PERADENIYA STUDENTS' UNION·FRIDAY, 9 DECEMBER 2016

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    විනය පාලක හා විනය ආරක්ෂක නිළධාරීන් සම්බන්ධයෙන් නැවත ගැටළුකාරී මතභේදාත්මක වාතාවරණයක් සහ ශිෂ්‍ය ප්‍රජාව අතර දැඩි විරෝධයක් මේ වන විට ඇති වී තිබේ එයට හේතුව 2016-12 -08 දින පශු වෛද්‍ය පීඨයේ දෙවන වසර කණ්ඩායමට විනය පාලක ඇතුලූ කිහිප දෙනෙකුගේ අමානුෂීය පහත් මැදිහත් වීම වේ.
    අප ඉතා දිගුකාලයක් තිස්සේ විනය පාලකගේ හැසිරීම සම්බන්ධව ඔබ තුමන්ට කරුණු ඉදිරිපත් කර ඇති අතර අප සහභාගී වන සාකකච්ජා වලට ද ඔහු සහභාගී නොකරන ලෙස අප ඉල්ලා සිට ඇත නමුත් ඒ සම්බන්ධව විශ්වවිද්‍යාල පරිපාලනය ලෙස තවමත් ක්‍රියාමාර්ග ගෙන නොමැතග එසේම විනයාරක්ෂක නිළධාරීන් ස්වරුපයෙන් රාජ්‍ය බුද්ධි අංශය විශ්වවවිද්‍යාල වලට මැදිහත් වි ශිෂ්‍යයන්ගේ ඉදිරිපෙළ නායකයින් ක්‍රියාකාරී සාමාජිකයින් සියල්ලන්ගේම තොරතුරු බුද්ධි අංශවලට ලබාදීම විනය ආරක්ෂා කිරීමට යැයි කියන නිළධාරීන්ගේ එකම කාර්යය වන අතර අතර එසේ නොවන්නේ නම් පශු වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ට අමානුෂික ලෙස කායික හා මානසික හිංසනයට ලක් කිරිම සිනා මුසු මුහුණකින් ඔවුන්ට බලා සිටිය හැකි ද?
    ඊයේ දවස (2016-12-08) තුළ විනය පාලක හා පශු වෛද්‍ය පීඨයේ උන්මත්තක ආචාර්ය වරියක් සහ තවත් පිරිසක් මැදිහත් වෙමින් දෙවන වසරේ ශිෂ්‍යයන් පිරිසක් අමානුෂික ලෙස කායික හා මානසික පීඩනයට ලක් කර තිබේග දෙවන වසර මුළු වසර කණ්ඩායම ම ශාලාවකට ගෙන ගොස් තිර යොදා ගනිමින් කාමරය ආවරණය කර ජංගම දුරකතන ක්‍රියා විරහිත කරන ලෙස බලකර ඒවා එකතු කර ගනිමින් සියළුම ශිෂ්‍යන්ට තර්ජනය කර ඇතග එතනින් නතර නොවූ මෙම අවමානසික තත්වයෙන් පෙළන පුද්ගලයින් පැය එකහමාරකටත් වඩා වැඩිවේලාවක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත් උස්සාගෙන සිටින ලෙස බල කරමින් දෙවන වසර ශීෂ්‍යන් බල කරමින්ල නවක වසර ශිෂයන් ඉදිරියේ දණ ගස්සමින් හිස තල්ලූ කරමින් පහර දෙමින් පරුෂ වචනයෙන් බැණ වැදී ඇතග එසේම සියළුම ශිෂ්‍යාවන් කලිසම් ඇදිය යුතු බවත් එම ශිෂ්‍යාවන් මෙලෙස සිටීම ‘බඩු කෑලි වගෙ’’ වැනි අමානුෂිකල අවරසික පහත් වචන භාවිතා කරමින් දෙවන වසර කණ්ඩායමේ ආත්ම ගෞරුත්වය පළමු වසර කණ්ඩායම ඉදිරියේ කෙලසමින් මෙම පහත් නින්දිත ක්‍රියාවලිය සිදු කර ඇත එසේම මෙම විනය ආරක්ෂක නිළධාරින් මෙම සිදු වීම නිර්ණය සදහා පැමිණි අතර ඔවුන් සිනාමුසු මුහුණින් යුතුව මෙම සිදු වීම දෙස බලා සිට ඇත එම ක්‍රියාවලිය වැළැක්වීම සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ඔවුන් විසින් ගනු ලැබ නොමැත.
    මෙවැනි හැසිරීම් විනය පාලකගේ සහ විනය ආරක්ෂක නිළධාරීන් සිදු කල ප්‍රථම අවස්ථාව නොවේග විනය පාලක වරයා කිසිදු කාන්තා නියෝජනයක් නොමැතිව ඉංජිනේරු පිඨ ශිෂ්‍යාවන් සිටින එදිරිවීර සරච්චන්ද්‍ර නේවාසිකාගාරයේ ඇතුළට ගොස් ඉංජිනේරු ශිෂ්‍යාවන්ට බැණ වැදී ඇත ඔහු පවසන පරිදි විනය පාලක වරයාට කාන්තා නේවාසිකාගාරවල කාමර වලට ද අවශ්‍යනම් යාමට හැකියාව ඇතග නමුත් අප අදහස නම් ඔහුගේ ක්‍රියා කලාපයට අනුව පෙනී යන්නේ ඔහු මානසික වියවුලකින් පෙළනෙ බවයි.
    මෙම කාරණය විනය පාලක වරයාගේ හෝ එය ආචාර්යවරියගේ වියුක්ත ක්‍රියාවලියක් ලෙස අප නොදකින අතර නවක සිසුන් පැමිණෙන කාල වකවානුවේ කුමනහෝ අර්බුදයක් විශ්වවිද්‍යාලය තුළ ඇති කිරීමට ආණ්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය එකතුවී දරන උත්සාහයේත එක පියවරක් ලෙස අප දකීග මෙහි අරමුණ නවක අනුරූපිතා ක්‍රියාවලිය අඩපන කරමින් ශිෂ්‍යයන් අතර පවතින එකමුතුකම සමගිය නැති කරමින් ශිෂ්‍යයන් භේද කරමින් පාලකයන්ගේ ප්‍රතිපත්ති වලට එරෙහි වන ශිෂ්‍ය ව්‍යාපාරය භේද භින්න කිරීමයිග එම නිසා අප මේ සදහා කිසි විටක ඉඩ ලබානොදෙන අතර මෙම උන්මන්තක අවමානුෂික විනය පාලකවරයා අද සිට විනය පාලක ලෙස අප පිළි නොගන්නා අතර කිසිදු ශිෂ්‍ය කටයුත්තකයට ඔහු මැදිහත් නොකරන ලෙස ඉල්ලා සිටිමුග එසේම ඔහුගේ විනය සම්බන්ධව විශ්වවිද්‍යාල පරිපාලනය ලෙස ඔබතුමන් ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි දැඩි අවධානයෙන් යුතුව බලාසිටිමුග එසේම මෙම පහත් ක්‍රියාව සදහා මැදිහත් වූ ආචාර්යවරු සරසවියට උචිත නොවන අතර ඔවුන් ශිෂ්‍යයන්ගේ ජීවිත වලට මග පෙන්වීමට සුදුසු නොවන බවද තරයේ කියා සිටිමු.
    එසේම මෙම ක්‍රියාවලිය මර්වින් සිල්වා මහතා සමෘද්ධි නිළධාරියෙකු ගස් බැදීමත් කුරුණෑගල ගුරුවරියක් දණ ගැස්වීමේ ක්‍රියාවලියත් අතර කිසිදු වෙනසක් නොමැති අතර ශිෂ්‍යයන්ගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංගනය කිරීමක් වන අතර මීට එරෙහිව පියවර ගැනීමට අපි කටයුතු කරමු ගඑසේම මෙම සිදු වීම දෙස සිනාමුසු මුහුණකින් බලා සිටි විනය ආරක්ෂක නිළධාරීන් විනය ආරක්ෂා කිරීමට උචිත නෙවන බැවින් ඔවුන් කිසිදු ශිෂ්‍ය කටයුත්තකට මින් පසුව මැදිහත් නොකරන ලෙෂත් ඔවුන් විනයාරක්ෂකනිළධාරීන් ලෙස පිළි නොගන්නා ලෙසත් ප්‍රකාශ කර සිටිමුග එසේම මෙම පහත් ක්‍රියාව සම්බන්ධයෙන් උපකුලපතිතුමා ඇතුළු විශ්වවිද්‍යාල පරිපාලනය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි අප දැඩි අවධානයෙන් යුතුව බලා සිටිමු.


