ගොඩක් ස්තුතියි බ්‍රෝ..
ඔයා කිව්ව විදියට ආලෝක අංශු යවන්නෙ මේ එක්ස්පෙරිමන්ට් එකේදි විතරයි නේද?
අපි සාමාන්‍ය විදියට ඇසෙන් බලන්න ආලෝක අංශු යවන්නෙ නැහැනෙ. ඒකට වැදුන අංශු රිෆ්ලෙක්ට් වෙලා ඇවිත් ඇසේ වැදීමෙන් නේද අපි බලන්නෙ.
මෙහෙම ඇහුවෙ කට්ටිය මේක අනිත්‍ය සංකල්පයට ගලපන්න හදන නිසා හරියටම දැන ගන්න.
measurement එකක් ගන්න හැම experiment එකකදිම වගේ ආලෝකය හරි මොනා හරි දෙයක් පාවිච්චි කරන්න වෙනව නැතුව බෑනෙ බං. ඒත් ඉතිං ආලෝක අංශුවකිං ගැහුව කියල පුටුවක් හෙල්ලෙන්නෑනෙ. ඉතිං පුටුවෙ පිහිටීමට ගම්‍යතාවෙට ඕක අදාල කරන්න බෑ. හැබැයි ඒ යවන ආලෝක අංශුව වදින පුටුවෙ තියෙන ඉලෙක්ට්‍රෝනයකට වගේ නං අදාලයි

ඇහං බලද්දි ආලෝකය එන්නෙත් වස්තුවෙ ආලෝකය වැදිලනෙ. එතකොටත් ඕක වෙනව තමා. ඒ වුනාට ඔහොම අමුතු දේවල් වෙනව දකින්න අපිට atomic level එකට පේන්නෑනෙ. අපි අංශු යවන්න ඕන්නෑ නිකං ඉරෙං එන ෆෝටෝනයක් ගිහිල්ල ඉලෙක්ට්‍රෝනෙක වැදුනත් ඒත් බලපෑමක් තියෙනව.
ඔයිට වඩා අද්භූත සිද්ධියක් වෙන්නෙ quantum erasor experiment කියල එකක. ඒකෙ ඉලෙක්ට්‍රෝනෙ යන්නෙ මොන හිලෙංද කියල measure කල්ල measurment එකේ විස්තර ටික මකල දානව අපිට දැනගන්න බැරිවෙන්න. මකල දැම්මට පස්සෙ measure කලත් වැඩක් නෑ ඒත් මකල දැම්ම දැන් ගියෙ කොහෙංද කියල බලන්න බෑ කියල දැනගෙන වගේ ආයෙ අර රටාව screen එකේ පෙන්නව.
හොඳම සිද්ධිය අංශු තිරේ වැටුනටත් පස්සෙ ගිය හිල මොකක්ද කියල බලන්න try කලාම. අනාගතේ වෙන්න තියෙන දේ දැනගෙන වගේ අංශු විදිහට හැසිරෙනවද තරංග විදිහට හැසිරෙනවද කියල තීරණය කරනව වගේ සිද්ධියක් වෙනව. හේතුඵල වාදය අනාගතේ ඉඳන් අතීතෙට යන සිද්ධියක් ඒකෙ වෙන්නෙ.
අනිත්‍යට නං ගැලපෙනවද හරියටම කියන්න දන්නෑ අනිත්‍යය කියන එකෙං එක එක බණ වල එක එක විදිහෙ අදහස් දෙනවනෙ ඉතිං මොකක්ද කියල දන්නෑ







කැමති නැති වුනේ සම්භාවිතා කියනවට 

