Paypal තව මාස හයක්

CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    ශ්‍රී ලංකාවේ සිට අන්තර් ජාල සම්බන්ධ ව්‍යාපාර සිදු කිරීමේදී ජාත්‍යන්තර භාවිත වන පේ පෑල් (Paypal) වැනි ඉලෙක්ටේ‍රානික ගෙවීම් ක්‍රම සම්පූර්ණයෙන්ම භාවිත කළ හැකි වන පරිදි මෙරට මූල්‍ය නීති වෙනස් කිරීමට අදාළ කටයුතු මේ


    වනවිට සිදුවෙමින් පවතින බවත් තවත් මාස හයක් වැනි කලක් තුළ ශ්‍රී ලංකාවේ සිට ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමවේද මගින් ද මෙරට මුදල් ගෙන්වා ගත හැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.

    අප කළ විමසීමකදී අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මේ වනවිට අන්තර්ජාලය මගින් සිදු කෙරෙන සිල්ලර ව්‍යාපාර ඇතුළු ව්‍යාපාර වේගයෙන් ව්‍යාප්ත වන බවත් මේ වනවිට එහිදී ගෙවීම් සිදු කිරීම සඳහා භාවිත කරන පේ පෑල් වැනි ජාත්‍යන්තරව පිළිගත් ගෙවීම් ක්‍රමවේද හරහා ශ්‍රී ලංකාවේ සිට ගෙවීම් කළ හැකි වුවද ශ්‍රී ලංකාවේ සිට යමකුට තම නිෂ්පාදන මෙම අන්තර් ජාල වබේ අඩවි හරහා විකිණුවහොත් ඒවාට අදාළ මුදල් ලබා ගැනීමේ පවතින දුෂ්කරතා පවතින්නේ මෙම ගෙවීම් සම්බන්ධයෙන් අනුමැතිය ලබා දීමට අදාළ මූල්‍ය රෙගුලාසි ශ්‍රී ලංකාව තුළ යාවත්කාලීන නොවීම බව සඳහන් කළේය.

    මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් මෙම ගෙවීම් ක්‍රමවේද පිළිගන්නා අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජනතාවටද මෙම පහසුකම් අත් විඳීමට ඉඩ ලැබෙනු ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

    ලෝකයේ බොහෝ දෙනකුගේ ආකර්ෂණය හිමි වූ අන්තර්ජාල වබේ අඩවි ගණනාවක්ම මේ වනවිට ක්‍රියාත්මක වේ. ඉ බේ, ඇමේසන් වැනි මෙම වබේ අඩවි තුළ තනි පුද්ගලයන්ට තම භාණ්ඩ විකිණීමට හැකියාව ලැබෙන පරිදි වෙළෙඳ කවුළු පිහිටුවා ගත හැකි වන අතර එමගින් විවිධ භාණ්ඩ අලෙවි කළ හැකිය. මේ වනවිට ඉන්දියාව චීනය වැනි රටවල්ද මෙම අන්තර්ජාල වබේ අඩවි හරහා විශාල වශයෙන් අලෙවි කටයුතු සිදු කරන අතර ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන් ගණනාවක් ඒ සඳහා උත්සාහ කළද ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමවේද හරහා තම අලෙවියට අදාළ මුදල් ගෙන්වා ගැනීම ඉහත නීති රෙගුලාසි නිසා දුෂ්කර වී තිබිණි.

    මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට ඉල්ලීම් ගණනාවක් පසුගිය කාලය තුළ කෙරුණු අතර මෙම කටයුතු පෞද්ගලික බැංකු කිහිපයක් හරහා සිදු කර ගැනීමට පියවර ගැනුණද ඒ කාර්යය මතෛක් සාර්ථක වී නොමැති අතර මේ පිළිබඳව පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව මහ බැංකු අධිපතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු මෙලෙස පිළිතුරු දුන්නේය.

    එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ තව මාස හයක් වැනි කලක් තුළ එම නෛතික රාමුව සකස් කොට ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවය.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක මේ ආත්මෙට වෙන දෙයක් නෙවෙයි. ඕක කරන්න මාස 6ක් ඕනෙය.
    ඕවගේ දෙයක් ජනවාරි වලත් කිවා.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    meka parakku kirimen rajayata tiyena wasi monawada kiyala kawruhari dannawada? mata eka hithaganna baa thama
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    මහින්දගේ ජෝකර් අජිත් නිවාඩ් කබ්රාලුත් ඔය කතාවම කිව්වා. ඔවා ලැබෙන දේවල් නෙවෙයි හිටං