    :lol::lol::lol::lol::lol::lol:
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මොකද්ද සිද්දිය
    ජෙටියෙන් කියපන්කෝ
    ජෙප්පෝ ටික අතුගාල දන්න ද හදන්නේ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,334
    6,403
    113
    කාලකන්නි මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පාඩුවේ ඉගෙන ගන්නේ නැතිව, රෙද්ද විප්ලව කරන්න යනවා. ඔකුන්ගේ වැරද්දක් කරනවා නම් ශිෂ්‍ය බාවේ එක සැරෙන්ම අත්හිටුවලා, ඊට පස්සේ Z ලකුණු තියෙන ශිෂ්‍යයා ව ගන්න තියෙන්නේ
     

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    Private Campus wala oya eka labbakwath naa.
    Inna ewn hariyata iganagena degree eka gannawa.
    Government ewn campus yanne iganaganna nemeyne balan yaddi.:lol::lol::lol::lol::lol::lol: :lol::lol:
     
    • Like
    Reactions: DjAtrocity

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කාලකන්නි මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පාඩුවේ ඉගෙන ගන්නේ නැතිව, රෙද්ද විප්ලව කරන්න යනවා. ඔකුන්ගේ වැරද්දක් කරනවා නම් ශිෂ්‍ය බාවේ එක සැරෙන්ම අත්හිටුවලා, ඊට පස්සේ Z ලකුණු තියෙන ශිෂ්‍යයා ව ගන්න තියෙන්නේ

    :yes:

    jeppo elewwanam piliwelata igena gani

    :yes:

    Private Campus wala oya eka labbakwath naa.
    Inna ewn hariyata iganagena degree eka gannawa.
    Government ewn campus yanne iganaganna nemeyne balan yaddi.:lol::lol::lol::lol::lol::lol: :lol::lol:

    government; private ona thanaka ohoma thama. government wiplawa strike karanna yanawa private wada :baffled::baffled::oo: