Patali and Nadeesha

Askari

Junior member
  • Aug 17, 2015
    68
    6
    18
    රාජගිරියේදී යතුරු පැදිය වාහනේ හැපෙද්දි
    තමා සමග නදීෂා වාහනේ හිටියා කියූ අයට එරෙහි නඩුවට
    ඇමති පාඨලී ඇවිත් උත්තර දුන් හැටි


    2017-06-1--08-38-37.jpg


    මින් කලකට ඉහත රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු පැදවූ යතුරු පැදියක් ඇමති පාඨලී චම්පික රණවකගේ වාහනයක හැපීමෙන් පසු ආන්දෝලනයක් හටගත් අතර එම සිද්ධියෙන් පසු දේශපාලන කටකතා සහ මඩ ව්‍යාපාර වලින් ඔහුට අපහාස වන ඇතැම් දේ ප්‍රචාරය විය.
    මෙම ප්‍රචාරයන් අතර එකක් වූයේ
    එම වාහනය ඇමති වරයා පදවමින් සිටි බව සහ එම අවස්ථාවේ නදීෂා
    හේමමාලි නමැති ටෙලි නිළිය සමග ඇමතිවරයා ගමන් කරමින් සිටි කථාවකි.මෙම කථාවේ ඇත්ත නැත්ත කිසි තැනක තහවුරු වූයේ නැති අතරවාරයේ
    රිය අනතුර සහ ප්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප්‍රචාර පිළිබඳව ඇමැති පාඨලී චම්පික රණවක කොළඹ දිසා අධිකරණය හමුවේ
    අපහාස නඩුවක් ගොනු කර තිබුණි.එහිදී ඊයේ (05දා) ඇමතිවරයාද උසාවියට පැමිණි අතර ඔහුව විත්තියේ නීතීඥයින් ප්‍රශ්න කරනු ලැබුවා.
    මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සහ එය පුවත්පතක ප්‍රචාරය කිරීම තුළින් තමන්ට සිදුවූ අපහාසයට

    රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇමැති පාඨලී චම්පික රණවක මහතා ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
    ඇමැති චම්පික රණවකට විත්තියේ නීතිඥවරුන් යොමු කළ හරස් ප්‍රශ්න හා ඔහු දුන් පිළිතුරු මෙසේය.

    විත්තියේ නීතිඥ - මේ සිද්ධියේදී ඔබට අපහාසයක් වුණා කියනවා. නමුත් ඔබට අපහාසයක් වීමට තරම් ඔබ කීර්තිමත් පුද්ගලයෙක් නොවෙයි නේද?

    ඇමැති - පිළිගන්නේ නැහැ.

    විත්තියේ නීතිඥ - විදුලි බල මණ්ඩලය අසාර්ථක වුණ නිසා නේද තමා 2012 වසරේදී ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ?

    ඇමැති - එය ප්‍රතික්‍ෂේප කරනවා.

    විත්තියේ නීතිඥ - රාජගිරියේ රිය අනතුර, ප්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප්‍රචාර ගැන බලපුවහම මේ නඩුවට අදාළ සිද්ධිය පොඩි දෙයක් නේද?

    ඇමැති -මාධ්‍ය ඔස්සේ එක එක දේවල් කියනවා. පිළිගන්නේ නෑ.

    විත්තියේ නීතිඥ - ඔබ ගැන බරපතළ චෝදනා සමාජයේ තිබෙන විට සුළු සිද්ධියකට මෙවැනි නඩුවක් පවරා ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට නේද?

    ඇමැති - මේ රටේ නිදහස් මාධ්‍ය නැහැ. එවැනි මාධ්‍යවේදීනුත් නැහැ. මාධ්‍ය මාෆියාවක් තමයි තිබෙන්නේ. සමාජ ජාල වෙබ් අඩවිවලින් මඩ ගහනවා. පුවත්පත් මණ්ඩලවලට කරන පැමිණිලිවලින් ප්‍රයෝජනයක් නැහැ.

    (අධිකරණ තොරතුරු - ඉෂාර රත්නකාර -මව්බිම)
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අරකි කොටට කොටේ ඇදගෙන එන්න ඇති. අරු ෆුල් හොල්මන් වෙන්න ඇති මහා රැ. :rolleyes:ඉතින් ඇන්න පොඩි එකාට :angry:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    patali-champika-accident.jpg


    නීතිවිරෝධී 1000cc බයික් පිටිපස්සෙන් ගෙනත් වද්දලා මාට්ටු වුණාම නහයෙන් අඬන එවුං ගැනත් දැම්මානම්. :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පාටලී නදීශගෙ කි#බ හපද්දි නදීශා විලාප දෙනව ඇති...:(