PayPal ශ්‍රී ලංකාවට ::: 2020 :::

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    PayPal ශ්‍රී ලංකාවට ::: 2020 :::

    ඇතුලට එන්න මේ ඔබේ උදව් අවශ්‍යම මොහොතයි
    .....
    ...
    ...
    ...
    ...
    ..
    ..
    ..
    ..
    .

    මේ සදහා වන Online පෙත්සම දැන්ම අත්සන් කරන්න
    http://chng.it/ZTwCnJBnQB

    PayPal යනු කුමක්ද?

    PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

    ගැටළුව

    ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු අයෙකුගෙන් මුදල් ලබාගැනීම කළ නොහැකිය. මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් - එනම් PayPal භාවිතයෙන් - සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වැන්නන්ගෙන් සේවා ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.). තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී ඇත. දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගනිමින් PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.

    ගැටළුවට හේතුව

    ඉහත සඳහන් ගැටළුවට හේතුව ශ්‍රී ලාංකික ලිපිනයන් යොදාගනිමින් තනන PayPal ගිණුම් සඳහා මුදල් ලබාගැනීමේ හැකියාව PayPal විසින් අහිමි කර තිබීමයි. එයට PayPal විසින් දක්වන හේතුව පහත දැක්වේ:

    “Why does my PayPal account has only send capabilities? Members in some countries and regions may only use PayPal to send payments and not receive payments due to the complexities of global finance. We are constantly working to improve services for you and hope to expand our features for you in the future. You can view the countries with sending only capabilities under the Send Money to Anyone in the Growing PayPal Network on the PayPal Worldwide"

    ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාල කිරීමට අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වී ඇත.

    විසඳීම

    ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාල කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසකි.

    eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම.
    සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම.
    ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම.
    තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.
    විසඳන මග.

    PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc.ආයතනයේ උප ආයතනයකි.ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ ය. PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි:

    ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම.
    ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.

    මේ සදහා වන Online පෙත්සම දැන්ම අත්සන් කරන්න
    http://chng.it/ZTwCnJBnQB
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    Hi Upul Dimantha, (Ibbagamuwa, Sri Lanka) :P

    gCCxUVEmdguhLFb-48x48-noPad.jpg
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඕවා අත්සන් කරලා තේරුමක් නෑ. අපිට ඕනි ඕනෙකම තිබ්⁣බට උන්ට හිතුනොත් දෙයි. මොන දේ කළත් අපේ banking regulations සංශෝධනය වෙනකල් Paypal ගනු බොරු.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    E kale Gota Hitiye nene ban .... api try karala Balamu

    ගොට නෙවෙ සක්කරයා ආවත් පේපැල් එකෙන් බෑ කියනව නම් මොනවා කරන්නද බන්. නිකන් ජන්ද ගුන්ඩු වලට රැවටෙන්න එපා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,681
    1
    57,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවට විතරක් නෙවෙයි මම හිතන්නෙ ඉන්දියාව ඇරුනම දකුණු ආසියාවෙ රටවල් එකකටවත් නෑ. දන්න කෙනෙක් කියන්න:baffled:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Oya magul karalanam wadak na. menna ma manussaya natana natillata podi help ekak dunnanam hari

    Fate of PayPal Sri Lanka - පේපෑල් සමාගම සමග සාකච්ඡාව - 29th Dec 2019
    අවසානයේදී මාවෙත 508 දෙනෙකු තම පේපෑල් අදායමට අදාල දත්තයන් ලබාදුන්නා, ස්තුතියි!
    අවසන් ප්‍රතිඵල ලෙසට, මාසිකව, අවම ලංකාවේ $3 millions සහ උපරිම $6 millions ගණුදෙනු PayPal හරහා වන බවට වාර්තාව සැකසුනා.
    ලංකාවේ අපි PaPal සේවය බාවිතයට ගන්නා ආකාරය;
    70% ප්‍රති අපනයනය ආශ්‍රිත සේවා
    20% freelance outsourcing සේවා
    10% other ලංකාවා සම්බන්ද නොවන වෙනත් සේවා

    පැය එකහාමාරකට වඩා කාලයක් තුල සාකච්ඡා කල කරුණු වල සාරාංශය,
    පේපෑල් සමාගම 2019 මැදබාගය වන විට ලංකා රජය සමග සියලු සාකච්ඡා සාර්ථක ලෙසට අවසන් කරනවා බොහොමයක් රජයේ ඉල්ලීම් වලටද ඔවුන්ට අවනත විය හැකි තත්ත්වයක්ද තියෙනවා. දැන් ඇත්තටම අවසන් තීරණය තියෙන්නේ පේපෑල් සමාගම තුල.

    2020 වසර සදහා පේපෑල් සමාගමේ සම්පූර්ණ සේවය තවත් රටවල් 10ට ව්‍යප්ත කිරීමට නියමිතය මුත් අවාසනාවකට ලංකාව ඇතුළත් නැහැ. ප්‍රදාන හේතුව ඔවුන් බලාපොරොත්තු වන ROI තවමත් ලංකාවේ නොමැති වීම. අවම දැන් ඇති ප්‍රමාණය මෙන් හතර ගුණයක් ඔවුන් බලාපොරොත්තු වෙනවා.
    අවසන් වශයෙන් XOOM සේවාව මොලේ පාවිච්චි කරලා පාවිච්චි කරන්න කියලා සටහනක්ද විය.
    මා විසින් අවසානයේකරන ලද යෝජනා 2ක් පිළිබඳ ඔවුන් සලකා බලන්න පොරොන්දු උනා.
    1- ලංකාව තනිරටක් වශයෙන් නොව, ලංකාව ඇතුළු රටවල් කීපයක් එකට ගෙන ආර්ථික කලාපයක් ලෙසට සලකා පේපෑල් සම්පූර්ණ සේවාව ලබාදීම වේගවත් කිරීම.
    2- ලංකාවේ පේපෑල් ප්‍රවර්ධන වැඩසටහනක් අරබා නිවැරැදි දත්තයන් ලබාගැනීම.
    ඔබට දැනට කල හැකි දේවල්,
    a. පේ පෑල් සමාගමට ඔබට සිදුවී ඇති අපහසුතා පිලිබද සෘජුවම පේපෑල් සමාගම දැනුවත් කරන්න. අදාළ විද්‍යුත් ලිපිනයන් පෙර පෝස්ට්ටුවකින් සපයා ඇත.
    b. හැකි පමණ මා හට නිවැරැදි දත්තයන් එකතු කරන්න වඩා වැඩි පිරිසක් මේ පිලිබද දැනුවත් කරන්න.
    මෙය අවසානය නොවෙයි, බලාපොරොත්තු තියාගන්න මාගේ Network බාවිත කරමින් හැකි ඉක්මනින් ලංකාවට පේපෑල් සම්පූර්ණ සේවාව ලබාගැනීමට හැකි සෑම දෙයක්ම මා සිදුකරනවා.
    මේ දක්වා කාල සටහන:
    2020/1/29 පේපෑල් ඉන්දියානු ශාකාවේ නාත් මහතා සමග online සාකච්ඡාවක් පැවැතනා.
    අදාළ පෝස්ට් එක- https://www.facebook.com/974569072744385/posts/1259875490880407/

    2020/1/27 ජනාධිපති ලේකම් අංශය හරහා ජානාදිපති තුමාව දැනුවත් කිරීම.
    අදාළ පෝස්ට් එක - https://www.facebook.com/974569072744385/posts/1262231040644852/

    2020 ජනවාරි පේපෑල් ඇමරිකානු ශාකාව විසින් පේපෑල් ඉන්දියානු ශාකාවට සාකච්ඡා යොමුකරන ලදී.
    අදාල පෝස්ට් එක- https://www.facebook.com/974569072744385/posts/1257465557788067/

