලට මෙම රෝගය වැළඳීමේදී අවදානම වැඩි බවයි American Animal Hospitals Association මගින් පල කල වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ.
    පාවෝ රෝගය වැළඳුනු සුනඛයෙක්ට ප්‍රතිකාර කල හැකි ද?:

    රෝගය වැළඳීම වැලැක්වීම සඳහා කල්තබා ලබා දිය හැකි එන්නත් තිබුනද, වෛරසය ශරීර ගත වීමෙන් පසුව නම් ප්‍රතිකාර කල හැකි ඉඩකඩ බොහොම සීමා සහිත බවයි වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් Parvo රෝගය වැළඳුනු සුනඛයෙක් අසාධ්‍ය තත්වයට පත්වීමට ගත වන්නේ ඉතා සුළු කාලයක් වන අතර එබැවින් එවැනි සතෙකු සත්ව-රෝහලක් තුල නේවාසිකව ප්‍රතිකාර ගැනීම සඳහා යොමු කිරීමට බොහෝ විට සිදු වෙනවා. මෙහිදී සතාගේ විජලන තත්වය ඇතිවීම වැලක්වීමට අවශ්‍ය පියවර ගන්නා අතරම ප්‍රතිජීවක ලබා දීම ඇතුළු තවත් සංකීර්ණ පියවර රැසක් ගැනීමට පශුවෛද්‍යවරුන්ට සිදු වෙනවා. (එසේ සිදු කලද බොහෝ විට රෝගය පැතිරී ගිය සතෙකු නම් බේරාගැනීමට නොහැකි වන අවස්ථා බහුල බවයි සඳහන් වන්නේ. එබැවින් සෑමවිටම සුනඛයාට කල්තබා එන්නත් නිසි පරිදි ලබා දීමට වගබලාගැනීම මගින් රෝගය වළක්වාගැනීම වඩාත් සුදුසුයි.)

    ****************************************************

    උපුටා ගැනීම
    http://petslanka.com/article/62/parvo

    ඔය ගමන්ම මෙවත් බලන්න

    subscribed.gif
    DHL එන්නත දුන්නද............?
    ⌂⌂⌂....සුනඛ සුරතලුන්....⌂⌂⌂

     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    අපේ පැත්තේ වසන්ගතයක් වගේ ඔය ලෙඩේ පැතිරුනා මචන්. සැහෙන්න බල්ලෝ මැරුනා ඉබාගාතේ ගියපු. අවාසනාවකට වගේ ඔය ලෙඩේ ගැන කලින් දැනන් හිටියේ නැහැ. ගෙදර හිටපු බල්ලො දෙන්නටම හැදුනා. අඩු වයසෙ එකාව ගොඩ ගන්නම බැරි වුනා. :(:(
    ඒත් අනික් එකා මැරෙන්න ඔන්න මෙන්න ගිහින් පණ ගහලා ආවා මචන්. ඌට හැදුනාට පස්සෙයි පාවෝ වලට එන්නත් කලේ. ඒත් කියපු විදියට මේ ලෙඩේදී වෙන්නේ බල්ලට කන්නම බැරි වෙන එක. ඒකෙන් ලෙඩේ තව තවත් උග්‍ර වෙනවා මචන්. වාසනාවකට වගේ වයසින් වැඩි එකාට බිත්තර 6ක් 7ක් දවසකට දුන්නා. ඌ මරණයෙන් බේරුනා මචන්. :D ඌ මැරුනේ තව අවුරුදු 4ක් විතර ජීවත් වෙලා ඊට පස්සේ. ඇත්තටම මේක අත්දැකීමක් වුනා.
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: NRTG and lahirufx+

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හොඳ ත්‍රෙඩ් එකක් මචන්. කරුණු ගොඩක් වටිනවා.අකුරු පොඩි නිසා කියවන්න ටිකක් අමාරුයි. පුළුවන්නම් අකුරු ටිකක් ලොකු කරල සහ මුල් පින්තූරය ටිකක් පොඩි කරලා දාන්න.
     
    Last edited:

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Machan pusanta passa pana nathi wena wage virus ekak hadenawa neda. Mekata mokadda karanna one...
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වෙලාවට බලලා ඉන්ජෙක්ෂන් විදින්න ඔින.බලු පැටියෙක් සල්ලි දිලා ගන්න කලින් පාවො,පනු බෙහෙත් දිලද,අමිමා තාත්තාව බලලා නිරෝගිද කියලා බලලා ගන්න ඔින.