PDF එකක් edit කරන්න..........

Dec 8, 2011
128
19
0
PDF එකක් edit කරන්න
:D:D:D:D:D
1 ක්‍රමය

වැඩි කතා නැතුව මුලින්ම කියන්නම් PDF එකක් සුළුවෙන් edit කරන්න ඕනි නම් online කරගන්න පුළුවන් site එකක් ගැන. Register වෙන්න ඕනිත් නෑ ඒත් මේ site එකේ register වෙනවනම් තමන් edit කරන PDF file දවස් 14 ක් වගේ ඒ server වල තියා ගන්නත් පුළුවන්. ඒ නිසා එක පාරම edit කරන්න ඕනිත් නෑ. වෙලාව තියන විදියට document එක edit කරන්න පුළුවන්.

සුළුවෙන් කියල විශේෂයෙන් කිව්වේ edit කරන්න යද්දී සීමාවල් තියන නිසා. ඒත් තමන්ට ඕනි පොඩි කොටසක් හංගන්න, අකුරු පොඩ්ඩක් එකතු කරන්න, අකුරු ටිකකට link එකක් දාන්න එහෙම නැත්නම් ඕනි නැති පිටු අයින් කරන්න වගේ පොඩි දේවල් කරගන්න පුළුවන්.

මේ link එක click කරලා PDFescape site එකට ගිහින් බලන්න.

2 ක්‍රමය

PDF එකක මුලික දත්ත (Meta data) වෙනස් කරන්න ඕනි නම් මේ software එක install කර ගන්න.

BeCyPDFMetaEdit (452KB )

මේකෙන් පුළුවන් වෙනව Title , Subject, Keywords, Create Date වගේ දේවල් වෙනස් කරන්න.

3 ක්‍රමය

සැහෙන්න Text විතරක් edit කරන්න තියෙනවනම් ලේසි විදියක් තමයි PDF එක word file එකක් විදියට convert කරලා ඕනි කරන දේවල් වෙනස් කරලා word එක නැවත PDF එකක් විදියට මාරු කරන එක. මේ ගැන මගේ කලින් ලිපි වල ලියල තිබුන.

PDF එකක් word file එකක් කරන්න මෙතනින් යන්න.

Word file එක නැවත PDF එකක් කරන්න මෙතනින් යන්න නැත්නම් මෙතනින් බලන්න.

4 ක්‍රමය

මේ තරම් වෙලා කියල දුන්නේ සරලව PDF එකක් edit කරන ක්‍රම නිසා දැන් කියල දෙන්නම් සංකීර්ණව PDF එකක් edit කරන්නේ කොහොමද කියල.

Inkscape (33MB)කියන මෘදුකාංගය බාගන්න site එකට ගිහින්. මේ මෘදුකාංගයෙන් පුළුවන් වෙනවා PDF එකක ඇතුලත තියන ඕනිම දෙයක් select කරන්න, වෙනින් තැනකට මාරු කරන්න එහෙම නැත්නම් මකල දාන්නත්. ඒ වගේම අලුතින් අකුරු එකතු කරන්නත්.

කලින් ලියපු ක්‍රම වලට වඩා මේ software එකින් වඩාත් පහසුවෙන් PDF එක edit කරන්න පුළුවන් වෙනවා.
 

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    bump3.jpg