Pegomastax africanus

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    බළලෙක් තරම් ඩයිනොසෝරයේක්


    i6b980.jpg



    ලෝකයේ කුඩාම ඩයිනොසෝරයාගේ ඝනි භවනය වු සිරුර පසුගියදා ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පොසිල එකතුවක තිබි හමුවුණා 1960 ගණන්වලදි දකුණු අප්‍රිකාවේදි කල කෑණිම්වලින් හමුවු මෙම ඩයිනොසෝරයා බළල් පැටවකුට වඩා විශාල නැහැ මේ සතා ඩයිනොසෝර් පැටවකු නොව සම්පුර්ණයෙන් වැඩුනු සතෙක්. ලේ බොන වවුලෙකුගේ මුහුණ වැනි මුහුණක් ඌට තිබෙනවා. මිට වසර මිලියන 200 ට පෙර මේ සතා දකුණු අප්‍රිකාව පුරා ඇවිද යන්නට ඇති. උගෙ ඇටසැකිල්ල ගිරවකුගේ ඇටසැකිල්ල හා සමානය.

    33aszmw.jpg


    අඟල් 3 ට වඩා දිගින් අඩු උල් දෙකක් මේ සාතාගේ හිසේ පිහිටා තිබුණා. ඒ ආත්මාරක්ෂාව පිණිසයි. සමහර විට තම වර්ගයාගේ ගැහුණු සතුන් කැඳවා ගැනිම සඳහා හෝමෝන නිකුත් කිරිමට මේ කුඩා උල් පාවිච්චි කරන්නට ඇති. 'පෙගෝමැස්ටැක්ස්' ලෙස නම් කෙරි ඇති මේ වාමන ඩයිනොසෝරයන් ඉතා ශක්තිමත් හකු පාඩා සහිත සත්ත්ව කොටසක්. මේ සත්ත්ව පොසිලය හමුවුණේ 1960 දි. එහෙත් මෑතක් වන තුරු එය හඳුනා ගත නොහැකිව පැත්තකට දමා තිබුණා. මේ ඩයිනොසෝර විශේෂය ශාක භක්ෂකයන් බවට හඳුනාගෙන තිබුණත් උගේ මුඛය සහ දත් දෙස බැලිමේදි පෙනි ගොස් ඇත්ත්තේ උන් මාංස භක්ෂනයද කර ඇති බවයි මේ සතුන් සිටි කාලයේදි ලෝකයේ මහද්වීප වලින් වැඩි කොටසක් එකට එකතුවී පැන්ජියාව නමැති තනි මහද්වීපය සෑදි තිබුණා. පසු කාලයේදි එනම් මේ සත්ව කොට්ඨාසයේ අවසන් යුගයේදි පැන්ජියාව කැබලි වි මහද්වීප වශයෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවලට පාවී ගියා. ඒ උතුරේ මහද්වීප සහ දකුණේ මහාද්වීප ලෙසයි. එහිදි මේ කුඩා ඩයිනොසෝරයන් ඒ ප්‍රධාන මහාද්වීප දෙක අතර බෙදි ගියා.


    මේ බව හෙලිවී තිබෙන්නේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් සෙරෙනෝ කළ පර්යේෂණයක් අනුවයි


    පගාව බාර ගණු ලැබෙ:lol: