කාන්තා දිනයට සමගාමීව වැලිකඩ බන්ධනාගාරයේ පැවති නිරූපණ තරඟයට පුහුණු කිරීමේ මුවාවෙන් බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් විසින් අත්අඩංගුවේ පසුවන ජනප‍්‍රිය නිරූපන ශිල්පිනියන් ඇතුළු සුරූපී කාන්තා රැඳවියන් පිරිසක් ලිංගික අතරවයට ලක් කර ඇතැයි වාර්තා වේ.
ගණිකා වෘත්තියේ යෙදීමේ චෝදනාව මත බන්ධානාගාරගතව සිටින ජනප‍්‍රිය නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් ඇතුළු පිරිසක් මෙම සිද්ධියට මුහුණ දී ඇත.
මෙම කාන්තා රැඳවියන් පිරිස නිරූපන තරඟයට ඉදිරිපත් කිරීමට පෙර එම නිරූපන තරඟයේ පුහුණුවීම් කර ඇත්තේ අදාල බන්ධානාගාර හා තවත් ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු විසිනි.
මෙම නිළධාරීන් දින පහක් තිස්සේ වැලිකඩ කාන්තා අංශය වෙත ගොස් එහි සිටින කාන්තා රැඳවියන් අතරාන් සුරූපී කාන්තාවන් තෝරාගෙන රාත‍්‍රී 12.00 පමණ වන තෙක් මෙම පෙ පුහුණුවීම් කටයුතු කර ඇතැයිද තොරතුරු හෙළිව තිබේ.








