Paypal විසින් Facebook App එකක් නිකුත් කරයි.

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    Paypal විසින් Facebook App එකක් නිකුත් කරයි.


    අන්තර්ජාලයේ මුල්‍ය සේවා සපයන දැවැන්තයා, Paypal විසින් facebook application එකක් හදුන්වා දී තිබෙනවා. Facebook බවිතාකරන්නන්හට ඔවුන්ගේ මිතුරන්ට මුදල් යැවීම කරන්න පුළුවන් වීම තමයි එහි ඇති සේවාව.. මුදල් ලබන්නාගේ paypal ගිණුමට හෝ බැංකු ගිණුමට කෙලින්ම මුදල් යැවීම කල හැකියි. ඉතින් මේ සදහා කිසිදු අමතර ගාස්තුවක් paypal අය කරන්නේ නැහැ.

    ඔවුන් මෙම application එක නම කර තිබෙන්නේ "Send Money" කියලා. මෙම application මගින් යහළුවන්ට gift එකක් අයුරින් මුදල් යැවීමට ඔබට ඉඩ ලබා දෙනවා. ඉතින් ඒ gift එක සුබපැතුම් පතක් ලෙසද ඔබට අවශ්‍ය අයුරින් ඔබටම නිර්මාණය කර ගැනීමට පුළුවන්. ඉතින් මෙම application එක බාවිතා කර ඔබ යවන්නාවූ එම සුබපැතුම, එය ලබන්නාගේ wall එකේ Post වෙනවා. නමුත් කොපමණ මුදලක් ඔබ විසින් ඔහුට යැවුවද කියන එක wall එකේ පල වෙන්නේ නැහැ. එය ඔබ සහ එය ලබන්නා අතර පමණයි.

    paypal විසින් ඔවුන්ගේ බ්ලොග් එකෙහි පවසා ඇති පරිදි, ක්‍රියාකාරීව paypal බාවිතා කරන්නන් අතුරින් 80% පමණ facebook එක තුලත් ක්‍රියාකාරී බවයි. ඒ වාගේම වාර්තාවලට අනුව ඇමෙරිකානුවන් පමණක් වාර්ෂිකව මිලියන 500 ක් පමණ e-cards යවනු ලබනවා. ඉතින් "Send Money" application එක ඉදිරියේදී paypal හි ප්‍රචාරණයට විශාල රුකුලක් වේවි.

    Source: www.trickslanka.com :yes::yes:
     
    • Like
    Reactions: chamikara800