patta seena eka........

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    නීතිය හදාරන කැම්පස් කොලුවෙක් විභාගය අසමත් විය. මොහු professor සමග වැඩේ ගොඩින් බේරන්නට සිතීය.
    සිසුවා: "sir දැන් නීතිය ගැන හැමදේම දන්නවද?"
    මහාචාර්ය: "ඔව්"
    සිසුවා: "මං අහන ප්‍රශ්ණයට sir උත්තර දුන්නොත් මං මට ලැබුණ ලකුණු බාරගන්නවා. හැබැයි sir ට බැරි වුනොත් මට A එකක් දෙන්න ඕන"
    මහාචාර්ය: "එකගයි"
    සිසුවා: "නීත්‍යානුකූල මුත් තර්කානුකූල නොවන, තර්කානුකූල මුත් නීත්‍යානුකූල නොවන, නීත්‍යානුකූල හෝ තර්කානුකූල යන දෙකම නොවන දෙය කුමක්ද?"

    ඔන්න දැන් professor කොර උනා. හෙන නෝන්ඩිය, කිසිම theory එකකින් මේ කාරණා 3 ගලපගන්න බැරුව මෙයාට සිද්ධ උනා පොරොන්දු විදියට A එක දෙන්න.
    ඊලග දවසේ professor මේ ප්‍රශ්ණය තමන්ගෙ සිසුන් කණ්ඩායමකට ඉදිරිපත් කරනවා. ඔහු මවිත කරමින් හැම දෙනාම අත් ඔසවා උත්තර දීමට ඉදිරිපත් වෙනවා.
    ඔහු එක් ශිෂ්‍යයෙකුට අවස්ථාව දෙනවා.
    ඔහුගේ පිළිතුර:
    "සර්ගේ වයස අවුරුදු 65යි, විවාහ වී සිටින්නේ අවුරුදු 28ක කාන්තාවක් සමග. එය නීත්‍යානුකූල මුත් තර්කානුකූල නොවේ."
    "සර්ගේ බිරිද අවුරුදු 23ක කොල්ලෙක් හා සම්බන්ධව සිටියි. මෙය තර්කානුකූල මුත් නීත්‍යානුකූල නොවේ."
    "සර් ඔබගේ බිරිද සමග හොර සම්බන්ධකම් පවත්වන කෙනා විභාගය අසමත් වුවත් ඔබ විසින් ඔහුව A ලබාදී සමත් කර ඇත. මෙය නීත්‍යානුකූල හෝ තර්කානුකූල යන දෙකම නොවේ."