PayPal, Amazon, Bank Exchange Rates

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ගොඩක් අය මේක දන්නවා ඇති, ඒ උනත් දාන්න හිතුනෙ දන්නෙ නැති කෙනෙක්ට උදවුවක් විදියට,

    සාමාන්‍යෙන් පේපැල් පේමන්ට් එකක් හරි ඇමසන් පේමන්ට් එකක් හරි කරද්දි, උන් ඔප්ශන් එකක් දෙනවා LKR වලින් ගෙවන්න හරි USD වලින් ගෙවන්න හරි. මෙහෙම LKR වලින් ගෙවුවොතින් වෙන්නෙ Amazon හරි PayPal හරි Currency Conversion එක කරන්නෙ.
    මේ මට දැන් උනු දේක උදාහරනයක්, මම ගෙවන්න ගියේ $75ක්, පේපැල් වලින් LKR ගාන පෙන්නුවෙ 14567 ක් විදියට, ඒ කියන්නෙ Exchange rate එක 194.2 ක් වගේ. එතන තියනවා තව ඔප්ශන් එකක් ඒකෙන් ගිහින් පුලුවන් පේපැල් උන්ට කන්වර්ට් කරන්න එපා අපේ කාඩ් Issure ගෙන් කන්වර්ට් කරලා ගන්න කියලා එතකොට කාඩ් එකෙන් ඩොලර් 75ක් තමයි කැපෙන්නෙ හැබැයි බැංකුවෙ රේට් එකෙන් තමයි කන්වර්ට් වෙන්නෙ, මම ඇත්තටම කරේ මේ ඔප්ශන් එකෙන්(දන්න කාලෙක ඉඳන් කරන්නෙ මේක තමයි) එතකොට එකවුන්ට් එකෙන් කැපුනෙ 14428.6 ක් වගේ, ඒ කියන්නෙ Exchange rate එක 189.9 ක්
    පේපැල් වලින් කන්වර්ට් කරලා පේ කරාම 194.2 - 189.9 = 4.3LKR ගානක වෙනසක් තියනවා, පොඩි ගානක් වගේ පෙනුනට මගේ ඩොලර් 75 ගෙවද්දි රුපියල් 320ක වගේ වෙනසක් වෙනවා. එහෙම නැත්නම් ඩොලර් 250ක් විතර ගෙවනවා නම් රුපියල් 1000ක විතර වෙනසක් වෙනවා

    ඇමසන් එකෙත් මේ වගේම තමයි හැබැයි උන්ගෙ රේට් එක බැංකුවෙ රේට් එකට ගොඩක්ම ලඟින් යන්නෙ. අන්තිමට ඇමසන් එකේ පේමන්ට් එකක් කරේ ගියසතියෙ එදා බැංකුවෙ රේට් එක තිබුනෙ 189.5 හැබැයි ඇමසන් එකේ රේට් එක තිබුනෙ 190.1 ඒ ගානනේ නම් ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. සත 60ක් වගේ, ඒත් ලොකු ගානක් ගෙවනවා නම් දැනෙන ගානක් වෙනවා

    ඒක නිසා හැමතිස්සෙම ඔන්ලයින් පේ කරනකොට ඔප්ශන් එකක් තියනවා නම් අපේ Card Issuer ගෙන් කන්වර්ට් කරලා ගන්න කියලා කෙලින්ම USD Amount එක Pay කරන්න ඒක අපිට ලාබයි මොකද බැංකුවෙන් කෙලින්ම ඩොලර් ගාන කැපෙනකොට එදා දවසෙ බැංකුවෙ රේට් එකෙන් කන්වර්ට් වෙලා කැපෙන්නෙ. වෙන තැනකින් කරනවා නම්(PayPal or Amazon etc) උන් රේට් එකට අමතරව උන්ගෙ සර්විස් චාජ් එකකුත් ගන්නවා එතකොට අපිට පාඩුයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,018
    20,206
    113
    Panadura
    කලින් මේක දැනගෙන හිටියෙ නෑ
    දන්නෙ නැති දෙයක් දැන ගත්තා ස්තූතියි මචන්​
     
    • Like
    Reactions: NEMISIS

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මාත් ඕක දැනගත්තෙ ගෝඩ් කාරයා ඕක කියල තිබ්බ මේකේ

     
    • Like
    Reactions: NEMISIS