PCR Positive වුණාට ලෙඩ පාටක්වත් නෑනෙ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya

    May be an image of one or more people and text


    ගොඩක් අය හිතාගෙන ඉන්නවා Covid 19 රෝග ලක්ෂණ නැත්නම් බය වෙන්න දෙයක් නෑ කියලා. PCR Positive වුණාට ලෙඩ පාටක්වත් නෑනෙ කියල ෆන් එකේ ඉන්නවා. Test එක හෑල්ලුවට ගන්නවා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. කාට කාටත් තේරෙන්න කියන්නයි මේ යන්නෙ.

    Covid 19 පැතිරී යාමේ වැඩිම අවදානම තියෙන්නෙ රෝග ලක්ෂණ පෙන්වන්න කලින්. කොයි වයිරස් රෝගයත් එහෙමයි. මොකද වයිරස් හැදිලා තියෙන්නෙ ගුණනය වෙන්න. රෝග ලක්ෂණ පෙන්වන්නෙ අපේ සිරුර ගැටලුවක් තියෙන බව හඳුනාගෙන ඒකට එරෙහිව සටන් කරන්න පටන් ගන්න නිසා.
    ඇඟට ඇතුළු වුණ ගමන් වෛරස් එකට කරන්න දේවල් ගොඩක් තියෙනවා. ප්‍රධානම දේ තමයි අපේ සෛලවලට ඇතුළු වෙලා ඒවා hijack කරන එක. ඊට පස්සෙ වෛරස් එකේ කොපි පෝලිමට හදන්න ඒ සෛල පොළඹවනවා. ඇඟ ඇතුළෙ තියෙන වෛරස් ප්‍රමාණය ඒ විදිහට සිය දහස් වාරයකින් වැඩි කරගන්නවා.
    ඇඟ මේ කිසිම දෙයක් හඳුන ගන්න කලින්ම ඇඟ ඇතුළෙ පැළපදියම් වෙලා, සෛල hijack කරලා, වැඩිපුර වෛරස් බබාලා හදන්න සලස්වලා, ඒවා පතුරුවා හරින්නත් පටන් ගන්න එක තමයි Covid 19 වෛරස් එකට තියෙන එකම විනෝදේ. ඉතින් ඒ කාලෙ තමයි වෛරස් එක උපරිම ශක්තියෙන් ක්‍රියාත්මක වෙන්නෙ. රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා කියන්නෙ දැනටමත් සිරුර සටන් කරන්න පටන් අරන්. ඒ වෙලාවෙ තියෙන වෛරස් එක ඇත්තටම ටිකක් දුර්වලයි.
    කැස්ස, කිවිසුම්, හොටු ගැලීම වගේ දේවල් නැති එකෙන් වාතය හරහා දුරකට පැතිරෙන එකේ අඩුවක් වෙන්න පුළුවන්. හැබැයි Covid 19 වැඩිපුරම පැතිරෙන්නෙ තමන්ගෙ නහය, කට තමන්ගෙම අතින් අල්ලලා, තව තැනක් ඇල්ලුවාම ඒ හරහායි. ඒ ක්‍රමයට පැතිරීම රෝග ලක්ෂණ නැතිකොට පවා හොඳටම සිදු වෙනවා. රෝග ලක්ෂණ නැති කෙනෙක් වුණත් මාස්ක් දාන අතරෙම නිතර අත හෝදන්න, sanitizer දාන්න ඕන අන්න ඒ නිසා.
    තව දෙයක්, දන්නවාද Covid 19 එකට ඇත්තටම අපිව මරණ එක පාඩුයි කියල? සතියක් දෙකක් production එක තියාගෙන ඉඳලා, වෛරස් බබාලා පුළුවන් තරම් හදාගෙන, ඒ ටික පුළුවන් තරම් තැන්වලට පතුරවලා යන්න තමයි ඒකට ඕන. කලින්ම මැරුණොත් අපේ ඇඟට අනුයුක්ත කරපු වෛරස් නියෝජිතයන්ට target කවර් කරන්න බැරි වෙනවා.

