එලස් තොරතුරු වලට මම වයස ඇහුවේ කොරෝනා වල ප්රෙතිෂක්තිය නිසා දැනගන්න
විසිට් අපු ජොබ් නැති සෙට් එකට ලංකා එමබසියෙන් කිසිම සැප එකක් නැද්ද ?
කොරෝනා කොහොමද හැදුනේ කියලා ?(කාගෙන්ද කාගෙන්ද කින්ද මන්ද විසතර හෙව්වාද )
කොරෝන හැදෙන්නේ කොහොමද කියල කියන එක මෙහෙමයි කියල විස්තර කරන්න බැහැ ,
එක පට්ට සංකීර්ණ උත්තරයක් වෙනවා ,.අර කුබියෝ උන් කරපු කොරෝනා ඇඩ් එක බැලුවද එකේ තියනවා 90 % ඇත්ත විස්තරේ ,
හැමෝටම වැදගත් වෙන හින්දා ටිකක් කියන්නම් ..
අපි තරම් පරිස්සන් උන් උන් මම හිතන්නේ මෙහෙ හිටියේ නැහැ ( අපි කිව්වේ අපේ villa ( ලොකු ගෙයක් කාමර 4 ක් ) එකක 3 දෙනෙක් - එක kitchen එකයි bathroom 3 ) ...එලියට වැඩිය යන්නෙත් නැහැ , ගියත් marsk ,දල,gloves දාලා ,sanitizer එක සාක්කුවේ දාගෙන තමා super market යන්නේ ගියොත් යන්නේ පයින් ( බස් තියනවා යන්නේ නැහැ බයට ) taxi වල යන්නේ නැහැ ගියත් ලංකාවේ taxi කාරයෙක් එක්ක ...
ගිහින් ආවත් ඇතුලට එන්න ඉස්සෙල්ලා ඇදුම් ගලෝල එළියේ තියලා ,බදු ගෙනාපු බැග් විසිකරලා pakat තියන ඒවාට sanitizer ගාල තමා ගන්නේ ...
එහෙම පරිස්සම් උන අපි 10 දෙනෙකුට හැදුණා ,දැන් හිතාගන්න පුලුවන්ද මේක හැදෙන විදිය හිතාගන්නත් බැහැ ,කිසි කෙනෙක් විස්වාස කරන්නත් බැහැ .....අපේ එකෙක්ට ගැස්ටික් උන හැදිලා බෙහෙත් ගන්න ගියා එතැනදී corona check කරලා ,
උට positive වෙලා ...පස්සේ අපි ඔක්කම check කලා 10 දෙනෙක් positive කොතැනදී හැදුනද ,කොහෙදිද දන්නේ නැහැ ..අදටත් ප්‍රශ්නයක් ...
එදා දුකට ඇස්දෙකෙන් කදුළු වැටුනේ පුදුම දුකකින් ...ඇයි මෙච්චර පරිස්සන් උන අපිට මෙහෙම උනේ කියලා ..
අඩපු දවසුත් තිබුණා ...
මට ආරංචි විදියට embassy එකෙන් කිසිම දෙයක් නැහැ උන් දොරවල් වහගෙන ඉන්නේ mail දැම්මත් ඉවසන්න කියනවා ..
උන් කරන්නේ මහා බලු වැඩ ...උන් හිටන්නේ නැහැ මේ අනාථ වෙලා ඉන්නේ අපේම රටේ උන් කියලා ..දෙවෙනි flight එකේ ගියේ pregnut ය කිව්වනේ ...මොන බොරුද ප්රෙග්නුට් 100 අනිත් උන් ඔක්කම උන්ගේ හිතවත් උන් සෙට් එකක් ..
මම දන්නා මගේ යාලුවෙක් ගියා උට කිසිම ඉහෙන් බහින රෝගයක් නැහැ ...ඌ කාටවත් යනකන් කිව්වේ නැහැ ..මොකක් හරි ගියේ contact එකකින් ගිහින් ..මට වව්නියාවේ නිරෝදයන වෙන ගමන් කෝල් කල contact එක කිව්වේ නැහැ ..
ඒ තරම් බලු වැඩ embassy එකේ කරනවා ...ඕන තරම් අසරණ ලෙඩ්ඩු ,මිනිස්සු ඉන්දැද්දී ...
වැඩි විස්තර පස්සේ වයස නම් අදාල උනේ නැහැ ,මෙන්ටලි එක කෙලින් තියාගෙන හිත ෆිට් එකේ තියෙන්නම ඕනේ,
කරපු ප්රෙතිකාර නම් මුකුත් නැහැ දවසකට 6 පාර්ක් විතර steam කලා ,tea ,විටමින් - c ,බිව්වා කොත්තමල්ලි ,සුදුලුනු බිව්වා පලතුරු ටිකක් කැව ( මෙහෙ පලතුරු ලාබයි එකයි ) හැබයි ..මේ මොන එකෙන් හොද උනාද කියල නම් දෙය්යෝ තමා ..
කතෝලික උන් අගමැ කිව්වා,බෞද්ධ අය පිරිත් ඇහුවා ....එතනිනුත් 50 % පිහිට ලැබුණා කියලනම් ඉස්තිරයි ..
ගොඩක් suger ,pressure ,ශ්වසන අබාධ ,වෙන ලෙඩ තියෙන උන්ට අමාරු වෙනවා ..මෙහෙ goverment එකෙන් උපරිම treatment කරනවා ...............................සමහර විස්කි බීපු උනුත් හිටියා අපේ නෙමේ වෙන උන් ...
ජය වේවා