pen drive එකේ file සගවා තබමු ...

rasithaudayanga

Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    pen drive එකේ file සගවා තබමු ...

    pen drive එකේ file සගවා තබමු ...
    ඉතින් මේ ක්‍රමය තමන්ගේ වටිනා ෆයිල් පෙන් drive වල දමාගෙන තියෙන අයට වැදගත් වේවි යම්තාක් දුරට ...මොකද අපි මොනවා කරලා හැන්ගුවත් ..ඒවා සොයන්න අලුත් සොෆ්ට්වෙයා ඕන තරම් තියෙනවා...
    ඒවා එහෙම වුනත් ෆයිල් ටික නිකන්ම පෙන් එකේ තියෙනවට වඩා මේවගේ ක්‍රමයක් භාවිතා කලොත් පොඩි හරි ආරක්ෂාවක්‌ ලැබෙනවා ..
    මෙහෙමයි කරන්නේ
    මුලින්ම තමන්ට සැගවීමට අවශ්‍ය ෆයිල් ටික පෙන් drive එකට කොපි කරගන්න...
    ඊළගට මේ ෆයිල් ටික එකතු කරලා executable ෆයිල් එකක් හදාගන්න ඕන ..
    ඒක කරගන්ඩ පොඩි සොෆ්ට්වෙයා එකක් තියෙනවා නොමිලයේ බාගන්න පුළුවන් ..
    මේක තමයි lockngo , තව ඒවත් ඇති ..
    මුලින්ම lockngo වල exe ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ..

    මෙන්න ලින්ක් එක
    http://download.cnet.com/Keynesis-Lockngo/3000-2092_4-10353559.html

    ඊට පස්සේ lockngo.exe ෆයිල් එක තමන්ගේ සැගවීමට අවශ්‍ය ෆයිල් ටික තියෙන පෙන් drive එකට කොපි කරගන්න
    දැන් lockngo.exe ෆයිල් එක මත ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න
    මෙහිදී අපිට නොමිලයේ ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ ඩිමෝ වර්ෂන් එකක් නිසා. පාස්වර්ඩ් එකක් දමා ගැනීමට බැහැ . ඒ නිසා මෙතනින් ok මත ක්ලික් කරන්න. එවිට lockngo වලින් සැගවීමට අවශ්‍ය සියලු ෆයිල් ටික එකතුකරගෙන තනි lockngo.exe ෆයිල් එකක් හදාගන්නවා..
    දැන් පෙන් ධ්‍රයිව් එකේ ඉතුරුවෙලාතියෙන්නේ තනි lockngo.exe ෆයිල් එකක් විතරයි ..
    දැන් මේ lockngo.exe එක සගවන්නට තමයි යන්නේ.....
    මුලින්ම windows key + r ගහල program run මතට ගොස් එහි open මත cmd යැයි ටයිප් කර ok කරන්න...
    එතකොට කවුරුත් දන්න කියන කමාන්ඩ් ප්‍රොම්ට් එක එයි
    එහිදී මුලින්ම පෙන් ඩ්‍රයිව් එක තියෙන ඩ්‍රයිව් එකට මාරු වන්න. මගේ නම් g: එකේ තමයි පෙන් ඩ්‍රයිව් ඊට පස්සේ
    attrib +s +h +r lockngo.exe කියලා ටයිප් කරලා එන්ටර් කී එක ඔබන්න.

    දැන් වැඩේ ඉවරයි ... අපහු ගිහිලා බලන්නකෝ පෙන් ඩ්‍රයිව් එකේ මොනවද තියෙන්නේ කියල.. ඒක බලලා මොනවද තියෙන්නේ කියල ..
    බලලා මතක ඇතුව මටත් කියන්න හොඳේ ...

    මේක මගේ නිර්මාණයක් නං නෙමේ..
    Mage yaluwekge FB wall eken Gaththe