Paypal Malaysian A/C 5min වලින් verify කරමු

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    Paypal Malaysian A/C 5min වලින් verify කරමු

    පට්ට වැඩ ගොඩක් අස්සේ බොහොම හදිස්සියෙන් ලියන්නේ.. ගොඩක් අය හැමදාම අහන නිසයි.
    හුටුස් ගාල කිව්වට මේක එහෙම හුටුස් ගාල verify කරගන්න නම් HNB A/C එකක් ඕනේ වෙනවා..

    HNB A/C එකක් නැතනම් සතියක් වත් වැඩේට යනවා.

    මුලින්ම HNB එකට ගිහින් saving account එකක් open කරගන්න. එකේදී අනිවා mobile banking and Internet banking facilities apply කරන්න. කාඩ් එකත් එදාම apply කරන්න.

    රු1000කින් ගොඩ දාගන්න පුළුවන්. card එකට 300 ක් කැපෙයි. සතියකින් විතර ගෙදරට e-banking and mobile banking username, passwords, PIN numbers තැපෑලෙන් එයි. වෙන වෙනම එන්නේ. එ ආපුහාම බැංකුවට ගිහින් කාඩ් එක ගන්න. card එක activate නෑ.

    activate කරගන්න එතනම තියෙන ATM එකට දාන්න. එතකොට SMS Alert Facility එක ඕනෙද අහනවා. එක මතක් කරල "yes" කරන්න. ඊට පස්සෙ mobile number එක දෙන්න. නිතර වැඩකරන number එක දෙන්න. පස්සෙ PIN එනම් මනම් වෙනස් කරන්න එයි. ඒ ඔක්කොමටික කලාම card එක activate කියල message එක එයි. දැන් හරි.

    SMS Alert වැඩද බලන්න ඕනේ නම් 100ක් විතර withdraw කරල බලන්න. 1min ඇතුලට phone එකට message එක එනවා.

    දැන් e-banking and mobile banking activate කරගන්න hotline ගන්න ඕනේ. එකට නම් පට්ට වෙලාවක් ඉන්න ඕනේ queue එකේ. එහෙම ඉදල ඔය දෙකම activate කරගන්න. එකේදී username, email, HNB branch එක වගෙ විස්තර අහනවා confirm කරගන්න.

    ඒටික කරගත්ත නම් හරියට පැය දෙකකින් විතර activate වෙයි කියල hotline එකෙන් කියනවා. පැය 2-3ක් යනවා. දැන් browser එකෙන් log වෙලා බලන්න වැඩද කියල.

    හැබැයි මුන්ගේ mobile apps and web එක ගහල තියෙනේ පොඩි උන්ද කොහෙද පට්ට අමාරුයි. එපා වෙනවා. ඒ මදිවට textfields උඩින්ම තමා notes තියෙන්නෙ. මුකුත් පෙන්නේ නෑ.. options එක උඩ එක යනවා. මුකුත් හොයාගන්න බෑ. session එක හුටුස් ගාල expire වෙනවා. එහෙම උනාම හෙන ගැහුවා වගේ page එකකට යනවා. ආයිත් redirect links මුකුත් නෑ. එක refresh කරන්නත් බෑ. ඒ මදිවට එක close කරල ආයිත් login page ගිහින් හරි username, password දුන්නත් session expire message එක එනව. පට්ටම අමාරුයි.

    නවලොව බැංකුකරණය කිව්වට් මහා හිගන apps and web තියෙන්නෙ.
    අනිත් විශේෂම දේ browser එකේ password එක save වෙන්න encrypt වෙලා. අයිත් log වෙනකොට autofill උනාට ඒ password එක වැරදී. 3න් පාරක් වැරදුනොත් lock වෙනවා. ආයිත් hotline ගන්න ඕනේ active කරන්න. 2 step වගේ advanced security නෑ. password 100k විතර නම් තියෙනවා. එපා වෙනවා. එ උනාට එක keylogger එකෙන් ඔක්කොම ඉවරයි..

    කොහම හරි ඔය ටික කර ගත්තොත් 5මින් වලින් Malaysian paypal එකක් හදල verify කරගන්නත් පුළුවන්..

    දැන් Malaysian Paypal එකක් හදන්න. එක හදන හැටි කියල ඕනෙ තරම් ත්‍රෙඩ් තිබ්බ. google කරල බලන්න දන්නේ නැත්නම්.

    එහෙම හදාගත්ත Malaysian paypal එක අනිවා email link එකෙන් verify කරන්න.
    ඊටපස්සේ add card යන්න. එතන විස්තර වලට HNB card විස්තර දෙන්න.
    දැන් card එක add කරපු ගමන් card එක හරියට add උනානම් SMS එකක් එයි $1ක් කැපුන කියල.

    ඊටපස්සේ paypal එකෙන් අහනවා card එකත් verify කරනවද කියල. එතැනදී Ringgit 10 ක් කපා ගන්නවා. verify now කරන්න. දැන් account එකෙන් සල්ලි කැපෙනවා.

    paypal එකෙන් message එකක් එයි දවස් 2-3 කින් අදාළ බැංකුවෙන් PP Code එක ගන්න කියල. එහෙම නැත්නම් bank statement එකේ බලන්න කියනවා. ඒ code එක PP*xxxxCODE වගේ කියල paypal එකෙන් කියයි. ex (PP*1234CODE)

    Ringgit 10 කැපුන නම් අනේ එවලේම හුටුස් ගාල SMS Alert එක එනවා. එකේ තියෙනවා අපිට ඕන code එක.. එක දිල එවලේම verify කරගන්න.

    1e47fe24-752a-4d84-9f22-122338e458d9_zpsrpfufna0.jpg


    මෙහෙම පුළුවන් වෙලා දැන් ටිකක් කල්. දන්නා අය ඇති. එයාල නොදන්නා අයට බලන්න bump එකක් වත් දාගෙන යන්න.



     
    • Like
    Reactions: Robinhood wage ekek

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    HNB එක paypal support කරන එක මේ ලගකදී නැවැත්තුව කියල thread දාගෙන අඩ අඩ හිටිය නේද..
    දැන් ආයෙ අවුලක් නැද්ද ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    HNB එක paypal support කරන එක මේ ලගකදී නැවැත්තුව කියල thread දාගෙන අඩ අඩ හිටිය නේද..
    දැන් ආයෙ අවුලක් නැද්ද ?
    අනේ මන්ද මම දැක්කේ නෑ බන්..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha