දැන් මචං නොමිලේ නිකුත් කරන ලදී කියල ගහල තියෙන එක (ඉස්පිරිතාලෙන් දීපු එක) පිළිගන්නේ නැහැ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් එක කොපියකට රුපියල් 100 ක් ගානේ ගෙවල ගන්න පුළුවන් උදේ 8 හෝ 9 ඉඳන් හවස 3 වෙනකන්.
නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලේ තියෙන පොත් වලින් ස්කෑන් කරලා සිස්ටම් එකට අප්ලෝඩ් කරලා තියෙන කොපි එකක් අරං සීල් ගහල සහතික කරලා දෙන එකතමා දැන් වැලිඩ්.
කෙනෙක් ඉපදුනාම තැන් තුනක උප්පැන්න සහතික ලියවෙනවා මම දන්නා විදිහට.(බස්නාහිර පළාතේ)
1. අදාල ඉස්පිරිතාලේ
2. නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලේ
3. මාලිගාවත්තේ රෙජිස්ට්‍රාර් කාර්යාලේ
සමහර වෙලාවට නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලේ තියෙන පොත් වලින් ස්කෑන් කරලා සිස්ටම් එකට අප්ලෝඩ් කරලා තියෙන කොපි එකේ වැරදි තිබුනොත් ලොකු ප්‍රස්නයක් වෙනවා ළමයි ඉස්කෝලේ දානව වගේ වැඩ වලදී.
ඒවගේ වෙලාවට නාරාහේන්පිට රෙජිස්ට්‍රාර් කාර්යාලෙට ගිහින් ෆෝම් එකක් පුරවල එක කොපියකට රුපියල් 100 ගානේ අවශ්‍ය කොපි ප්‍රමානෙට සල්ලි ගෙවල රුපියල් 50 ක මුද්දර අලවල තමන්ගේ ඇඩ්රස් එක ලියපු දිග ලියුම් කවරෙකුත් එක්ක 5 වෙනි කවුන්ටරේට බාර දුන්නම සතියකින් දෙකකින් ගෙදෙට්ට එනවා. හැබැයි මාලිගාවත්තේ තියෙන කොපි එකෙත් එම වරදම හෝ වෙනත් වැරද්දක් තිබුනොත් පට්ට කට්ටක් කන්න වෙනවා වැරැද්ද හදාගන්න. එහෙම හදාගත්තත් මේ වෙනකන් කරපු කිසිම සංශෝදනයක් සිස්ටම් එකට අප්ලෝඩ් කරලා නැහැලු.
මම මේ කියල තියෙන්න බස්නාහිර පළාත ගැන. මොකද මම බස්නාහිර පළාතේ නිසා මට තියෙන අත්දැකීම් වලින්