    2020 ජනවාරි ICTA සබාපති ජයන්ත ද සිල්වා මහතා දැනුවත් කරන ලදි.
    2020 ජනවාරි මුල් සතියේදී සිංගපූරු ප්‍රදාන ශාකාව සහ PayPal අමරිකාව සමග සම්බන්ද වී අදහස් හුවමාරු කරන ලදී.
    2019 දෙසැම්බරයදී ජපානයේ ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් මේ පිලිබද දැනුවත් කරන ලදි.
    2019 දෙසැම්බරයේ මුල් සතියේදි පේපෑල් ජපන් ප්‍රදානීන් සමග සාකච්ඡා ආරම්භ කරනලදි.
    අදාළ පෝස්ට් එක- https://www.facebook.com/974569072744385/posts/1219893948211895/

    Official Twitter - https://twitter.com/subasinghe2020
    Official Insta - https://www.instagram.com/subasinghepolitical
    ස්තුතියි!
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Gov එක බයෙන් ඉන්නේ මට හිතෙන්නේ මේකෙන් එන සල්ලි උන්ට ට්‍රැක් කරන්න බැරිවෙයි කියල :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,681
    1
    57,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Gov එක බයෙන් ඉන්නේ මට හිතෙන්නේ මේකෙන් එන සල්ලි උන්ට ට්‍රැක් කරන්න බැරිවෙයි කියල :dull:

    ඉන්දියාවෙන් ඕක බ්ලොක් කරනව කියල හිතෙන්නෙ. උන්ට වඩා ලංකාවෙ ආර්ථිකය ඉස්සරහට යයි කියන බයක් උන්ට ඉස්සර ඉඳන් තිබුන.

    ගෝටට පෙත්සම් ගැහුවට එයාට කරන්න දෙයක් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,681
    1
    57,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Oya magul karalanam wadak na. menna ma manussaya natana natillata podi help ekak dunnanam hari

    Fate of PayPal Sri Lanka - පේපෑල් සමාගම සමග සාකච්ඡාව - 29th Dec 2019
    අවසානයේදී මාවෙත 508 දෙනෙකු තම පේපෑල් අදායමට අදාල දත්තයන් ලබාදුන්නා, ස්තුතියි!
    අවසන් ප්‍රතිඵල ලෙසට, මාසිකව, අවම ලංකාවේ $3 millions සහ උපරිම $6 millions ගණුදෙනු PayPal හරහා වන බවට වාර්තාව සැකසුනා.
    ලංකාවේ අපි PaPal සේවය බාවිතයට ගන්නා ආකාරය;
    70% ප්‍රති අපනයනය ආශ්‍රිත සේවා
    20% freelance outsourcing සේවා
    10% other ලංකාවා සම්බන්ද නොවන වෙනත් සේවා

    පැය එකහාමාරකට වඩා කාලයක් තුල සාකච්ඡා කල කරුණු වල සාරාංශය,
    පේපෑල් සමාගම 2019 මැදබාගය වන විට ලංකා රජය සමග සියලු සාකච්ඡා සාර්ථක ලෙසට අවසන් කරනවා බොහොමයක් රජයේ ඉල්ලීම් වලටද ඔවුන්ට අවනත විය හැකි තත්ත්වයක්ද තියෙනවා. දැන් ඇත්තටම අවසන් තීරණය තියෙන්නේ පේපෑල් සමාගම තුල.