    Covid 19 රෝග ලක්ෂණවල ප්‍රධානතම සාධකය සෙම. සෙම හැදෙන්නෙ සටන් කරලා විනාශ වුණ සුදු රුධිරාණුවලින්. සෙම උගුරෙ සහ පෙනහළුවල හිර වුණාම කැස්සත්, නහයෙ හිර වුණාම හෙම්බිරිස්සාවත් හැදෙනවා. මේ දේවල් සිද්ධ වෙන්නෙ ඒ සෙම ටික ඉක්මනින් සිරුරෙන් පිට කරන්න.
    ඒත් හදා ගත්ත වෛරස් බබාලා සේරම ටික ඒ හරහා ඉක්මනට පැතිරෙනවා. ඒ නිසා සෙම ගොඩක් හැදෙන එක වෛරස් එකට මාරම වාසියි. ඉතින් නැති යකෙක් පෙන්නලා ඇඟ බය කරනවා. මේක කරන්නෙ කාලයක් හැංගිලා ඉඳලා එකපාර එළියට එන එකෙන්. එක පාරටම බය වුණාම ඇඟත් සුදු රුධිරාණු ගොඩක් සටනට එවනවා.
    හැබැයි වෛරස් එකේ පිටත ආවරණයක් තියෙනවා පලිහක් වගේ. ඉතින් ඒක විනාශ කරන්න ගිහින් සුදු රුධිරාණු සෑහෙන මැරෙනවා. ඇඟ හිතන්නෙ ඇත්තටම සටන් කරල මැරෙනවා කියල. ඉතින් උණ එහෙම වැඩි වෙලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය උපරිම alert එකට ගේනවා.
    වෛරස් එක මේ සේරම කරන්නෙ වැඩිපුර සෙම හදා ගන්න. ඒ හැදෙන සෙමවලට වෛරස් එක ඇතුළු වෙලා ඒ හරහා පැතිරෙනවා. අපේ ඇඟ අන්දලා ලස්සනට වැඩ සේරම කරගන්න හැටි පේනවා නේද? හැබැයි සමහරුන්ගෙ ඇඟවල් නම් ගොනා හැරෙනකොටම තේරුම් ගන්නවා. ඉතින් බොරුවට සුදු රුධිරාණු එවාගෙන කලබල වෙන්නෙ නැහැ. සන්සුන්ව ඉඳගෙන හෙමීට සුද්ධෙ දෙනවා. රෝග ලක්ෂණ නැතිවම ලෙඩේ හොඳ වෙනවා.
    ඉතින් අපි මැරෙන්නෙ ඇයි? ප්‍රධානතම හේතුව අපේ ඇඟ මෝඩ වෙන එක. උවමනාවට වඩා හදන සෙම පෙනහළුවල පිරිලා හුස්ම ගන්න අමාරු වෙනවා. ඒකෙන් ලේවල ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙනවා. අන්තිමට ඇඟට පණ නැති වෙලා තියෙන අනිත් ලෙඩ උත්සන්න වෙනවා. අවයව අක්‍රිය වෙනවා. ඒ එක විදිහක්.
    තව විදිහක් තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය උවමනාවට වඩා alert වෙන එක. Alert වැඩි වුණාම check කෙරිලි අඩුයි. මොකා දැක්කත් කෙලලා දානවා. ඔන්න ඔය විදිහට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේම සෛල විනාශ කරන්න ගන්න එක තමයි රෝගීන් මැරෙන අනිත් හේතුව. මේ නිසා ඇත්තටම Covid 19 උත්සන්න වුණ ගමන් ප්‍රතිශක්තිකරණය අඩපණ කරන එක බොහෝම සාර්ථකම ක්‍රමයක්.
    ඕන්න ඕකයි කතාව. ඉතින් රෝග ලක්ෂණ නැතිකොට පවා Covid තියෙන එක ගැන අපි ගොඩක් බය වෙන්න ඕන. ඒ නිසා පැනයට පිළිතුර අනිවාර්යයෙන්ම ඔව්.
    👍

    වෛද්‍ය රවීන්ද්‍ර උඩගමගේ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බය වෙලා බම්බු ගහගන්නද බං? අවධානයෙන් හිටියා නං හරි. නැත්තං බයටම මැරෙයි.
     
    • Like
    Reactions: Ozone4