    2020 වසර සදහා පේපෑල් සමාගමේ සම්පූර්ණ සේවය තවත් රටවල් 10ට ව්‍යප්ත කිරීමට නියමිතය මුත් අවාසනාවකට ලංකාව ඇතුළත් නැහැ. ප්‍රදාන හේතුව ඔවුන් බලාපොරොත්තු වන ROI තවමත් ලංකාවේ නොමැති වීම. අවම දැන් ඇති ප්‍රමාණය මෙන් හතර ගුණයක් ඔවුන් බලාපොරොත්තු වෙනවා.
    අවසන් වශයෙන් XOOM සේවාව මොලේ පාවිච්චි කරලා පාවිච්චි කරන්න කියලා සටහනක්ද විය.
    මා විසින් අවසානයේකරන ලද යෝජනා 2ක් පිළිබඳ ඔවුන් සලකා බලන්න පොරොන්දු උනා.
    1- ලංකාව තනිරටක් වශයෙන් නොව, ලංකාව ඇතුළු රටවල් කීපයක් එකට ගෙන ආර්ථික කලාපයක් ලෙසට සලකා පේපෑල් සම්පූර්ණ සේවාව ලබාදීම වේගවත් කිරීම.
    2- ලංකාවේ පේපෑල් ප්‍රවර්ධන වැඩසටහනක් අරබා නිවැරැදි දත්තයන් ලබාගැනීම.
    ඔබට දැනට කල හැකි දේවල්,
    a. පේ පෑල් සමාගමට ඔබට සිදුවී ඇති අපහසුතා පිලිබද සෘජුවම පේපෑල් සමාගම දැනුවත් කරන්න. අදාළ විද්‍යුත් ලිපිනයන් පෙර පෝස්ට්ටුවකින් සපයා ඇත.
    b. හැකි පමණ මා හට නිවැරැදි දත්තයන් එකතු කරන්න වඩා වැඩි පිරිසක් මේ පිලිබද දැනුවත් කරන්න.
    මෙය අවසානය නොවෙයි, බලාපොරොත්තු තියාගන්න මාගේ Network බාවිත කරමින් හැකි ඉක්මනින් ලංකාවට පේපෑල් සම්පූර්ණ සේවාව ලබාගැනීමට හැකි සෑම දෙයක්ම මා සිදුකරනවා.
    මේ දක්වා කාල සටහන:
    2020/1/29 පේපෑල් ඉන්දියානු ශාකාවේ නාත් මහතා සමග online සාකච්ඡාවක් පැවැතනා.
    අදාළ පෝස්ට් එක- https://www.facebook.com/974569072744385/posts/1259875490880407/

    2020/1/27 ජනාධිපති ලේකම් අංශය හරහා ජානාදිපති තුමාව දැනුවත් කිරීම.
    අදාළ පෝස්ට් එක - https://www.facebook.com/974569072744385/posts/1262231040644852/

    2020 ජනවාරි පේපෑල් ඇමරිකානු ශාකාව විසින් පේපෑල් ඉන්දියානු ශාකාවට සාකච්ඡා යොමුකරන ලදී.
    අදාල පෝස්ට් එක- https://www.facebook.com/974569072744385/posts/1257465557788067/

    2020 ජනවාරි ICTA සබාපති ජයන්ත ද සිල්වා මහතා දැනුවත් කරන ලදි.
    2020 ජනවාරි මුල් සතියේදී සිංගපූරු ප්‍රදාන ශාකාව සහ PayPal අමරිකාව සමග සම්බන්ද වී අදහස් හුවමාරු කරන ලදී.
    2019 දෙසැම්බරයදී ජපානයේ ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් මේ පිලිබද දැනුවත් කරන ලදි.
    2019 දෙසැම්බරයේ මුල් සතියේදි පේපෑල් ජපන් ප්‍රදානීන් සමග සාකච්ඡා ආරම්භ කරනලදි.
    අදාළ පෝස්ට් එක- https://www.facebook.com/974569072744385/posts/1219893948211895/

    Official Twitter - https://twitter.com/subasinghe2020
    Official Insta - https://www.instagram.com/subasinghepolitical
    ස්තුතියි!

    අන්තිමට නවතින්නෙ ඉන්දියාවෙ නාත්/කාන් වගේ මහත්තයෙක්ගෙ ගාව:lol: